කාන්තාවන් 16 දෙනෙකු ඇතුළු පුද්ගල ජීවිත 39ක් බිලි ගනිමින් මුලු බ්‍රසීලයම බියපත් කළ 26 හැවිරිදි තියාගෝ හෙන්රී කේ ගෝමස් ද රෝචා නමැති බ්‍රසීල ජාතික ඝාතකයා අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත්ව ඇත.
මුරකරුවෙකු ලෙස ජීවිකාව ගෙවමින් සිය මව සමඟ ජීවත් වී ඇති රෝචා මනුෂ්‍ය ඝාතකයෙකු බව ඔහුට සමීප කිසිවෙකු විශ්වාස කර නොමැත .
කෙසේ වෙතත්, මොහු ජීවත් වූ ගොයිආනියා පළාත තුළ දිගින් දිගටම සිදුවන මනුෂ්‍ය ඝාතන නිසා විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම ඝාතන පිළිබඳ සෙවීම සඳහා පත්කර ඇති අතර එම පොලිස් කණ්ඩායම විසින් කළ පරික්ෂණ වල ප්‍රතිඵලක් ලෙස මීනිමරු රෝචා අත්අඩංගුවට ගැනිමට හැකියාව ලැබී ඇත.
2014 ජනවාරි මාසයේදී සුපිරි වෙළෙඳ සැලක් අසල නවතා තිබූ යතුරුපැදි අංක තහඩුවක් සොරකම් කිරීමේ චෝදනාවට රෝචාට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතින බව පොලීසිය අනාවරණය කරගෙන ඇති අතර මොහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් ඔහු ඒම යතුරුපැදිය ව්‍යාජ අංක තහඩුවක් යොදා ගනිමින් ධාවනය කරමින් සිටි බව පොලීසිය ප්‍රකාශ කරයි.
අත්අඩංගුවට පත්වීමෙන් පසුව පොලීසිය වෙත පාපොච්ඡාරණය කර රෝචා පවසා ඇත්තේ තමන් සොරකම් කළ යතුරුපැදියේ ගමන් කරමීන් වෙඩි තැබීම් සිදුකරද මනුෂ්‍ය ඝාතනය සිදුකළ බවයි. මෙම වසර තුළදී රෝචා උද්‍යානයක් තුළ තරුණියන් දෙදෙනෙකුට වෙඩි තබා මරා දමා ඇත .මීට අමතරව ඔහු තම නිවස සමීප විදියේ ජීවත්වන පුද්ගලයන් කිහිප දෙනෙකුද වෙඩි තබා ඝාතනය කර තිබේ.