Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
"ඒ කොල්ලකරුවන් ඉලක්ක රහිතව වෙඩි තබමින් හිටියේ.." - මගීන් 343 ගේ දිවි බේරා ලෝකයම කම්පා කරමින් දිවි පිදු නිර්ජාගේ කතාව - Photos

- "ඒ කොල්ලකරුවන් ඉලක්ක රහිතව වෙඩි තබමින් හිටියේ.." - මගීන් 343 ගේ දිවි බේරා ලෝකයම කම්පා කරමින් දිවි පිදු නිර්ජාගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,897 Views
"නීර්ජා හදිසි ‍දොරටුවෙන් මගීන්ව ඉවත් කරමින් සිටියේ.."

"ඇය බේරා ගත් දරුවෙක් අද ගුවන් නියමුවරයෙක්.."

"අනේ ළමයො මම නම් කැමැති නෑ ඔයා ඔය අවදානම් රස්සාව කරනවට" නීර්ජාගේ මව පැවැසුවේ ඇයට ඉවෙන් මෙන් යමක් වැටහුණු නිසාද? "අයියෝ මොනවටද බය වෙන්නෙ. මම මේ රස්සාව කරන්නේ හරිම ආසාවෙන්" වත පුරා විහිදී යන සුපුරුදු පියකරු සිනාවෙන්ම සැහැල්ලුවෙන් පැවසූ නීර්ජා එදිනද මවගෙන් සමුගෙන මුම්බායි ගුවන් තොටුපොළේ සේවයට වාර්තා කළාය.

නීර්ජා සේවය කළ Pan Am Flight  73 ගුවන් යානය සුපුරුදු ලෙස මුම්බායිවලින් ගුවනට පිවිස 1986 සැප්තැම්බර් 5 වැනිදා උදෑසන පාකිස්තානයේ කරච්චියේ පිහිටි ජින්නා අන්තර්ජාතික ගුවන් තොටුපොළට පැමිණියේය. එය සූදානම්ව තිබුණේ ප්රැන්පර්ට් හරහා ඇමෙරිකාවේ නිව්යෝක් වෙත පියාසර කිරීමටය. එහි ඉන්දියානු, පාකිස්තානු මෙන්ම ජර්මන් හා ඇමෙරිකන් ජාතීන්ගෙන්ද සමන්විත 365ක මගීන් පිරිසක් සහ 13ක සේවක මණ්ඩලයක්ද විය.ලිබියා සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී සංවිධානයේ හතර දෙනකු ගුවන් යානයට ගොඩවූ බව කිසිවකු නොදැන සිටියේ ඔවුන් ප්‍රභූ ආක්ෂක නිලධාරීන් ලෙස වෙස් වළාගෙන සිටි හෙයිනි. ඔවුන් පැමිණ සිටියේ ඇමෙරිකානු ජාතිකයන් ප්‍රාණ ඇපයට ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ හරහා සයිප්‍රස්හි සිටින තම සිරකරුවන් මුදා ගැනීම ඔවුන්ගේ සැලැස්ම විය. ගුවන් යානයට ගොඩ වන මගීන් පිළිගැනීමේ කාර්යයේ යෙදී සිටි නීර්ජාට ඔවුනගේ හැසිරීම පිළිබඳව සැකයක් දැනිණි. වහාම ක්‍රියාත්මක වූ ඇය ගුවන් යානයේ  සිටි ගුවන් නියමුවන් වෙත  පණිවුඩයකින් දැනුම් දුන්නේ ගුවන් යානා කොල්ලකරුවන් පැමිණ ඇති බවය. ගුවන් යානය ධාවන පථයේම තිබියදී ගුවන් නියමුවා, සහායක නියමුවා සහ ගුවන් ඉන්ජිනේරුවරයා රහසිගත ‍ෙදාරටුවකින් වහාම ඉවතට පැන ගත්හ. මෙයින් පියාසර කිරීම වැළකුණු අතර ගුවන් යානය ඇතුළත මුළු වගකීම නීර්ජාට භාර විය.

