කිෂානි අලංකි කියන්නේ යොවුන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. බොහෝ දෙනෙකු ඇයට එලෙස කතාකරත් ඇගේ හරි නම අලංකි කිෂානි පෙරේරායි.
කාලෙකින් ඇය රූපවාහිනියේ දකින්නට ලැබුනේ නැහැ.
ඒ ගැන නම් ඇය කියන්නේ නම් ව්‍යාපාර කටයතුවලට කාර්යබහුල වෙලා කියලයි.. ඇය ප්‍රමුඛතාව දී කටයුතු කරපු අධ්‍යාපන කටයුතුත් දැන් අවසන් වෙලාලු.
ඇගේ නවතම තොරතුරු සති අන්ත පුවත්පතක මෙලෙස පළවී තිබුණා.
අධ්‍යාපන කටයුතු අවසන්ද දැන්?
මම ප්‍රමුඛතාව දීලා කටයුතු කරපු මගේ නීති උපාධිය අවසන් දැන්.
කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?
ගිහාන් රෝහනගේ ටෙලිනාට්‍යකට සම්බන්ධ වුණා. ඒ ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු තිබුණා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වුණා. ඊට අමතරව ව්‍යාපාර කටයුතු තමයි ඉතින්.
සාරි ෂොප් එකද?
ඔව්... මම පවත්වාගෙන යන රාධා මගේ සාරි ෂොප් එකේ වැඩ කටයුතුවලට තමයි පහුගිය ටිකේ වැඩි අවධානයක් ලබා දුන්නේ.
ටෙලිනාට්‍යයේ නම මොකක්ද?
ඒකේ නම මම විකාශය වෙද්දීම කියන්නම්. මගේ චරිතය නම් පිට රට ජීවත් වෙන ලාංකික තරුණියක් ලංකාවට ආවට පස්සේ ඇය මූණ දෙන සිද්ධීන් හා බැඳුනු චරිතයක්.
කොච්චර කාලෙකින්ද මේ ටෙලිනාට්‍යකට සම්බන්ධ වුණේ?
අවුරුදු එකහමාරකට විතර පස්සේ.
විකාශය වෙන්න නියමිත නිර්මාණ මොනවද?
මම රංගනයෙන් දායක වුණු තිලින බොරලැස්ස ගේ ටෙලිනාට්‍යකුත් තවත් ටෙලිනාට්‍ය කිහිපයකුත් විකාශය වෙන්න තියෙනවා.
පහුගිය කාලයේ ඇයි එතරම් කලා කටයුතුවලට සම්බන්ධ නොවුණේ?
මගේ සාරි ෂොප් එක ආරම්භ කරලා දැන් අවුරුදු දෙකක් වෙනවා. ඉතින් ව්‍යාපාරය ආරම්භ කරපු ගමන් නිසා ඒ වැඩ කටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා හිටියා. දැන් ඉතින් ඒ සම්බන්ධයෙන් තරමක අත්දැකීම් තියෙන නිසා ආයෙත් අනිත් වැඩ කටයුතු ගැන දැන් හිතන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් හොඳ නිර්මාණ ලැබුණොත් ඉදිරියේදී සම්බන්ධ වෙනවා.
චිත්‍රපටයකට ආරාධනා ලැබුණා නේද?
ඔව්... චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. මං හිතන්නේ මේ අවුරුද්දේ මැදදී විතර ඒ වැඩ කටයුතු ආරම්භ වේවි.
ඉදිරියේදී නීතිඥවරියක් විදිහට කටයුතු කරන්නද වඩාත් කැමැති ව්‍යාපාරිකාවක් විදිහට කටයුතු කරන්නද කැමැති?
දැනට නං ව්‍යාපාරිකාවක් විදිහට කටයුතු කරන්නයි කැමැති.
ඇයි ඒ? වෘත්තිමය නීතිඥවරියක් විදිහට කටයුතු කරන්න කැමැත්තක් නැද්ද?
ඒ විෂයට මම හුඟක් කැමැතියි. මම හිතනවා මට ඉදිරියේදී නීති උපාධිය ඒ දැනුම මට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒක අපතේ යන එකක් නෑ කියලා මම විශ්වාස කරනවා.
මෙච්චර මහන්සිවෙලා ඉගෙනගෙන ඇයි යමක් නොකරන්නේ?
නීති විෂය ගත්තම එකෙත් විවිධ පැති තියෙනවානේ. ඉතින් උසාවියට ගිහින් කතා කරන එකට මගේ වැඩි කැමැත්තක් නෑ. මොකද මං කැමති නෑ මගේ කාලයම ඒකට කැප කරන්න මම ව්‍යාපාරත් කරන නිසා.
ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතුවේ ඇයි?
මම කවදාවත් කලාව වෘත්තියක් කියලා හිතුවේ නෑ. මම කලාවට ගොඩක් ආදරෙයි. ඒ වගේම අධ්‍යාපනයත් වැදගත්. අනිත් අතට එකම දෙයක බැඳිලා ඉන්න ඕන කියලා මම හිතුවේ නෑ. බිස්නස් එකත් ගොඩක් හොඳ දෙයක් කියලයි මම හිතුවේ.
බෝයි ෆෙන්ඩ් ගැන ඇයි කිෂානි කතා කරන්නේ නැත්තේ?
මට බෝයි ෆෙන්ඩ් කෙනෙක් දැනට නැහැ. ආදරේ ගැන කතා කළොත් මගේ ජීවිතේ මට උතුම්ම ආදරය ලැබිලා තියෙන්නේ මගේ දෙමව්පියන්ගෙන්. ඊට අමතරව ආදරය ගැන කතා කරන්න අමාරුයි. මොකද ඊට අමතරව විශේෂ ආදරයක් මට කාගෙන්වත් දැනිලා නැහැ.
ඔබේ ආදරය ලැබෙන කෙනා කොහොම කෙනෙක් වේවිද?
මට අවංක කෙනෙක්ව මට හුඟක් වටිනවා ආදරයේදී. හැබැයි සරල කෙනෙක් වෙන්න ඕන. ඕනෙම මනුස්සයෙකුට හොඳින් සලකන්න පුළුවන් බොරු ආඩම්බරකම් නැති හිත හොඳ සරල කෙනෙකුටයි මම කැමැති.
මේ වෙලාවේ එහෙම කෙනෙක් ඔබට ආදරය ප්‍රකශ කළොත්?
අනිවාර්යයෙන්ම සලකලා බලනවා.
ඒ කියන්නේ දැන් විවාහයට කාලය හරි කියලත් අම්මත් කියනවද?
නෑ.. නෑ.. අම්මා කියන්නේ මම කැමැතිම කෙනෙක් ලැබෙනකන් විවාහ වෙන්න එපා කියලායි අම්මි කියන්නේ. දැන් ගොඩක් කපල්ස් ඉන්නවා හිතන්නේ නැතුව ඉක්මනට මැරි කරලා ඩිවෝස් වෙනවා. මං කැමැති නෑ ඒ දේ මට වෙනවට. ඉතින් හරි වෙලාවට හරි කෙනාව ලැබුණම තමයි මම බඳින්නේ. මොකද ගෑනු ළමයෙකුගේ මුළු ජීවිතේම විවාහය මත්තෙම විය යුතුයි කියලා මම හිතන්නේ නෑ.
සමාජ සත්කාරවලට ඔබ නැඹුරුයි නේද?
ඔව්... දැන් කාලයක් තිස්සේ ගුණ ජය සතුට පදනමත් එක්ක එකතු වෙලා මම පිටිසර පළාත්වල ඉන්න දුප්පත් දරුවන්ට උදව් උපකාර කරනවා. මේ පදනමට ආධාර හොයා දෙන්නත් මම කටයුතු කළා ෆේස්බුක් හරහා.
යටි දේශපාලන අරමුණක් හිතේ තියාගෙනද මේ දේවල් කරන්නේ?
කොහෙත්ම නැහැ. මම හිතන්නේ දේශපාලනය ගැන හිතන්න අවශ්‍ය නැහැ සමාජ සේවය කරන්න. ඒ වගේම ඕනෙම පුරවැසියෙකුටම යුතුකමක් තියෙනවා නැති බැරි අයට උදව් කරන්න.
ඔබ කිෂානි අලංකිද? අලංකි කිෂානි ද?
මම අලංකි කිෂානි පෙරේරා. මට සහයෝගය දුන්නු හැම කෙනෙක්ටම මේ වෙලාවේ මම ස්තුති කරන්න ඕන. අද මම මෙතන ඉන්නේ ඔවුන් නිසා.