අපි හැමෝම අපේ ශරීරය ගැන සැලකිලිමත් වෙනවා. මොකද කවුරු වුනත් ආසයිනේ ලස්සනට ඉන්න වගේම හැමෝම අතරේ කැපී පෙනෙන්න. ඉතිං ඒ වෙනුවෙන් සමහරු ලොකු ලොකු ගණන් දීලා සැත්කම් පවා කරනවා. ඒ දේවල් වලට ගොඩක් අයට සල්ලි නැති නිසා අපි අද කියන්නේ අපේ එදිනෙදා කරන ක්‍රියාකාරකම් වලින්ම ලස්සන, කාටත් ප්‍රිය මනාප මුහුණක් ලබාගන්න විදිය ගැන. හැබැයි මෙහිදී භාවිතා කරන්නේ ඔයාලම කැමති ක්‍රීම් වර්ග නිසා ඒවා භාවිතා කරන්න කලින් වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න මතක තියාගන්න.
1.දවසට දෙවතාවක් මුහුණ සෝදන්න
මේක්අප් භාවිතා කිරීමට වඩා සම ගැන සැළකිලිමත් වීම තමා ප්‍රධාන සාධකය විය යුත්තේ. සමගැන සැළකිළිමත් නොවී මේකඅප් සඳහා මුදල් හා කාලය වැය කිරීම ඵලදායි නෑ. එමනිසා ප්‍රථමයෙන්ම ඔබ කල යුත්තේ ඔබේ සමට ගැළපෙන ෆේෂල් වොෂ් එකක් භාවිතා කරමින් උදේට හා රාත්‍රියට මුහුණ සේදීමයි. නමුත් වැඩි ආකර්ෂනය උදෙසා දවසට දෙවතාවකට වඩා මුහුණ සේදීමෙන් වළකින්න. පමණට වඩා මුහුණ සේදීම ඔබේ සමේවියළීමට හේතූ වෙනවා.
2. දිනපතා මොයිෂ්චර්රයිසර් ආලේපයක් භාවිතා කරන්න.
මුහුණ සේදීමෙන් පසු උදේට සහ රාත්‍රියට දිනපතාම මොයිෂ්චර්රයිසර් භාවිතා කරන්න. මොයිෂ්චර්රයිසර් එකක් තෝරා ගැනීමේදී ගූණාත්මක හා ඔබේ සමට ගැළපෙන එකක් තෝරා ගැනීමට සැළකිළිමත් වන්න. ඔබට තිබෙන්නේ සංවේදී සමක්නම් මෘදු මොයිෂ්චර්රයිසර් එකක් භාවිතා කරන්න. ඔබට ඇත්තේ කූරුලෑ සහිත සමක්නමි තෙල් රහිත මොයිෂ්චර්රයිසර් එකක් භාවිතා කරන්න. ඔබේ සම වියළිනමි කෝමාරිකා අඩංගූ මොයිෂ්චර්රයිසර් එකක් භාවිතා කරන්න.
3. සතියකට වරක් ස්ක්‍රබ් එකක් භාවිතා කරන්න.
ස්ක්‍රබ් කිරීම මගින් ඔබේ සම මතූපිට ඇති මැරුණු සෛල ඉවත් වෙනවා. එමගින් ඔබේ සමට නැවුම් දීප්තිමත් පෙනුමක් ලැබෙනවා. එසේම සම නිරෝගිව පවත්වා ගැනීමටත් එය උදවු වෙනවා. වෙළදපොලෙන් ඔබේ සමට ගැළපෙන ස්ක්‍රබි එකක් මිලදී ගත හැකියි. ඊට අමතරව නිවසෙදීම ස්ක්‍රබ් කර ගැනීමටනම් පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන එය සාමාන්‍යය උණු ජලයේ පොගවා මිරිකාගෙන සෙමෙන් වක්‍රාකාරව මුහුණ පිරිමදින්න. විනාඩි 2ක් පමණ පිරිමැදීම ප්‍රමානවත් වේ.
ඉතා දැඩිලෙස තදකර ස්ක්‍රබි කිරීමෙන් හා නිතරම ස්ක්‍රබි භාවිතා කිරීමෙන් වළකින්න. එයගින් ඔබේ සම වියළීමට පුලුවන්.
4. දිනපතා සම ටෝනර් කරන්න.
