Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
22
'ජනතාව ඉල්ලන්නේ වහ නම් අපි ඒකත් දෙනවා' පී හැරිසන් කියයි

- 'ජනතාව ඉල්ලන්නේ වහ නම් අපි ඒකත් දෙනවා' පී හැරිසන් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views
‘ජනතාව ඉල්ලන්නේ උඹලා අපිට වහ හරි දීලා අස්වැන්න වැඩි කරලා දෙන්න කියලා  නම් අපිට රජයක් විදියට ඒ තීන්දුවට යන්න වෙනවා.‘ යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය පී.හැරිසන් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩ සටහනේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය  යටතේ  තලාව ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ පැවති  භාණ්ඩ බෙදා දීමේ උත්සව සභාව අමතමිනුයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා

"මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වකුගඩු රෝගය. වකුගඩු රෝගයට විසඳුමක් හැටියට කාබනික පොහොර වලට ජනතාව යොමු කරන්නත්, රසායනික පොහොර ක්‍රමක්‍රමයෙන් අඩුකරන්නත්, වල් නාශක හා විෂ අධික කෘමිනාශක භාවිතය ක්‍රමයෙන් අඩු කරලා දේශීය වී වර්ග වලට ප්‍රමුඛස්ථානය දීලා කටයුතු කරන්නත් රජයක් හැටියට අපි ප්‍රථිපත්තිමය තීන්දුවක් ගත්තා.

ඒ තීන්දුවේ ප්‍රතිඵලයක් තමයි පහුගිය දිනවල තිබුණ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපි ගමට ගියහම "අපිට වැඩක් නෑ කාබනික පොහොර. අපිට පරණ විදිහටම පොහොර දෙන්න. වකුගඩු දියවෙලා නෙමෙයි  කුණු වෙලා ගියත් කමක් නෑ කියලා "ජනතාව ආණ්ඩුවට පණිවිඩයක් දුන්නා. ග්ලයිෆොසෙට් ගහපුවහම පැත්ත පළාතම ගිණි අඟුරු වෙලා යනවා. ඒ වල්නාශක නිසා මේ පළාතේ ලක්ෂයක් විතර වකුගඩු රෝගයට ගොදුරු වෙලා ඉන්නවා. හැබැයි මිනිස්සු ඒකට ප්‍රථිචාරය දුන්නා මේ ඡන්දයේදී  අපිට ග්ලයිෆොසෙට් දීපල්ලා කියලා. හදවත්  බොකු බඩවැල් කැවුතු දියවෙලා ගියත් කමක් නෑ, පොහොර හා වල් නාශක ගෙනල්ලා මේකට වත්කරපල්ලා, එහෙම වුණොත් තමයි අපි උඹලාට ඡන්දේ දෙන්නේ කියලා අපිට පාඩමක් ඉගැන්නුවා.

වකුගඩු රෝගයට අපේ දරුවෝ ගොදුරු වෙනවා, අපිත් මැරිලා යනවා කියන එකට උත්තරයක් සපයන්න ගියපුවහම කෘෂිකාර්මික දිස්ත්‍රික්ක වල ඔක්කොම අපිට පාඩමක් කියලා දුන්නා. එහෙම නම් අපි තීන්දු කෙරුවා ලබන යලේ ඉඳන් රුපියල් 500 ගානේ රසායනික පොහොර දෙන්න. මේක මම කිව්වම අප්පුඩි ගැහුවාට වැඩක් නෑ, මේකේ ප්‍රථිපලය භයානකයි. තාවකාලිකව පොඩි සතුටක් තියෙයි, කණගාටුයි කියන්න අනුරාධපුරයේ ලක්ෂයක් වකුගඩු රෝගයෙන් පෙළෙනවා.

 ග්ලයිෆොසෙට් තහනම් කරලා තිබුණා. තේ වතුවල, රබර් වතු වල , පොල්වතු වල ඉන්න මිනිස්සු හඬක් නැගුවා, ඒ පැත්තෙන් අපිට පණිවිඩයක් දුන්නා අපිට ග්ලයිෆොසෙට් දෙන්නේ නැත්තන් උඹලාට ජන්දෙත් නෑ කියලා..අපි මැරුණට කමක් නෑ , භාගෙට මැරුණත් කමක් නෑ, ග්ලයිෆොසෙට් දෙන්න කිව්වා.ඒ ක්‍රමයට යන්න ආණ්ඩුව තීන්දු කෙරුවා.ඒකට අපි ප්‍රතිචාර දක්වන කොට, ජනතාව ආරක්ෂා කරන කොට බෙහෙත් හේත් ටික දෙනකොට, පාසල් දරුවන් වකුගඩු රෝගයෙන් මුදවා ගන්න හැම පාසලකටම ජල ෆිල්ටරයක් හයි කරලා දරුවන් තමයි අපේ අනාගතය කියලා රැක ගන්න හදන කොට රජය හැටියට, ජනතාව ඒකට සූදානම් නැත්නම් අපිට කරන්න දෙයක් නෑ,ජනතාව ඉල්ලන්නේ උඹලා අපිට වහ හරි දීලා ගොයමේ අස්වැන්න ටිකක් වැඩි කරලා දෙන්න කියලා  නම් අපිට ඒ තීන්දුවට යන්න වෙනවා."
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top