Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
ගාලු මුහුදෙන් හමුවූ කිලෝ 40ක් බර පිළිමය බෝසත් රුවක්ද ? දේව රුවක්ද ? පිළිමය සොයාගත් කමල් කියන කතාව මෙන්න - Photos

- ගාලු මුහුදෙන් හමුවූ කිලෝ 40ක් බර පිළිමය බෝසත් රුවක්ද ? දේව රුවක්ද ? පිළිමය සොයාගත් කමල් කියන කතාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,451 Views
කමල් මිතුරෙකු සමග කිමිදෙමින් සිටියදී පිළිමය හමුවෙලා......
පිළිමය දුටුවම කමල්ට බයක් දැනිලා.....

ගාල්ල කොටුව අසල මුහුදේ ගිලී තිබීයදී ඊයේ (15) සොයාගත්  කිලෝ 40 කට වැඩි බරක් සහිත පිළිමය පිළිබඳව පුරා විද්‍යා අංශ සමග පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය පවසනවා.

ගල්මල් නැරඹීමට නිතර පැමිණෙන කරාපිටිය ජස්ටින්කන්ද ප්‍රදේශයේ පදිංචි කමල් නමැති තරුණයකු සහ ඔහුගේ මිතුරකු ගාල්ල කොටුව ආසන්න මුහුදේ  කිමිදෙමින් සිටියදී  මෙම පිළිමය හමුවී තිබුණා.

මෙම පිළිමය මුහුදු වෙරළේ සිට අඩි 150ක් පමණ දුරකින් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි 5-10 පමණ ගැඹුරකින්  තිබු බවත් ඔවුන් පවසනවා.

පිළිමය දුටු වහාම තමන්ට බයක් දැනුනු බවත් ගොඩබිමට ගොස් ටික වෙලාවකට පසු ඇතිවූ කුතුහලය මත නැවතත් සිය මිතුරාද සමග කිමිදී පිළිමය ගොඩට ගත් බවත් කමල්  පැවසුවා.

දියේ සිට මුහුදු වෙරළට ගෙන ඒමේදී එතරම් බරක් ජලයේදී නොදැනුනත් මුහුදු වෙරළට ගැනීමට තමාට සහ මිතුරාට වෙහෙසක් දැරීමට සිදුවූ බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මුහුදු වෙරළේ සිටම 119 දුරකතනයට ඇමතීමක් ගත්තත් එයට ප්‍රතිචාරයක් නොලද හෙයින් පිළිමය අමාරුවෙන් ගාල්ල කොටුව තුළ පිහිටි සුධර්මාලය පන්සලට ගෙනවිත් එහි නායක හිමියන්ට භාර කර පොලිසියට සහ පුරා විද්‍යා අංශ දැනුවත් කරන ලෙසට විහාරාධිපති පනංගල  හේමාලෝක  හිමිපාණන්ගෙන් ඉල්ලාසිටි බවද පිළිමය සොයාගත් කමල් මහතා ප්‍රකාශ කළා.

මෙම පිළිමය උඩුකය පමණක් සිටින සේ නිර්මාණය කරන ලද එකක් වන අතර එයින් නිරූපණය කර ඇත්තේ බෝසත් රුවක්ද එසේ නැත්නම් වෙනත් දෙවි කෙනෙකුගේ රුවක්ද යන්න පිලිබඳව එය නැරබීමට පැමිණෙන්නන් විවිධ අදහස් පළ කරනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  2,602 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  7,720 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  1,633 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  1,768 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,533 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  2,584 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  5,137 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,652 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,241 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  6,304 Downloads



Top 10 Commenters

Latest Comments

Top