දියණියට මේ අවාසනාවන්ත රෝගය හැදෙන කොට අවුරදු 12යි
බලු සුරතලා ඇයගේ 3වෙනි පාදය වුණා
අපේ රටේ විතරක් නෙමෙයි මේ මුළු ලෝකයේම දෙමාපියන්ගේ එකම බලාපොරාත්තුව, සතුට සහ අනාගතය තමන්ගේ දරුවන්. ඇමරිකවේ ජීවත් වන Meet Bella නමැති වයස අවුරුදු 11ක් පමණ දියණියගේ දෙමාපියන්ටත් ඒ දේ ඒ වගේමයි.
නමුත් තමන්ගේ මේ සිගිති දියණියට ඇවිදීමට නොහැකිවන දුලබ ගනයේ රෝගයක් වැළදී ඇති බවට දෙමාපියන්ට දැනගන්නට ලැබුනේ මුළු ලෝකයම විනාශ යන හැගීමක් එක් කරමින්.
වෛද්‍යවරුන්ද ඇයට යලි ඇවිදීමට හැකි බවට සහතිකයක් ලබාදුන්නේ නැහැ. නමුත් Meet Bella දියණිය වගේම ඇයගේ දෙමව්පියන් බලාපොරාත්තු අත්හැරියේ නැහැ. ඔවුන් තවත් උත්සහවන්ත වෙමින් ජීවිතය දෙස බැලුවා.
ඒ මොහොතේ කවුරුවත් නොසිතු ලෙස Meet Bella යලි ඇවිදවීමේ රාජකාරියේ පවරාගත්තේ Meet Bellaගේ හොද යාලුවා වන George නම් බලු සුරතලයි. ලෙඩ ඇදෙ සිට Meet Bella යලි ප්‍රකෘති තත්වයට පැමිණෙන්න තෙක් George ඇයගේ සෙවනැල්ල බවට පත්වුණා.
රෝද පුටුවන් ගමන කරන විට පස්සෙන් ගිය George කිහිලිකරුවෙන් ඇවිදින විට ඇයට ආධාරකයක් වුනා. ඒ විතක් නෙමෙයි Meet Bella යලි දෙපයින් සිට ගන්න කම් George මිනිසෙකුගෙන්වත් නොලැබෙන සෙනෙහසක් ලබාදෙමින් ඇයගේ තුන්වෙනි පාදය බවට පත්වුණා.