"ටික වේලාවකින් ඇස් දෙක ඇරලා බලද්දී ක්‍රීඩා පිටියම සැණකෙළියක් වෙලා"
" ස්වර්ණමය අවස්ථාවක් මම අත්හැරියා"
බංග්ලාදේශය සමග පැවති නිදහස් කුසලාන අවසන් මහා තරගයේ ජයග්‍රහණය ඉන්දියාවට අපහසු ඉලක්කයක් බවට පත් වුනේ එක දිගට පන්දු කිහිපයකදී ලකුණු ලබාගැනීමට නොහැකි වූ විජේ සංකර් නිසයි.
කෙසේවුවත් අවසන් පන්දුවට පෙර පන්දුවේදී විජේ සංකර් දැවී ගියේ ගියේ ජයග්‍රහණයට ලකණු 5ක ඉලක්කයක් ලබාදෙමින්. තරගයේ ජයග්‍රාහී ඉලක්කය අපහසු වුනේ පන්දු කිහිපයකටම විජේ සංකර් හට ලකුණු ලබාගැනීමට නොහැකි වීම නිසයි. තරගය පරාජය වුයේ නම් එහි චෝදනාව කෙලින්ම ඔහුට එල්ලවීමට නියමිතව තිබුනා.
මේ නිසා ඔහුට ඇති වූ හැගීම සංකර් මෙලස ප්‍රකාශ කර තිබුනා.
"ඒක මගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාව. මම අවසන් පන්දුව යවන වෙලාවේ ඇස් දෙක පියාගත්තා. ටික වේලාවකින් ඇස් දෙක ඇරලා බලද්දී ක්‍රීඩා පිටියම සැණකෙළියක් වෙලා, එතකොට තමයි මට හුස්ම වැටුනේ."
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නවකයෙක් වන සංකර් එදා රාත්‍රියේ අත්දැකීම තවදුරටත් මෙලස විස්තර කළා
"ඇත්තටම ඒ විනාඩි 15 මට පැය දෙක තුනක් තරම් දීර්ඝ කාලයක් වුනා. කාර්තික්ට හයේ පහර ගහන්න බැරි උනා නම් තරගය පරදිනවා, ඒ කියන්නේ පන්දු කිහිපයකදී ලකුණු ගහන්න බැරි උන මට තමයි පරාජයේ දෝෂරෝපණය එන්නේ. මම හද පතුලෙන්ම ඔහුට(කාර්තිකට) ස්තුතිවන්ත වෙනවා. එත් මට හිතෙනවා ස්වර්ණමය අවස්ථාවක් මම අත්හැරියා කියලා.