Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
ඔබත් ටැටූ ගහන්නට ආශාවෙන් නම් ඉන්නේ, මේ ලිපිය අනිවාර්යෙන් කියවන්න

- ඔබත් ටැටූ ගහන්නට ආශාවෙන් නම් ඉන්නේ, මේ ලිපිය අනිවාර්යෙන් කියවන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,778 Views
attoo එකක්‌ නොහොත් දීර්ඝ කාලීන ශරීර සිතුවමක්‌ කරගන්නට ඔබ අදහස්‌ කරනවා නම් එයට පෙර දැනගතයුතු යමක්‌... කෙටියෙන් කියනවා නම් ටැටූ එකක්‌ යනු වරක්‌ සමෙහි සිතුවම් කළ පසු මුළු ජීවිත කාලය පුරාවටම පවතින දෙයකි.

එබැවින් ඔබ එවන් දෙයක්‌ කර ගැනීමට ප්‍රථමයෙන් ස්‌ථිර වශයෙන්ම දෙවරක්‌ සිතා බලා තීරණයකට එළඹිය යුතුය. අද වන විට සමාජයේ විවිධ වෘත්තිකයන් ගෘහණියන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා Tattoo (ශරීර සිතුවම්) කර ගැනීම එක්‌තරා ලෙසකින් විලාසිතාවක්‌ බවට පත්වී හමාරය. එබැවින් Tattoo කලාව සම්බන්ධයෙන් නිවැරදි ක්‍රම හා නිවැරදිව සිදුකළ යුතු රටා (design) ගැන සෘජුවම දැනුවත් වීම ඉතා වැදගත් වේ.

සනී බන්සාලි ඉන්දියාවේ ප්‍රවීණ Tattoo ශිල්පියකු වන අතර Aliens tatoos නම් ආයතනයේ ප්‍රධානියා ද වේ. ඔහු සහ සමීර් කර්කානීස්‌ රූපලාවණ්‍ය හා ප්‍රතිසමණකාරී සැත්කම් මධ්‍යස්‌තානයේ ප්‍රධාන ශිල්පී හා හිමි කරු වන සමීර් කරකානීස්‌ යන වෘත්තීය ශිල්පීන් දෙදෙනා Tattoo එකක්‌ කර ගැනීමට අදහස්‌ කරන ඔබට දැන ගත යුතු කරුණු කිහිපයක්‌ සඳහන් කරයි එනම් Tattoo එකක්‌ යනු ජීවිත කාලය පුරාවට සමෙහි පවතින්නකි. එබැවින් එවැන්නක්‌ සිතුවම් කිරීමට පෙර දෙවරක්‌ සිතා තීරණය කළ යුතුවේ. එනම් සිතුවම් කිරීමට අදහස්‌ කරන රටාව (Design) සහ වර්ණ (colors) ගැන අවධානය යොමු කළ යුතුය. ඇයිද යත් වරක්‌ ඔබ tattoo එකක්‌ සමෙහි ඇතිකළ පසු නැවත එය තමන්ට රිසි සේ ඉවත් කිරීම ඉතා අපහසු හා ඉතාමත්ම මිල අධික ක්‍රියාවක්‌ නිසාවෙනි,
 
