වසර 7 ක් පුරාවට උත්සවය තියලා නෑ....
ලෝකයේම අවධානය යොමුවූ අමුතුම ආකාරයේ උත්සවයක් යළි ආරම්භ කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම උත්සවය පැවැත්වෙන්නේ පාකිස්තානයේයි.
මෙලෙස යළි ආරම්භ කර ඇත්තේ Sheedi mela නම් කිඹුලන් වෙනුවෙන් පැවැත්වෙන සාම්ප්‍රදායික උත්සවයයි.
පාකිස්තානයේ වෙසෙන ශීදී ජන සමාජය විසින් මෙම උත්සවය වසරක් පාසා සංවිධානය කරන මුත් පසුගිය වසර 7 ක් පුරා එය නොපැවැත්වීම විශේෂත්වයක්.
එම උත්සවය පසුගිය වසරවල නොපැවත්වුනේ ආරක්‍ෂිත හේතූන් මතයි.
ඔවුන් විශ්වාස කරන්නේ කිඹුලන් 'සුෆි' සාන්තුවර පිර් මැන්ග්හෝගේ නැවත පහළවීම බවයි.
පාකිස්තානයේ Karachi හි පැරණිතම සිද්ධස්ථානය වන Manghopir නම් දේවස්ථානය මේ සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.