Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
20
ජීවිතේට හොඳම යාලුවෙක් ඇතිකරගන්න උපදෙස් ටිකක් මෙන්න

- ජීවිතේට හොඳම යාලුවෙක් ඇතිකරගන්න උපදෙස් ටිකක් මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

92 Views
අපි හැමෝම වගේ දන්නවා යාළුවෝ කියන්නෙ අපිට නැතුවම බැරි කට්ටියක්. එහෙම නේද? මොකද යාළුවෝ කියන අය අපේ ජීවිතවලට සතුට ගේනවා. අපිට උදවු කරනවා. අපි ගැන හිතනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. යාළුවො අතරත් ඉන්නවා, හොඳ යාළුවො සහ නරක යාළුවො කියලා දෙගොල්ලක්. අපි අඳුරගෙන ඉන්න ඕනෙ හොඳ යාළුවො කවුද, නරක යාළුවො කවුද කියලා. ඔන්න මේ කියන්න නම් යන්නෙ එහෙම හොඳ නරක යාළුවො කවුද කියලා හොයාගන්න හැටි ගැන නම් නෙමෙයි.


සාමාන්‍යයෙන් යාළුකම් කියන දේවල් ඉබේම ඇති වෙනවා. හැබැයි හැමෝටම හැමකෙනෙක්ගෙම යාළුවෙක් වෙන්න බෑ. ඒත් අපි මේ ජීවත්වන ටික කාලෙට ගොඩක් යාළුවො අපිට ඉන්නවා නම්, අපේ ජීවිත ගොඩාක් ලස්සන වෙනවා. ඒ නිසා අපි අද බලමු කොහොමද යාළුවෙක් ඇතිකරගන්නෙ කියලා. අපි මේ කියලා දෙන points ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා යාළුවෙක් ඇතිකරගද්දි.


1. ප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්න.
මුළින්ම ඔයා ඔයා කැමති දේවල් සහ ඔයා අකමැති දේවල් හොයාගන්න. හැමතිස්සෙම ඔයා කරන දේවල්වලින් ඔයා සතුටු වෙනවා ද කියලා හිතලා බලන්න. අන්න එතකොට ඔයා කැමති දේවල්වලටම කැමති යාළුවො ඉබේම ඔයාගෙ යාළුවො වෙනවා. අන්න එතකොට ඔයාට පුලුවන් ඔයාගෙ විනෝදාංශ සහ ඔයා කැමති අකමැති දේවල් එයාලත් එක්ක බෙදාගන්න. එයාලගෙත් අදහස් දැනගන්න.

2. මිත්‍රශීලි පුද්ගලයෙක් වෙන්න.
හැමතිස්සෙම හැමකෙනෙක් එක්කම සුහදව මිත්‍රශීලි විදිහට කතාබහ කරන්න. පුලු පුලුවන් හැම වෙලාවකම ඕනම කෙනෙක්ට උදවු කරන්න. ඔයාව හැමකෙනෙක්ම සිත්ගන්නාසුළු පුද්ගලයෙක් බවට පත්කරගන්න. ඒ වගේ අයට ගොඩක් අය කැමතියි. ඒ නිසා ඔයාව යාළුවෙක් විදිහට පිළිගන්න එයාලා ආයි දෙපාරක් හිත හිත නම් ඉන්නෙ නෑ.

3. නිතරම සිනහවෙන් කල් ගත කරන්න.
ඔයාගෙ ඉදිරියට එන ඕනෑම කෙනෙක්ව ලස්සන හිනාවකින් පිළිගන්න පුරුදු වෙන්න. ඒ කෙනා ඔයත් එක්ක හිනාවෙන්නම ඕනෙ නෑ. ඒත් ඔයා හිනාවෙන්න. ඇත්තටම සිනහව කියලා කියන්නේ පුද්ගලයින්ව ආකර්ශනය කරගන්න පුලුවන් රහසක්ලු. දන්නවා ද? සිනහවෙන් අපේ සිරුරේ රුධිරය පවා පිරිසිදු වෙනවලු. අනිත් එක, සිනහව කියන දේට අපිට මුදලක් වැයවෙන්නෙත් නෑ නේ. ඒ හින්දා කාවහරි කෙනෙක්ව තමන් ඉස්සරහට මුණගැහෙද්දි හිනාවෙන්න අමතක කරන්න එපා.

