ක්‍රිකට් ලෝකයේ අලුත්ම වෙනස මෙන්න...
පන්දු 10යේ ඕවරයකුත් හඳුන්වා දෙයි...
උණුසුම් බව තවත් වැඩි වේවි....
එක් කණ්ඩායමකට පන්දු 100ක් සීමා වන නව ක්‍රිකට් තරඟ රටාවක් ලෝකයට හඳුන්වා දෙන්නට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය සුදානම් වනවා.
මේ තරඟ රටාවට අනුව පන්දු 6යේ සම්ප්‍රදායික ඕවර 15ක් සහ පන්දු 10යේ අවසන් පන්දුවාරයක් ඉනිමකට යැවිය යුතු වනවා.
මේ හරහා විස්සයි විස්ස තරඟ රටාවට වඩා උණුසුම් තරඟ රටාවක් බිහි කිරීම එංගලන්ත ක්‍රිකට් ආයතනයේ අරමුණයි.
පන්දු 100න් සියල්ල තීරණය කිරීම හරහා ක්‍රිකට් ක්‍රීඩාවට නව ආකර්ෂණයක් ලබා ගනිමින් ක්‍රීඩා තවත් ප්‍රචලිත කරමින් ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිටියට ගෙන්වා ගැනීම මෙහි අරමුණ බවයි වාර්තා වන්නේ.
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනයේ සියලු කොටස් කරුවන් මේ අදහසට අනුමැතිය ලබා දී ඇති අතර නගර 8ක් කේන්ද්‍ර කරගනිමින් 2020දී දේශීය තරගාවලිය එංගලතයේදී ආරම්භ කිරීමට ඔවුන් සැරසෙනවා.
කාන්තා තරගාවලියක්ද ඊට සමගාමීව පැවැත්වීමට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය සුදානම් වනවා.
2020 සිට 2024 දක්වා මේ තරඟාවලිය විකාශනය කිරීම සඳහා BBC ලෝක සේවය විකාශනය අයිතියද ලබාගෙන තිබෙනවා.