Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
අමාත්‍ය ධුරවලින් ඉවත් වූ දයාසිරි, ඩිලාන් සහ චන්දිම මහින්දානන්ද වෙනුවෙන් උසාවි එයි

- අමාත්‍ය ධුරවලින් ඉවත් වූ දයාසිරි, ඩිලාන් සහ චන්දිම මහින්දානන්ද වෙනුවෙන් උසාවි එයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,466 Views
ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (17) පෙරවරුවේ මුදා හැරියා.

අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මන්ත්‍රීවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇප කොන්දේසි සම්පුර්ණ කළ බවයි.

මේ අතර, මන්ත්‍රීවරයාට සහය පළ කිරීම සඳහා පසුගිය දා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර සහ චන්දිම වීරක්කොඩි මෙන්ම අනුරාධ ජයරත්න යන හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටීම විශේෂත්වයක්.

රජයේ මුදල් රුපියල් මිලියන 39 ක් අවභාවිතා කරමින් 2014 වසරේදී කැරම් බෝඩි සහ දාම් බෝඩ් තොගයක් මිළදී ගැනීමේ සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව මන්ත්‍රීවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර විත්තියේ නීතිඥයින් එහිදී කරුණු දක්වමින් කියා සිටියේ කැරම් හා දාම් බෝඩ් ගෙන්වන ලද සතොස ආයතනය සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති ආයතනයක් බැවින් පොදු දේපළ පනතට නොගැණෙන බවයි.

එම නීතිමය තර්ක පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න රුපියල් 35,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප දෙකක් මත සැකකරුව මුදාහරින ලෙස නියෝග කළා.

එහිදී මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය, විදෙස් ගමන් බලපත්‍රය ආගමන විගමන පාලකවරයා වෙත යොමු කිරිමට ද නියෝග කරනු ලැබුවා.

කෙසේ වෙතත්, කොළඹ මහා අධිකරණය මගින් විභාග වන වෙනත් නඩුවක් සඳහා මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය එම අධිකරණය භාරයට පත් කර ඇති බවයි එහිදී ඔහුගේ නීතිඥයින් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ. ඒ අනුව ඇප කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් වීම නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුව අද (17) පෙරවරුවේ ඊට අදාළ වාර්තා මන්ත්‍රීවරයාගේ නීතිඥයින් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහු මුදා හරිනු ලැබුවා.

ඔහුට සහය දැක්වීම  සඳහා පසුගිය දා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා සහ චන්දිම විරක්කොඩි මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න ඇතුළු පිරිසක්  අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  27 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  408 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  721 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,881 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  466 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  778 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  581 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  465 Downloads



Top 10 Commenters

Latest Comments

Top