එක් දිනයකට පොලිස් නිළධාරියෙක් බවට පත්වුනු ඉන්දීය දරුවෙක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. සදීක් නම්වන මේ පුංචි දරුවා ජීවත් වන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් වල.
මේ වගේ අඩු වයසකින් පොලීසියට බැඳුනු එක ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තා. සමහරු කීවේ ඉන්දියාවේ මිනිස්සුන්ට පිස්සු නිසා මේ වගේ වැඩ කරනවා ඇති කියලා.
ඒත් මේ කතාව ඇතුලේ තියෙන්නේ සංවේදී පුවතක්. මේ පුංචි පුතා මීට මාස 5කට පෙර ඉදන් ලේ පිළිකාවකින් පෙලෙන කෙනෙක්. එයා පොඩිකාලේ ඉඳන්ම ආසා කලේ කවදාහරි දවසක පොලිසියට බැඳිලා මංකොල්ලකාරයන්ව අල්ලලා හිරේ දාන්නලු.
ඒත් පිළිකාව නිසා ඒ හීනේ හැබෑකරගන්න එක එච්චර ලේසි වැඩක් නෙවෙයි කියලා එයාට සත්කාර කරන වෛද්‍යවරු ප්‍රකාශ කලා.
කොයි මොහොතේ ජීවිතෙන් සමුගනීද කියලා කියන්න බැරි මේ පුංචි දරුවාගේ අහිංසක හීනේ සැබෑ කරන්න Make A Wish පදනම වගේම හයිද්‍රාබාද් වල පොලීසිය කටයුතු කලා. ඒ ඔහුව එක දවසකට පොලිස් නිළධාරියෙක්ව කරලා. පොලිස් ඇඳුමින් සැරසුණු මෙයා හරිම සතුටින් තමයි කාලය ගතකරලා තියෙන්නේ. මේ පුංචි පොලිස්කාරයාව බලන්න ආව හැමෝම පුලුවන් ඉක්මණින් ඔහුට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කලා.