4. තමන් ගැන කතාකරන්න කැමති අයත් සමග එකතුවෙන්න.
සාමාන්‍යයෙන් යාළුවන්ගෙ හැටියක් තමයි ඕනදෙයක් යාළුවන් එක්ක බෙදාගන්න එක. ඒ අතරිනුත් හොඳම යාළුවො අතර ආයි ඔන්න හංගන්න නම් දෙයක් නෑ. හැබැයි මෙහෙම කට්ටියකුත් ඉන්නවා, අපි කියන හැමදෙයක්ම වගේ අහගෙන ඉන්නවා. හැබැයි එයාලා ගැන මුකුත්ම කියන්නෙ නෑ. ඒ මොකද කිව්වොත් ගොඩක් අය බයයි, කට ඇරිය ගමන් මොන මොනවා කියවෙයි ද කියලා. ඒකෙත් ඉතින් ඇත්තක් නැතුවම නෙමෙයි. ඒත් මේ කියන්න නම් හදන්නේ, ඒ වගේ කට්ටිය ගැන නෙමෙයි. ගොඩක් අය කැමතියි තව කෙනෙක් තමන්ට ඇහුම්කන් දෙනවා දකින්න. අන්න ඒ වගේ අයත් එක්ක ඔයාට වුණත් ඔයා ගැන කතා කරන්න පුලුවන්. මොක ද එයා කියන දේ ඔයා අහන් ඉන්නවා වගේම ඔයා කියන දේ අහන්නත් එයා ඉඩදෙන නිසා. ඇත්තටම ඒ වගේ අය හරිම සමාජශීලියි. ඕනම දෙයක් කතා කරන්න පුලුවන්. ඒ නිසා යාළුවෙක් ඇති කරගන්නවා නම් අන්න ඒ වගේ කෙනෙක් ගොඩාක්ම සුදසුයි.

5.මිතුරන්ගේ තොරතුරු මතක තබාගන්න.
ඕනම කෙනෙක් අපිට මුණගැහෙන පළවෙනි වතාවෙදි අපි එයාලත් එක්ක පුංචි හරි හිතවත්කමක් ඇති කරගන්නවා නේ. ඊටපස්සෙ තමයි අපේ විස්තර අපි එයාලට කියන්නෙත්, එයාලගෙ විස්තර එයාලා අපිට කියන්නෙත්. කොහොම නමුත්, යාළුවො ගැන තොරතුරු හැමතිස්සෙම මතක තියාගන්න. ඒ කෙනාගේ උපන්දිනය විශේෂයෙන්ම. මොකද එයාගෙ උපන්දිනේට සුභ පතන එකෙන් එයාට දැනෙනවා ඔයා එයා ගැන හිතනවා කියලා. අන්න එතකොට එයත් ඔයා ගැන හොයන්න, ඔයාගෙ තොරතුරු මතක තියාගන්න පෙලඹෙනවා. මොකද යාළුවෙක් ඇති කරගන්නවා කියලා කියන්නේ හැමතිස්සෙම ඒ කෙනාට ඒකෙන් ඔයා ගැන යහපත් ප්‍රතිරූපයක් ගොඩ නගාගන්න පුළුවන් වෙනවා කියන එකයි. අන්න ඒ දේ එයාගෙ හිතේ ඇතිකරන්න ඔයා හැමතිස්සෙම උත්සාහ කරන්න.

6. සබකෝලය සහ බිය නැති කරගන්න.
පුද්ගලයෙක්ට නිර්භීතභාවය කියන දේ උපතින්ම ලැබෙන දෙයක්. හැබැයි අපිට සමාජයේදි සමහර චරිත මුණගැහෙනවා ලැජ්ජාවෙන්, බයෙන් වගේ හැසිරෙන හරිම කුලෑටි පිරිසක්. ඒත් අපි ඒ වගේ දේවල් අඩුකරලා හැමතිස්සෙම සමාජශීලි වෙනවා නම් අපි සමාජයත් එක්ක ගැටෙනවා නම් ඒක අපේ ජීවිතේට ලොකු ශක්තියක් වෙනවා තවත් කෙනෙක් එක්ක අදහස් හුවමාරු කරද්දි හරි තවත් කෙනෙක්ගේ ගෞරවයට හරි පාත්‍ර වෙන්න. සමහර විට ඔයා කරන කියන දෙයක් තව කෙනෙක්ට වැරදියට පෙනෙන්න පුලුවන්. ඒත් ඔයා ලැජ්ජාව නිසා හරි බයට හරි ඒ දේ නොකර හිටියොත් ඔයාවත් දන්නෙ නෑ නේද ඔයා ඒ කියපු කරපු දේවල් වැරදි ද කියලා වත්? අන්න ඒ නිසා සමාජයේ කැපී පෙනෙන චරිතයක් වෙන්න හැමතිස්සෙම උත්සාහ කරන්න.

7.නිතරම මිතුරන් හා ගැවසෙන්න.
ඔයා පාසල් යන කෙනෙක් හරි රැකියාවක් කරන කෙනෙක් නම් නිතරම ඔයාට යාළුවො මුණගැහෙනවා. නමුත් ඔයාට සමීප යාළුවන් සමග අවන්හලකට ගිහින් කෑම බීම ගන්න, ප්‍රදර්ශන, චිත්‍රපටි, ක්‍රීඩා තරග මෙවැනි නොයෙකුත් දේ නැරඹීමට යන්න. අන්න එතැනදි ගත කරන්න ලැබෙන ඒ මොහොතවල් ජීවිතයට හරිම සුන්දර අත්දැකීම් වෙනවා. කාලෙකට පස්සෙ ඔයාටයි ඔයාගෙ යාළුවන්ටයි ඒවා ගැන මතක් කරලා සතුටු වෙන්න පවා පුලුවන් වෙනවා.