ටෝනර් කිරීම මගින් සමේ ස්වභාවික පී.එච් අගය සන්තූලිතව රඳාපවත්වනවා. ටෝනර් එකක් තෝරා ගැනීමේදි රසායනික දව්‍ය වලින් තොර ස්වභාවික ද්‍රව්‍ය අඩංගූ ටෝනර් එකක් තෝරාගන්න. රසායනික දව්‍ය ඔබේ සමෙ වියළීමට හේතූවෙනවා. ඔබට ඇත්තේ තෙල් සහිත හෝ ඇක්නි සහිත සමක්නම් ඔබේ සමේ ඇති වැඩිපුර තෙල් ටෝනර් මගින් ඉවත් කරනවා. ඔබට ඇත්තේ වියලි සමක්නම් ටෝනර් මගින් සමේ තෙතමනය රදාපවත්වනවා. එම නිසා ඔබේ සමට ගැළපෙන ටෝනර් එකක් තෝරාගන්න. දිනපතා මොයිෂ්චර්රයිසර් ආලේප කිරීමට ප්‍රථම හා ක්ලෙන්සර් කිරීමෙන් පසු ටෝනර් භාවිතා කරන්න.
5. සැමවිටම ඔබේ මේක්අප් හොඳින් ඉවත් කරන්න.
ඔබ මේක්අප් භාවිතා කරනවානම් රාත්‍රී නින්දට යාමට ප්‍රථම මේක්අප් හොඳින් ඉවත් කිරීමට මතක තබාගන්න. නැතහොත් සමේ කූරුලෑ ආසාදන ඇතිවීමට පුලුවන්. ඔබ දිනපතා භාවිතා කරන ෆේෂල් වොෂ් එකට වඩා විශේෂිත මේක්අප් රිමූවින් නිෂ්පාදනයක් හෝ ක්ලෙන්සර් එකක් භාවිතා කිරීමෙන් මේක්අප් හොඳින් ඉවත් කරගත හැක.
6. සැමවිටම සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න.
ඔබේ සම හිරු එළියට නිරාවරනය කිරීමෙන් වළකින්න. හිරු එළියේ ඇති යූවීඒ/යූවීබී කිරණ සමට අහිතකරයි. මේ අහිතකර කිරණ සමේ පිළිකා ඇතිවීමට හා සමෙහි ස්වභාවික සන්තූලනය බිඳවැටීමට හේතූ වෙනවා. එමෙන්ම සම ඉතා ඉක්මනින් අවපැහැගැන්වෙනවා. එමනිසා නිවසින් බැහැරවන සෑම විටම සන්ස්ක්‍රීන් ආලේප කරන්න. එය ඔබේ සම අහිතකර හිරු කිරණින් ආරක්ෂා කරනවා.
7. නිතරම මුහුණ අතගෑමෙන් වළකින්න.
බොහෝදෙනා තම මුහුණ නිතරම අතගෑමට පුරුදුව සිටිනවා. නමුත් එය බරපතල ලෙස සමේ ගූණාත්මකභාවය හානි කිරීමට බලපානවා. කූරුළෑ කැඩීමෙන් අතගෑමෙන් සමට බැක්ටීරියා ඇතූල්වෙනවා. එමෙන්ම අතෙහි ඇති විෂබීජද සමට එකතූ වෙනවා. එමගින් කූරුලෑ ආසාදන වැඩිවීමටත් තෙල් සහිත සමක් ඇතිවීමටත් හේතූවෙනවා. එමෙන්ම නිතර මුහුණ අතගෑමෙන් සම ඉක්මනින් රැළිවැටීමක් සිදුවෙනවා.
8. සුව නින්දක් ලබා ගැනීමටත් වැඩිපුර වතුර පානය කිරීමටත් පුරුදුවන්න.
පැය හතකවත් සුව නින්දක් ලබාගන්න. නින්ද සම පිළිසකර කිරීමට අවස්ථාවක් ලබාදෙනවා. එමෙන්ම ඇස්යට කලුවීම නැතිකොට නැවුම් පෙනුමක් ලබාදෙනවා. සවසකට අඩුම වතූර වීදුරු 5-8 පානය කරන්න. එමගින් සම අභ්‍යන්තරයේ ඇති විෂබීජ සෝදා හරිනවා. වගේම එය ඔබේ සමට අනර්ග පෙනුමක් ලබා දෙනවා. එමෙන්ම සමේ පරිවෟත්තීය ක්‍රියාවලිව හොඳින් සිදුකර ඔබේ සමට අනර්ග පැහැපත් පෙනුමක් ලබාදෙනවා.
සැලකිය යුතුයි :- ක්‍රීම් වර්ග භාවිතයේදී වෛද්‍ය උපදෙස් ලබාගෙන භාවිතා කිරීම වඩාත් සුදසුයි.
සැකසුම :- මල්ෂානී