ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ඔස්ට්‍රේලියානු ජාතික කැසිනෝ අධිරාජ්‍යයා ජේම්ස් පැකර් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, මේ හේතුවෙන් ඔහු ක්‍රවුන් රිසෝට්ස් ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් විදෙස් වාර්තා සදහන් කරනවා.
ඔහුගේ පෞද්ගලික ආයෝජන පිළිබඳ ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කරමින් කියා තිබුණේ, තම ප්‍රධානියා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ව්‍යාපාරයෙන් ඉවත්වන බවයි.