"ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමට පෙරත් තර්ජනය කර මුදල් ලබාගෙන.."
"දෙමාපියන් ප්‍රේමයට විරුද්ධ වෙලා
තරුණියක සමඟ අඹුසැමියන් ලෙස හැසිරී එම ලිංගික දර්ශන ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහැර ඇති තරුණයකු වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 2016-04-20 දින සිට වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් ඇය සමඟ අඹුසැමියන් ලෙස එක්‌වී තිබෙන බවයි සදහන් වෙන්නේ.
එම අවස්‌ථාවල ලිංගික දර්ශන සැකකරු ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර තිබෙනවා.
මෙම ප්‍රේම සම්බන්ධයට තරුණියගේ දෙමාපියන් විරුද්ධ වීම නිසා තරුණිය සිය පෙම්වතා වූ සැකකරුට මේ බව කියා සම්බන්ධය අවසන් කරලා.
එහෙත් සැකකරු ඇයත් සමඟ අඹුසැමියන් සේ සිටි දර්ශන අන්තර්ජාලයට මුදා හරින බව ද දෙමාපියන්ට හා ඇයගේ හිතවතුන්ට ද බලා ගැනීමට සලස්‌වන බව ද කියමින් වරින්වර ඇයගෙන් මුදල් ඉල්ලන්නට පටන් ගෙන තිබෙනවා.
ඔහුගේ බිය ගැන්වීම මත ඇයගේ ආත්තම්මාට පමණක් මේ බව කියා ඇගේ ඒ.ටී.එම්. කාඩ්පතින් මුදල් ලබාගෙන ඔහුට ලබා දීමට අදාළ තරුණිය කටයුතු කර තිබෙනවා. ණයට ද මුදල් ගෙන ඔහුට දී තිබෙන අතර එහෙත් ඔහු ඉන් සෑහීමකට පත් නොවී ඇය බිය ගන්වමින් වරින්වර කරන කරදරයෙන් බේරීමට ආත්තම්මාගේ ඒ.ටී.එම්. කාඩ්පත හා රහස් අංකය ද ලබාදී තිබෙනවා. ඒ වනවිට ඔහු ඇයගෙන් ලබාගෙන ඇති මුදල රුපියල් 11,29400.00 කි.
ඒ බව නොසලකා සැකකරු ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති බව දැන ගත් ඇය සිය මවුපියන්ට සියලු විස්‌තර පවසා 2018.04.05 දින මවුපියන් ද සමග පොලිසියට පැමිණ පැමිණිලි කර තිබෙනවා.
ඒ හේතුවෙන් වෙන්නප්පුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ සිදු කරන බව පොලිසිය සදහන් කරනවා.