අපේ රටේ කා අතරත් කතාබහට ලක්වන ජනප්‍රිය රංගන ශිල්පිණියකගේ සැමියා විසින් තමන්ට ලැබිය යුතු මුදලක් නොගෙවීම නිසාවෙන් නුගේගොඩ පිහිටි ගුවන් පාලමෙන් පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ දරා ඇති පුවතක් වාර්තා වේ.
කෙසේ නමුත් මෙම අවස්ථාවේ පොලිසිය මැදිහත්වී ඔහුව නවත්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ.
අදාල පුද්ගලයා විසින් නුගේගොඩ පාළමේ දර්ශනය කරන ලද කටවුට් එකක දැක්වෙන්නේ ඔහු විසින් අදාල පාර්ශවයෙන් මුදල් ඉල්ලීමට ගිය විට තුවක්කුවක් එල්ලකොට ඔහුට තර්ජනය කළ බවකි. එම මුදල සඳහා අගරු චෙක්පත් ලබාදුන් බවද එම කටවුට්වල වැඩිදුරටත් සඳහන්වේ.