"අතිරස තමයි මම ආසම කෑම"
"අලුත් අවුරුද්දෙ මේ ආරංචිය ලැබුණු එක ගැන හරි සතුටුයි"
"මේ මාසෙම ගමට ගිහිල්ලා ගමේ මිනිස්සුත් එක්ක ඉන්න තියෙනවනම් මම කැමතියි"
සිනෙති අකිලා කියන්නේ පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද තම දක්ෂතා පෙන්වූ යොවුන් රංගන ශිල්පිණියක්.
චිත්‍රපටවලින් කරලියට ආ සිනෙති අකිලා සිනමාව තුල වැඩි ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් තරුණියක්.
ඒත් එක්කම මේ දිනවල ඇය රංගනයෙන් දායක වුණු තවත් අලුත් චිත්‍රපටයක් තිරගතවනවා.
කලා ජීවිතයේ තියෙන කාර්ය බහුලත්වය නිසා හුඟක් කලාකරුවන්ට අවුරුදු සමරන්න වෙන්නේ ගෙදරින් පිට සිටයි.
ඒ කාර්ය බහුලත්වය ගැනයි අවුැරුදු සැමරුම ගැනයි කතාබහ කරන්න අපි මෙවර සිනෙති අකිලාව හිරු ගොසිප් සංවාදයට එකතුකරගත්තා.
කොහොම වුණත් සිනෙතිට රසක කෑම උයන්න පුළුවන් කියලා අපට කිවුවා. අවුරුදු ගැන මෙන්ම පවුලේ අයත් එක්ක ගමේ ඉඳන් අවුරුදු සැමරුව හැටි ඇය හිරු ගොසිප් සංවාදයේදී සිහිකළා.