8.එකමුතුවෙන් හා සහයෝගයෙන් යුතුව වැඩ කරන්න.
ඕනම කෙනෙක් එක්ක සහයෝගයෙන් යුතුව වැඩ කරන්න පුරුදු වෙන්න. හැමතිස්සෙම තවත් කෙනෙක්ට ඔයා වටිනා පුද්ගලයෙක් බව පෙන්වන්න. ඔයාගෙන් තවත් කෙනෙක්ට ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා පෙන්වන්න.

9. සෑම විටකම පරණ සබඳකම් සමගින් අලුත් සබඳකම් ද ඇති කරගැනීමට උත්සාහ ගන්න.
හැකි සෑම අවස්ථාවකදිම ඔයාගෙ යාළුවො සමගින් අදහස් හුවමාරු කරගන්න. ඒ වගේම ඔයාගේ අසල්වාසීන් එක්ක වුණත් ඔයාට සබඳකම් ඇති කරගන්න පුලුවන්. ඕනෑම කෙනෙක් සමග මිත්‍රවන තරමට ඔයා සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙක් බවට පත්වෙනවා.

10. නොදන්න දේ අසා දැනගන්න.
ඇත්තටම මේ ලෝකේ අපි දන්න දේවල්වලට වඩා නොදන්න දේවලුයි වැඩි. ඒ නිසා ඔයා නොදන්න දෙයක් දන්න කෙනෙකුගෙන් අහන්න පැකිළෙන්න එපා. ඒ අය දන්නැති දේවල් ඔයා දන්නවා නම් කියලා දෙන්න. ඒකෙන් ඔයාටත් යහපතක් සැලසෙනවා වගේම අනිත් කෙනාටත් යහපතක් සැලසෙනවා.

11.ආරාධනාවන් පිළිගන්න.
යාළුවන්ගෙන් ලැබෙන ආරාධනා පිළිගන්න. ඒ වෙලාවේ ඔයා කාර්යබහුල වෙන්න පුලුවන්. නමුත් ඔයා එවැනි දේ පිළිගන්න තරමට ඒකෙන් ඔයාගෙ යාළුවා සතුටු වෙනවා කියලා අමතක කරන්න එපා. ඒ නිසා හැමතිස්සෙම යාළුවගේ සතුට වෙනුවෙන් වැඩ කරන්න පුරුදු වෙන්න.

12. නිරතුරුවම මිතුරන් හා සබඳතා පවත්වන්න.
ඔයා දන්නා හඳුනන යාළුවන්ගේ දුරකථන අංක ඉල්වාගන්න. එවිට ඔයාට ඕනෑම වෙලාවක එයාලා එක්ක සම්බන්ධ වීමට පුලුවන් වෙනවා. ඒ විතරක් නෙවේ, Facebook, Twitter වැනි social networking web site එයාලා භාවිතා කරනවා නම් ඒවායෙන් එයාලත් එක්ක සම්බන්ධකම් ඇතිකරගන්න. එයාලාට E-mails යවන්න. මේ වගේ අලුත් තාක්ෂණික ක්‍රම ඔස්සේ ඔයාට එයාලාත් එක්ක සම්බන්ධකම් ඇතිකරගන්න පුලුවන්.

13. ධනාත්මකව ජීවත්වෙන්න.
සෑමදෙයක්ම සුභවාදීව දකින්න පුරුදු වෙන්න. එවිට ජීවිතයත් සුභදායක වෙනවා. එහෙම වුණාම ඔයාව දකින කෙනා වුණත් ඔයා දිහා බලන්නෙ සුභවාදී විදිහට.

14. මිතුරන්ගෙන් උදවු අවවාද උපදෙස් ලබාගන්න.
මිතුරන් දෙන අවවාද උපදෙස් මොන යම් විදිහකින් හරි අපේ ජීවිතවලට වැදගත් වෙන්න පුලුවන්. ඒ නිසා කොයිම වෙලාවකවත් යාළුවෙක් උදවුවක් කරන්න හැදුවොත් ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ වගේම එයාලා දෙන අවවාද උපදෙස් පිළිපදින්න.

15. හොඳ මිතුරෙකු වෙන්න.
ඔයා හොඳ යාළුවෙක් වෙනවා කියන්නේ, අනිත්අය ඉබේම ඔයාගෙ යාළුවො වෙනවා කියන එකයි. ඒ නිසා මේ points ඔයාලගෙ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මේවා පිළිපදින්න. ඔයාලාගේ ජීවිතයේ යාළුවෙක් ඇති කරගන්න විතරක් නෙමෙයි, ඔයාගෙ ජීවිතය යහපත් ජීවිතයක් කරගන්නත් ඒක පිටුවහලක් වෙයි.

සැකසුම :- රුවන්ති රත්නායක
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top