යතුරු පැදියක් ජලය මතින් ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනකුගේ අවධානය යොමුව තිබෙනවා.
මෙලෙස දිය මත යතුරු පැදිය ධාවනය කරන්නේ Luca Colombo නමැති සුපිරි ධාවකයායි.
අදාල වාර්තාව මොහු පිහිටුවන්නේ පසුගිය වසරේදීයි.
කෙසේ වෙතත් එහි ඇති සුවිශේෂත්වය හේතුවෙන් මේ වනවිට අන්තර්ජාලය පුරා එම වීඩියෝව විශේෂ කතාබහකට ලක්ව තිබෙනවා.
ජල මත ලිස්සා යාමට භාවිත කරන උපකරණ යතුරු පැදියට එක්කර තිබුනද එතරම් වේගයකින් සමබරතාව පවත්වාගනිමින් මෙලෙස Luca Colombo විසින් වැව තරණය කර ආකාරය සියල්ලන් පුදුමයට පත්කිරීමට සමත්වූවා.