ලෝකයේ විවිධ කාලයන් වලදී විවිධාකරයේ හඳුනානොගත් ආකාශ වස්තූන් මෙන්න ජීවීන් පිළිබඳවද වාර්තාවනවා.. ඔවුන් පිළිබඳව ඇති කුතුහලය නිසාම පර්යේෂකයින් මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින්නේ හඳුනානොගත් පිටසක්වල ජීවීන් පිළිබඳ විශ්වාස කල හැකි යමක් ලෝකයට ගෙන ඒමටයි.
එවැනි හඳුනානොගත් පියාසර වස්තූන් පිළිබඳ නවතම තොරතුරක් වාර්තාවන්නේ ලෝකයට තවත් කුතුහලයක් එක්කල පුවතක් නිර්මාණය කරමින්ය. Airbus 320 වර්ගයේ මගී ගුවන් යානයක නියමුවන් දෙදෙනෙකු විසින් අහසේ පියාඹන මිනිසෙකුට සමාන රුවක් ඇති වස්තුවක් දැක ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ මැන්චෙස්ටර් ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකුයි. ගුවන් නියමුවන් වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ ඔවුන් අඩි 3500ක් ඉහල අහසේ පියාසර කරමින් සිටියදී මෙම පියාඹන අත්භූත පුද්ගලයා දර්ශනය වූ බවයි. මේ පිලිබඳව ගුවන් යානයේ සිටි මගීන්ද නිරීක්ෂණය කර ඇති අතර ඔවුන් පවසන්නේ සුපර් මෑන් වැනි පුද්ගලයෙක් යානය අසලින් පියාඹා ගිය බවයි.
ගුවන් නියමුවන් මුලින්ම සිතා ඇත්තේ අදාල පුද්ගලයා පැරෂුට් ආධාරයෙන් බිමට පනින පුද්ගලයෙක් ලෙස වූවත් පසුව නිරීක්ෂණය කිරිමේදී දැක ඇත්තේ කිසිදු පැරෂුටයක ආධාරයකින් තොරව පියාඹා යන බවයි. එමෙන්ම ගුවන්යානයට මීටර් 100ක පමණ දුරින් අදාල පුද්ගලයා දර්ශනය වූ බවත් ගුවන් නියමුවන් ප්‍රකාශකොට ඇත.
ගුවන් නියමුවාගේ රේඩාර් තිරයේ පවා මේ පිළිබඳව සටහන් වී නොමැති අතර ඒ තුලින් මේ පිළිබඳ වූ සැකය තවත් වර්ධනය වී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ..