හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (16) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන පසුව උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප හිමිවුණා.
නමුත් ඊයේ දිනයේ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිමට ඔහුට සිදුවුණා.
ඒ අනුව අද දිනයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද(17) ඇප මත මුදාහැර තිබෙනවා.