ලොවම එක්රැයකින් තම වසඟයට ගත් මේ වනවිට ඉන්දීයාවේ වඩාත් කතාබහට ලක්වන චරිතය වන ප්‍රියා ප්‍රකාශ්.
පසුගිය දින කිහිපය තුළ බොහෝ ලෙස ඇගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන්නට පටන් ගැනීමත් සමඟ තරුණයන්ගේ සිත් සොරගත් මේ අලුත් රුව පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් සිදුව තිබුණා.
ප්‍රියා ප්‍රකාශ් රංගනයෙන් දායක වූ "ඔරු ආදර් ලව්" මලයාලම් චිත්‍රපටය හරහා ඉන්දීය සිනමා රංගනයට ඇය ඉදිරියේදී බොලිවුඩ් සිනමාවටද එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ රෝහිත් ෂෙට්ටි විසින් අධ්‍යක්ෂණය කරන "සිම්බා" චිත්‍රපටයේ රන්වීර් සිං සමගින් එහි ප්‍රධාන චරිතයට ප්‍රියා ප්‍රකාශ් තෝරා ගැනීමයි.
මේ වනවිට දකුණු ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වී ඇති ප්‍රියා ප්‍රකාශ්ට දැනට මලයාලම්, දමිල, කන්නඩ, තෙළෙඟු චිත්‍රපට බොහෝමයක සඳහා ආරාධනා ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.