ත්‍රස්ථවාදීන්ගේ ග්‍රහණයෙන් රට මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමේදී මෝටාර් ප්‍රහාරයකට ලක්ව දැඩි ලෙස තුවාල ලබා තුනටියෙන් පහළ අප්‍රාණිකව සිටියදී ඔහුගේ පෙම්වතිය ඔහු සොය එන්නේ ජීවිත කාලය පුරා ඔහු රැකබලා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙනි.
එහි අවසන් ප්‍රතිඵලය ලෙස යක්කල හර්ෂණී විජේසූරිය සහ 10වන ගජබා රෙජිමේන්තුවේ රණවිරු කෝප්‍රල් මහින්ද ප්‍රේමලාල් ඊයේ (15) දින ගම්පහ සෙනෙත්මා උත්සව ශාලාවේදී සුබනැකතින් යුගදිවි ගමන ඇරඹූහ.
2006දී ප්‍රේමයෙන් බැඳුණු පසු 2008 දී මෙම අවාසනාවන්ත ප්‍රහාරයට මොහු ලක්වුණ අතර පසුව සදාකාලික ආබාධිත තත්වයට පත්ව රාගම රණවිරු සෙවණේ නතරවන්නට සිදු විය.
ඇතැම් අයට මෙවැනි ප්‍රහාර වලින් පසු පෙම්වතියන් අහිමිව ගියද ප්‍රේමලාල්ට එසේ වූයේ නැත.
ප්‍රේමලාල්ට හර්ෂණී මුණගැසී ඇත්තේ 2006 වසරේ මේ දෙදෙනාම සේවය කරමින් සිටි යක්කල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකදීය. ඔවුන් ප්‍රේමයෙන් බැඳී සිටින අතර 2007දී ප්‍රේමලාල් හමුදාවට බැඳී ඇත්තේ කර්මාන්ත ශාලාවේ සේවයෙන් ඉවත්ව ගොස්ය.
මෙසේ ප්‍රේමයෙන් බැඳුණු මොවුන් දෙදෙනා ඊයේ (15) දිනයේ සියලු බාධක ජයගනිමින් යුග දිවියට එළඹි අතර පැමිණි සිටි සියලු දෙනාගේ අත්පොලසන් හා සුභපැතුම් මැද දෙදෙනා ජීවිතයේ නවමු ගමනක් ඇරඹීය.