යානය තුලදී හමුවන්න පෙර දෙන්නා හදුනන්නේ නැහැ
යුවලක් වැසිකිලියේ ඉන්න බව ගුවන් සේවිකාව දැනගෙන
එංගලන්තයේ Gatwick ගුවන් තොටුපළින් මෙක්සිකෝව බලා පියාසර කල ගුවන් යානයක සිටි යුවලක් එම යානයේ වැසිකිලියේදී ලිංගිකව හැසිරීමට ගොස් එය යානයේ ගුවන් සේවිකාවන්ට හසු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම යුවල මෙසේ හැසිරී ඇත්තේ Virgin Atlantic ගුවන යානයක් තුළදීයි. මේ දෙදනාගේ හමුවීම දුර දිග ගොස් ඇති අතර ඔවුන් දෙදනා බීමතින් සිටි බවටද තොරතුරු වාර්තා වනවා.
යුවලක් යානයේ වැසිකිලියේ සිටින බව දැනගත් ගුවන් සේවිකාවක් වැසිකිලියේ දොරට තට්ටු කර ඔවුන් දෙදනට අවවාද කර නැවත සිය ආසන කරා යොමු කර ඇති අතර එසේ හැසිරීමට අවශ්‍ය නම් නිවාඩුවක් ගත කිරීමට යන ලෙසටද එම යුවලට පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.