එතැන් සිට කාලය ගත වූයේ බියකරු සිහිනයකින් මෙනි. අවි රැගෙන තර්ජනය කරමින් සිටින ත්‍රස්තවාදීන් සමඟ පැය දාහතක් තිස්සේ ඇය හා ඇගේ කාර්ය මණ්ඩලය මගීන්ව සන්සුන්ව තැබීමට ඉමහත් වෙහෙසක් ගත්තෝය. එහි සිටි එක් ඇමෙරිකානු මගියකු හඳුනාගත් ඔවුන් ඔහුට වෙඩි තබා බිමට පෙරළා දැමුවේ සියල්ලන්ම භීතියට පත් කරමිනි. අනෙක් ඇමෙරිකානුවන් වෙන් කර ගැනීමට ඇමෙරිකන් ගුවන් ගමන් බලපත්‍ර එකතු කර දෙන ලෙස අණ ලැබුණේද නීර්ජාටය. ඇය ඇමෙරිකානුවන් 43 දෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර සීට් යට හා වෙනත් ස්ථානවල සඟවමින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර දුන්නේ අවදානම නොතකාය. කාලය ගත වෙද්දී තවදුරටත් ඉවසාගත නොහී ත්‍රස්තවාදීන් අහඹු ලෙස වෙඩි තැබීමට විය. දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වීම නිසා විදුලි ජනනය බල රහිත වූයෙන් විදුලිය ඇනහිටියේය. මුළු ගුවන් යානයම අඳුරේ ගිලිණි. ගුවන් යානා ‍ෙදාරටුවක් විවර කරගත් නීර්ජා ඒ තුළින් මගීන් එකිනෙකා වහා පිටතට යැව්වාය. තමාට බේරී යෑමට ඕනෑ තරම් ඉඩකඩ තිබියදීත් අෑ තම දිවි නොතකා අන් අයට පිහිට වෙමින් සිටියාය.

එම සිද්ධියේදී 22 දෙනෙක් මියගියහ. මේ නීර්ජා විසින් දිවි ගලවා දුන් මගීන් 343 දෙනාගෙන් එක් අයකුගේ ප්‍රකාශයයි.

"ඒ වන විට ඔවුන් ඉලක්කයක් රහිතව හතර අතේ වෙඩි තබමින් පසු වූයේ. නීර්ජා හදිසි ‍දොරටුවෙන් මගීන්ව ඉවත් කරමින් සිටියේ. ඇය ඇමෙරිකන් දරුවන් තිදෙනෙක් ඉදිරියට පැන ඔවුන්ව වෙඩි පහරින් බේරා ගන්නට උත්සාහ කරද්දී ඔවුන් ඇය දුටුවා. ඇගේ පෝනි ටේලයෙන් ඇද ඔවුන් ඇයට වෙඩි තිබ්බා."

ඇය එදා ජීවිතය පුදා බේරාගත් සත් හැවිරිදි දරුවා දැන් ගුවන් නියමුවෙකි.

ඉන්දියාවේ චන්දිගාහි බ්‍රාහ්මණ පවුලක උපත ලබන නීර්ජා හැදී වැඩෙන්නේ මුම්බායිහිදීය. ඇය උසස් අධ්‍යාපනයෙන් නිරූපණ වෘත්තියට පිවිසියාය. 1985දී ගුවන් සේවයට ගුවන් සේවිකාවක ලෙස බැඳෙන ඇය ඇමෙරිකාවේ පුහුණුවකින් පසු සිය රට පැමිණෙන්නේ ඇගේ කාර්යශූරභාවයත් අවංකකමත් නිසා ගුවන් යානයේ බඩු බාහිරාදිය මුදල්, මගීන් පිළිබඳ වගකීම භාර තනතුර දක්වා උසස්වීමක් ලබාගෙනය.

"නීර්ජාට තිබුණේ සංවේදී මානව හිතකාමී හදවතක්. ඇයට ඇගේම යහපත් ප්‍රතිපත්ති තිබුණා. ඇය කුඩා කල සිටම හැම දේම බෙදාහදා ගත්තා. අවසානයේ ඇගේ ජීවිතය පවා......" නිර්ජාගේ පියා ඒ දිනවල මාධ්‍යයට පවසා තිබිණි.

 1987, සම්මාන රැසකින් ඇය පිදුම් ලැබුවාය.

මෙම ඉන්දියානු වීරවරිය වෙනුවෙන් නිපද වූ සිනමා පටයේ 'නීර්ජා' ලෙස රඟපෑවේ සෝනම් කපූර්ය. 'නීර්ජා' සිනමා දර්ශනය නරඹා සිනමා ශාලාවෙන් පිටතට පැමිණි ලක්ෂ සංඛ්‍යාත නරඹන්නන්ගේ දෙනෙත් කඳුළින් බොඳව තිබිණි. ඒ අවසන් වරට ගුවන් යානය පිටත් වන්නට පළමුව මුම්බායිහිදී මගීන්ට උපදෙස් දෙන නීර්ජා භානොට්ගේම සජීවී කටහඬ ඇසීමෙන් සංවේදී වූ හදවත්වලිනි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  170,301 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  71,939 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,902 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  97,811 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,589 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,610 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,516 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,615 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,767 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,981 Downloads



Top 10 Commenters

Latest Comments

Top