ඔබ සමෙහි සිදුකරන්නට අදහස්‌ කරන Tattoo රටාව සිදුකර අවුරුදු 10,20,30 ගතවූ පසු එය මුලින් කළ සිතුවමට රටාවට වඩා හාත්පසින්ම සමෙහි වෙනත් ස්‌වරූපයක්‌ ගෙන එනු ඇත. එනම් කාලයත් සමඟ ස්‌වභාවික ලෙස ඔබ වයසින් වියපත් වන විට සමෙහි සිදුවන රැලි වැටීම්, ඉරිතැලීම් හා සම එල්ලා වැටීම් හා සමගාමීව ඉතා විශාල වෙනසක්‌ එම tattoo එක හා ආශ්‍රිතව සිදුවනවා නොඅනුමානය. ඉන්දියාවේ ගෝවේ වෙරළ තීරයෙහිදී ඔබට Tattoo එකක්‌ කරගැනීම යනු නාන ඇඳුම් කට්‌ටලයක්‌ මිලදී ගැනීමට වඩා ඉතා මිල අඩු දෙයකි. නමුත් එය එසේ වූ පමණින් හොඳ දෙයක්‌ නොව, එවන් අනාරක්‌ෂිත ස්‌ථාන වල නුපුහුණු ශිල්පීන්ගේ බාල තාක්‌ෂණය සහ ප්ලාස්‌ටික්‌ මිශ්‍රිත අඩු මිල වර්ණ නොදැනුවත්කම මත ඔබේ සමට යොදා ගැනීම ඉතා අන්තරාදායක වේ. Tattoo එකක්‌ (ශරීර සිතුවමක්‌) කිරීම එක්‌තරා ලෙසකින් සමෙහි ශල්‍යකර්මයක්‌ කරනවා හා සමාන ක්‍රියාවලියකි, හරියටම එය කියනවා නම් සිතන්න ඔබ ශරීරයේ යම් ශල්‍යකර්මයක්‌ සිදුකළ පසු එකී වෛද්‍යවරයා ඔබට නියම කරන පසුකාලීන සුවය උදෙසා දෙනු ලබන උපදෙස්‌ මාලාව පිළිපැදීමට ඔබ නිරන්තරයෙන් බැඳී සිටී. ඒ හා සමානම එනම් ඔබ tattoo එකක්‌ කරගත් පසු එම පළපුරුදු වෘතීය ශිල්පියා ඔබට නියම කරන උපදෙස්‌ මාලාවද ඔබ නිරන්තරයෙන් පිළිපැදිය යුතුමය. ඔබ ඔහුගෙන් ලද උපදෙස්‌ අනුගමනය නොකර ඔබට රිසි ලෙස ඔබේ සමෙහි Tattoo එක සිදුකළ ස්‌ථානය නොසලකා හරින්නේ නම් එය ඉතාම නුසුදුසු වැරදි සහගත ක්‍රියාවක්‌ විය හැකිය.
 
මෙම ක්‍රියාවලිය සඳහා සහතික ලද වෘත්තීයමය පළපුරුදු ශිල්පියකුගේ සේවය ලබා ගැනීම අනිවාර්ය විය යුතු අතර එයට යොදා ගන්නා සියලු උපකරණ ජීවාණුහරනය කළ සහ උපකරණ වයර, තුඩනයට පෙර ග්‍රහණය කරන කොටස්‌ ඇසුරුම් කර තිබීමද සිරුරේ රටාව සිදු කරන ඉදිකටු (needles) විෂබීජ ඇතුළු නොවන සේ අසුරා තිබීමද පුද්ගලයාගෙන් පුද්ගලයාට සෑම සිතුවමකදීම අලුත් ඉඳිකටු (needles) භාවිතයට ගත යුතුය. එමෙන්ම ක්‍රියාවලිය අතරතුර සමෙහි එම ස්‌ථානයෙහි විෂබීජ නාශනය කිරීම ද ශිල්පියාගේ මුව දෙඅත් යන ස්‌ථාන නිරාවරණය නොවී ආරක්‌ෂාකාරී පියවර අනුගමනය ඉතා වැදගත් ය. එමෙන්ම tattoo එකක්‌ කරගත් පසු ඔබ නිතර එය සිදුකළ ශිල්පියා හා සම්බන්ධ වී එහි පවතින නවතම තත්ත්වය සහ ඇතිවන වෙනස්‌ වීම් ගැන ඔහු දැනුවත් කරමින් එයට අවශ්‍ය උපදෙස්‌ නිරන්තරයෙන් ලබාගත යුතුමය..
Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  584 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,751 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,406 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,608 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,442 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,879 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,583 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,483 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,674 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,822 Downloads



Top 10 Commenters

Latest Comments

Top