නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයේ ඉන්න ආදරණිය අම්මා කෙනෙක්. සිනමාවටත් ආදරේ කරන ඇය සැබෑ ජීවිතයේදීත් ආදරණිය අම්මා කෙනෙක්. නිර්මාණ එක්ක කාර්ය බහුල වෙන නිල්මිණි ඇයගේ අලුත් තොරතුරු මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා.
නිල්මිණි මේ දවස්වල වැඩ ගොඩක හිරවෙලා කියලා ආරංචියි?
ඇත්තටම මේ දවස්වල හුස්ම ගන්නවත් වෙලාවක් නෑ. ටෙලි නාට්‍ය තුනක වැඩ. ඉතිං ඒ ටෙලි නාට්‍ය තුනේ වැඩවලට තමයි වැඩිපුරම කාර්යබහුල වෙලා ඉන්නේ. ඊට අමතරව චිත්‍රපටයක ප්‍රධාන චරිත රංගනයකටත් එකතු වුණා.
නිල්මිණි වැඩ ගොඩක පේන්න ඉන්න නිළියක් නෙවෙයි. එකපාරට ටෙලි නාට්‍ය කිහිපයකට කාර්යබහුල වෙන්නත් හේතුවක් ඇති..?
මගේ දුව සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කාලයේදී මම රංගන වැඩ කටයුතුවලින් ටිකක් නිශ්ශබ්ද වුණා. දුව ලබන අවුරුද්දේ උසස් පෙළ විභාගයට මුහුණදෙන නිසා මම හිතුවා හොඳ වැඩ කිහිපයක් කරලා තිබ්බොත් හොඳයි කියලා. ඉතිං මට හොඳ වැඩ කිහිපයකුත් ලැබුණා. අපහසුකම් නොබලා ඒ නිර්මාණවලට මගේ දායකත්වය ලබාදෙනවා.
ඔය කාර්යබහුලත්වය ජීවිතයට අපහසු නැද්ද?
ජීවිතයට මහන්සියි. හැබැයි ඒ මහන්සිය මම කවදාවත් පෙන්නන්නේ නෑ. මම යමක් භාර ගත්තොත් එය හරියටම කරනවා. කලාව, රංගනය කියන්නේ මගේ ජීවිතය. මම ඒකට කොච්චර ප්‍රියද කියනවා නම් මට ඒ වෙනුවෙන් වෙන මහන්සිය දැනෙන්නේ නැති තරම්. කරන දේ උපරිම කැපවීමෙන් කරන්න මට පුළුවන්.
තරුණ පරම්පරාවේ අයත් රංගනය වෙනුවෙන් ඔය වගේ කැප කිරීම් කරනවද?
අතළොස්සයි එහෙම කැප කිරීම් කරන අය ඉන්නේ. සමහර තරුණ රංගන ශිල්පිනියන් සෙට් එකට එන්නේ කරන්න තියෙන සීන් එක මොකක්ද කියලවත් දන්නේ නැතිව. සමහරු ෂූටින් ඇවිල්ලත් ඉන්නේ ෆේස්බුක් එකේමයි. මම ඉතිං එයාලට ආදරෙන් සමහර දේවල් කියලා දෙනවා.
අඩුපාඩු හදන්න ගිහින් නොහොඳ නෝක්කාඩු ඇති වෙලා නැද්ද?
වැරැද්දක් පෙන්නලා දුන්නම ඒ අය ඒවා පිළි අරගෙන තියෙනවා. ගැටලුවක් නම් වෙලා නැහැ. මම හරි ආදරෙයි අලුත් අයට. ඒ නිසා එයාලට ලස්සනට ඉන්න ඕන තැන් පවා මම කියලා දෙනවා.
එක් කතාවක ඔබේ සෑබෑ ජීවිතයට සමානකම් තියෙන චරිතයක් නේද?
ඒ චරිතය ඇතුළාන්තයේ කතාව මගේ ඇත්තම කතාව. මම තාත්තා නැතිව දරුවෙක් හදාගෙන සැලෝන් එකක් සහ රංගන කටයුතු කරගෙන ඉන්න කෙනෙක්. එයා මොඩ්ල් කෙනෙක්. මම එයාම නොවුණත් අපේ ඇතුළාන්තයේ කතාව සමානයි.
නිල්මිණි ශක්තිමත් මවක්?
ඔව්. මම ශක්තිමත් මවක්. මට පුදුම ධෛර්යයක් තියෙන්නේ. මම මගේ දුවව තනි කරන්නේ නැතුව එයා වෙනුවෙන් හැමදේම කරනවා. මම රූගත කිරීම්වලට දුර ගියත් විටින් විට එයාට කෝල් කරලා හැමදේම හොයලා බලනවා.
දුව නිල්මිණිගේ ජීවිතයම වෙලාද?
ඔව්. එයා මගේ මුළු ජීවිතයම. එයා මට පුදුම ගරුත්වයක් දෙන්නේ. මාව එයාට යාළුවෙක් වගේ. මම හරිම සංවේදියි. මම සංවේදී වෙන තැන් එයා හදනවා. මම ගොඩක් අයට උදවු කරද්දී එයා කියනවා ඔයා ඕනවට වඩා දේවල් කරන්න එපා, තව කෙනෙක්ටත් උදවු කරන්න ඉඩ තියන්න කියලා.
නිල්මිණි නිළියක්. දුව නිළියක් කරන්න කැමැති නැද්ද?
මම කැමැති නැහැ කිව්වොත් ඒක කලාවට කරන අගෞරවයක්. දුව කලාවට එනවට මගේ අකැමැත්තක් නැහැ. හැබැයි එයා රංගනයට එයි කියලා මම හිතන්නේ නැහැ. දුව සංගීතය පැත්තට බරයි. ඉතිං ඉදිරියේදී එයා රංගනයට කැමැති වෙයිද කියන්න බැහැ. දැනට නම් එයා රංගනයට එන්න ආසාවක් නැහැ. රංගන කටයුතුවලට එන්නම් කියලා ගොඩක් පොලු තියපු දරුවෙක් එයා.
නිල්මිණි අධ්‍යක්ෂවරියක් වෙන්න උත්සාහ කළානේ. ඒ උත්සාහයට මොකද වුණේ?
මම අධ්‍යක්ෂණයට අනිවාර්යයෙන්ම එනවා. මගේ නාට්‍ය කරන්න ඉන්නකොට මට වෙන නාට්‍යයකට කතා කරනවා. ඒත් අධ්‍යක්ෂණ හීනය නැති කරගෙන නැහැ.