තම පෙම්වතා පිහියකින් සිදුකළ පහරදීමකින් ගල්ගමුව ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් මියගොස් ඇති බවට වාර්තා වේ. මේ ඝාතනයට හේතුව පෙම් සම්බන්ධය බිඳී යාමක්දැයි තවමත් තොරතුරු අනාවරණය වී නැත. කෙසේ නමුත් සිද්ධිය සිදුවන විට එම ස්ථානයේ සිටි වෙනත් තරුණියක් පවසා සිටියේ පිහියෙන් පහරදීමට ප්‍රථම අදාල තරුණියට ලියුමක් කියවීමට දී ඇති බවයි.
එම අවස්ථාවේ ඇය හිඳගෙන සිටි පුටුවෙන් නැගිට යන්නට තැත්කිරීමේදී පිහියක් ගෙන ඇයගේ ගෙලට ඇන ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
මෙසේ මියගියේ ගිරිබාව, ඔරුගල, සාලිය අශෝකපුර පදිංචි කාවින්දි සදුෂානි ප්‍රනාන්දු නම් 16 හැවිරිදි පාසල් සිසුවියක්ය. ඇය සාලිය අශෝකපුර, සිරිමාපුර විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.
මෙම සිදුවීමෙන් පසුව තරුණයාද නිවස ඉදිරියේ පිහිටි ගසක එල්ලී දිවිනසා ගැනීමට තැත්කර ඇති අතර ලණුව කැඩීයාම නිසා එම උත්සාහය අසාර්ථක වී ඇත. මේ වන විට පොලීසිය විසින් සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ.