කාක්කපල්ලිය පමිබල ප්‍රදේශයේ දි ලාබාල ගැහැණු දැරියන් කිහිපදෙනෙකුට ලිංගික අපරාධයක් කර කටිටි පැන සිටි ආගමික සුවය දෙන බව කියන සංවිධානයක පාස්ටර් වරයෙකු ගම්සිවාසින් පිරිසක් විසින් අල්ලා පොලිසියට පසුගිය දිනෙක බාරදුන් බවට වාර්තා වේ.
එක්තරා කතෝළික නොවන ආගමික සංවිධානයක් මෙයට වසර කිහිපයකට කලින් සිට පමිබල ප්‍රදේශයෙහි මෙම ආගමික යාචිඤා මධ්‍යස්ථානය ආරම්භ කර තිබුණි. ගමේ ජිවත්වන කිහිප දෙනෙකුම එම මධ්‍යස්ථානයට සමිබන්ධවි කටයුතු කර ඇති අතර එම පවුල් වල දරුවන්ද එම කටයුතු වලට සමිබන්ධවි ඇත.
මේ අතර එම මධ්‍යස්ථානයේ තරුණ පාස්ටර් වයස අවුරුදු 12 - 14 වයසේ පසු වන තම බාල වයස්කාර දැරියන් දෙදෙනෙකුට ලිංගික අපරාධයක් කර ඇති බවට එම දෙමාපියන් විසින් හලවෙත පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබු අතර ඒඅනුව එම තරුණ පාස්ටර් අත් අඩංගුවට ගැවනිම පිණිස පොලිසිය පරික්ෂණ ආරමිභ කළ විට සැකකාර පාස්ටර් පොලිසියට කටිටි පැන පලා ගොස් තිබු බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත.
ඒ අතර අගතියට පත් දැරියන්ගේ දෙමාපියන් ද සැකකාර පාස්ටර් පිළිබඳව කරුණු සොයා ඇති අතර ඔහු මාදමිපේ ඉරටිටකුලමේ නිවසක සැඟවි සිටින බව දැන ගත් ප්‍රදේශවාසින් වහාම ඒබ ව හලාවත පොලිසියට දැනුමි දි පොලිසිය එම නිවසට ගෙන්වා ඔහුව බාර දි ඇත.
මේ අවස්ථාවේදී සැකකරු කටින් සෙම පෙරා ගෙන බිම වැටුන අතර ඒ අනුව පොලිසිය සැකකරු වහාම හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත. කිසියමි විෂ වර්ගයක් සැකකරුගේ ශරීරගතව ඇති බව රෝහලේ වෛද්‍යවරුන් සොයා ගෙන ඇතත් සැකකරුගේ දෙමාපියන් ඔහු වස පානය නොකළ අතර ඔහුට කිසියම් අසනීපයක් ඇති බව පොලිසියට පවසා ඇත.
ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නැති බව රෝහල් ප්‍රකාශකයෙකු කීය. මෙම පාස්ටර් විටින් විට ඉතා විශාල බාල වයස්කාර දැරියන් ප්‍රමාණයකට ලිංගික අපරාධ කර ඇති බවට ආරංචි පැතිර ගියත් තමනට මේ දක්වා පැමිණිළි ලැබී ඇත්තේ දෙකක් පමණක් බවත් හලාවත පොලිසිය කීය.
හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු