"ඒක ඇඳලා ගැහැනු කෙනෙක් කවදාවත් ගමේ පොදු ළිඳක නාන්නේ නැහැනේ"
"එදා ඒක අඳින්න බෑ කිව්ව නම් මම තරඟෙට සහභාගී වුණ එකෙනුත් වැඩක් නෑ"
කාන්තාවන්ට වෙන් වුණු නාන ඇඳුම එහෙමත් නැත්නම් බිකිනි ඇඳුම ගැන අපේ රටේ තියෙන්නේ මත දෙකක්. සමහරු ඒවා හොඳයි කිව්වට සමහරු ඒවා ප්‍රතික්ෂේප කරනවා.
ඇඟ පේන බිකිනි ඇඳුම දෙස් විදෙස් තරුණියන් පිහිණුම් තටාකවලදී මෙන්ම රූප රැජින තරඟවලදී පවා පාව්චිචි කරනවා.
මේ විදිහට කතාබහට ලක්කෙරෙන බිකිනි ඇඳුම ගැන හුඟදෙනෙක් කියන්නේ නම් කාන්තා පක්ෂයට නුසුදුසු ඇඳුමක් නෙමෙයි කියලයි.
කෙසේ වෙතත් මේ ගැන අපේ රටේ නිළියක් පිරිසක් සති අන්ත පුවත්පතකට විස්තර කර තිබුනේ මේ විදිහටයි.
සුදුසු විදිහට අඳිමු - රුවන්ගි රත්නායක
"කාන්තාවන්ට වෙන් වුණු මේ ඇඳුම පිහිණුම් තටාකවලදී පිට රටවල් වලදී වගේම විවිධ තරඟ වට සඳහාත් අඳිනවා. ශ්‍රී ලාංකිකයන් විදිහට කාන්තා පාර්ශ්වය තේරුම් ගත යුතුයි මේ ඇඳුම අපේ රට තුළ අඳින්න ඕන කොහොමද කියලා".
හරියට ඇන්දොත් ගැටලුවක් නැහැ - ඕෂධී හේවාමද්දුම
"නාන ඇඳුම ගැන කතාකළාම බිකිනි එක තමයි මූලික වෙන්නේ. ඒක කාන්තා පක්ෂයට නුසුදුසු ඇඳුමක් නෙමෙයි. රංගක ශිල්පිණියක් විදිහට ජාත්‍යන්තර තරඟයකට පවා සහභාගී වෙලා ජයග්‍රහණය ලබපු මට ඒ ඇඳුමෙන් එක් අවස්ථාවක තරගයකට සහභාගී වෙන්න වුණා. එදා ඒක අඳින්න බෑ කිව්ව නම් මම තරඟෙට සහභාගී වුණ එකෙනුත් වැඩක් නෑ. එතෙනදි මම කළේ කාන්තාවන්ගේ වගේම රටේ ගෞරවය රැකෙන විදියට වෙනසක් කරලා ඒ ඇඳුම ඇඳපු එක. හරියට අඳිනවා නම් ඒකේ කිසි වැරැද්දක් නැහැ".
සමහරුන්ට ඇලජික් වුණාට අපිට ඕනෑ - ගීතිකා රාජපක්ෂ
"කාන්තා පාර්ශ්වයේ කිසිම කෙනෙකුට දිය රෙද්දක් ඇඳගෙන පිහිණුම් තටාකයකට බහින්න බැහැ. එවැනි අවස්ථාවලදී අඳින්න නිර්මාණය වෙච්ච ඇඳුමක් තමයි බිකිනි කියන්නේ. ඒ වගේ තැන්වලදී අපිට මේ ඇඳුම හරිම ප්‍රයෝජනවත්. එක එක්කෙනාගේ මානසික මට්ටමට අනුව ගොඩක් හොඳ දේවල් නරක විදිහට දකිනවා. ඒ වගේ අයට ඇලජික් වුණාට මේක කාන්තාවන්ට අවශ්‍ය ඇඳුමක්".
ප්‍රශ්ණයක් කරගන්න එපා - නදීෂා අලහප්පෙරුම
"ප්‍රශ්නයක් කරගන්න එපා නාන ඇඳුම කියන්නේ කිසි කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න ඕන ඇඳුමක් නෙමෙයි. මොකද ඒක ඇඳලා ගැහැනු කෙනෙක් කවදාවත් ගමේ පොදු ළිඳක නාන්නේ නැහැනේ. අන්න එහෙම වුණොත් තමයි ඒක මැජික් වෙන්නේ. අපේ සමාජයේ ඉන්න පටු අදහස් තියෙන පටු විදිහට හිතන අය නාන ඇඳුම දිහා වපර ඇහින් බලල සමච්චලේට ඒ ගැන කතා කළාට ඒක කවදාවත් ඒ තැනට වැටෙන්න ඕන කාන්තා ඇඳුමක් නෙමෙයි".
ධම්මික හේවාවසම්