ලොව විශාලම සමාජජාල වෙබ් අඩවිය වන ෆේස්බුක්හි හිමිකරු වන මාර්ක් ෂකර්බර්ග් විසින් හවායි දූපත්හි පිහිටි වෙරළ තීරයක් මිළදීගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 30 හැවිරිදි මාර්ක් ෂකර්බර්ග්ට ඇ.ඩො.බිලියන 33ක පමණ වත්කම් ඇති අතර තමන්ගේ පුද්ගලික පරිහරණය පිණිස හවායි දූපතක කොටසක් මිලට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඩොලර් මිලියන 100ක් වැයකරමින් කවුවායිහි නම්වන හවායි දූපත්හි සිව්වැනි විශාලතම මුහුදු වෙරළ තීරය ඔහු මිළට ගෙන ඇත. එහි විශාලත්වය අක්කර 700 කි. මෙම භූමියේ බාගයක් පමණ සුප්‍රකට පිලා වෙරළ හා ප්‍රිස්ටීන් සුදු වැලි වෙරළ ඇතුළත් අතර අනෙක් පස ඇත්තේ වගා කල ප්‍රදේශයක් වේ.
කෙසේ නමුත් වාර්තාවන තොරතුරු අනුව මාර්ක්ගේ බිරිය ප්‍රිෂිලා ඔහු සමඟ නිවාඩුවක් ගත කිරීමට මින් පෙර අදාල වෙරළට පැමිණ ඇති අතර එහි සුන්දරත්වය නිසාම මෙය මිළදී ගැනීමට මාර්ක් තීරණය කර ඇති බවත් සඳහන් වේ.