හිරු TV ජනප්‍රිය නිවේදක රංගන ද සිල්වාගේ ෆේස්බුක් ගිණුම Hack කර තිබෙනවා.
මෙම ෆේස්බුක් ගිණුම පසුගිය සිකුරාදා දින සිට කිසියම් පුද්ගයෙකු විසින් Hack තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස Hack කරන ලද පුද්ගලයා විසින් මෙම ෆේස්බුක් ගිණුම ඔස්සේ රංගන ද සිල්වාගේ එහි සිටින මිතුරියන්හට දුරකථන ඇමතුම් සහ විවිධාකාරයේ පණිවුඩද යවා තිබෙනවා.
සිය ෆේස්බුක් ගිණුම යළි ලබා ගැනීමට තමන් උත්සහ කරත් එය අසාර්ථක වී ඇති බැවින් ගිණුම අවලංගු කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගද ගෙන තිබෙන බවයි රංගන ද සිල්වා සඳහන් කලේ.
අප කළ විමසීමේදී රංගන ද සිල්වා සඳහන් කලේ සිය ෆේස්බුක් ගිණුම මේ වනවිට තමන් විසින් භාවිතා නොකරන බැවින් තමන්ට ආදරය කරන සියලු ෆේස්බුක් රසිකයන්ට ඒ හරහා ලැබෙන සියලු පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙසයි.
රංගන ද සිල්වා වැඩි දුරටත් සඳහන් කර සිටියේ තමන්ගේ නමින් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් සාදා තිබෙන අතර එයද ව්‍යාජ ගිණුමක් බවත් මේ වනවිට කිසිඳු ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් තමන් භාවිතා නොකරන බවත්ය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ නව ෆේස්බුක් ගිණුමක් විවෘත කළ විගස මිතුර මිතුරියන් වෙත දැනුම් දෙන බවයි.
මෙවර ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම රූපවාහිනී නිවේදකයාට හිමි සම්මානයද රංගන සිල්වාට හිමි වුණා.