ඇමරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ මයාමිහි මංතීරු 6කින් යුත් මාර්ගයක් හරහා ඉදිකරමින් තිබු පාලමක් කඩාවැටීම නිසා පුද්ගලයින් 4දෙනකු මියගියා. මේ අනතුර සිදුවන විට අධිවේගී මාර්ගයේ කාර්යබහුල වී තිබු බවයි වාර්තා වන්නේ.
පදිකයන් සදහා ඉදිකරමින් තිබු මේ පාලමේ අනතුර සිදුවන විට සේවකයින් පිරිසක් වැඩ කරමින්ද සිට තිබෙනවා. මේ අනතුර සිදු අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය නිකුත් කර තිබෙනවා.