Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
මරණයට දින නියම කර තිබියෙදී ඒ බාධක පසෙකලා නව නිර්මාණවලින් ලොව වර්ණවත් කළ නූතන ලෝකයේ මහා ප්‍රාඥයා ගැන ඔබ නොදත් දේ

- මරණයට දින නියම කර තිබියෙදී ඒ බාධක පසෙකලා නව නිර්මාණවලින් ලොව වර්ණවත් කළ නූතන ලෝකයේ මහා ප්‍රාඥයා ගැන ඔබ නොදත් දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,126 Views
" අපි දන්නා දවසේ ඉදලා තාත්තා ඉන්නේ රෝද පුටුවේ.."

"මම හිතනවා අපිට වගේම ඔහු මේ මුළු ලෝකයටම ආදරේ කළා කියලා.."

ලෝකය දකින්න ලෝකයම කතා කරන පුද්ගලයෙක් වෙන්න හැමෝටම බැහැ. Professor Stephen Hawking කියන්නේ රුව දුටු පමණින් නම ඇසූ පමණින් දන්නා චරිතයක්. ඔහුගේ බුද්ධිය දැණුම දැන් ලෝකයටම අහිමි වී අවසානයි. ඒ ඔහු මෙලොවින් සමුගත් නිසයි. කේම්බ්‍රිජ්හි පිහිටි තම නිවසේදී අද ඔහු සදහටම සමු ගත්තා.

වර්ෂ 1942 ජනවාරි මස 08  වැනිදා එංගලන්තයේ Oxford නගරයේ උපත ලබන ඔහු මෙලොව දකින්නේ ඉතාමත් නිරෝගී දරුවෙකු හැටියටයි. ඒ Frank හා Isobel Hawkingnk දාව. මේ පුංචි පවුල Oxford විශ්ව විද්‍යාලයට නෑකම් කියූ නිසා අම්මා තාත්තා නිරන්තරයෙන්ම ගණුදෙනු කළේ වෛද්‍ය විද්‍යාව හා භෞතික විද්‍යාව එක්කයි. ඔහුට සහෝදරියන් දෙදෙනෙක් හා සහෝදරයෙක් සිටි නිසා ළමා කාලය සුන්දර වුණා. ඒ ළමා කාලය ගෙවා දමමින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු වූ ඔහු කෙළිලොලින් කාලය ගෙවා දැම්මා. යාළුවො පිරිවාරාගෙන හිටිය Hawking ට ඒ අතර විශේෂ යෙහෙලියක් හිටියා. ගැහැණු ළමයින් කිහිපදෙනෙකුගේ ආදරය දිනා ගත් ඔහු විටින් විට පෙම්වතෙක් වුණත් කිසිම විටෙක ප්‍රේම නිසා ලෝකය දිනා ගැනීමේ අරමුණ අමතක කළේ නැහැ. ඔහු විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නේ 1959 වර්ෂයේදී. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 17යි. විශ්ව විද්‍යාල කිහිපයකින්ම අධ්‍යාපනය ලබන ඔහු උපාධි කිහිපයකටම හිමිකම් කියනවා.

කළු කුහර සහ සාපේක්ෂතාවාදය පිළිබඳ සොයා ගැනීම් සිදුකළ විද්‍යාඥයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් ස්ටීවන් හෝකින් විසින් 'A Brief History of Time' ඇතුළු ජනප්‍රිය විද්‍යා ග්‍රන්ථ රාශියක් ලියා පළකරනු ලැබුවා. නමුත් මේ හැම දක්ෂතාවයකිනම පිරිපුන් මිනිසා  ඉතා දුර්ලභ ස්නායු ආබාධයකින් පෙලෙන බවට වෛද්‍යවරුන් සොයා ගද්දි ඔහුට වයස අවුරුදු 22යි. ඒවන විට වෛද්‍යවරුන් කිව්වේ ඔහුට ජිවත් විය හැක්කේ තවත් වසර දෙක තුනක් පමණක් බවයි. නමුත් ඔහුගේ දෛවය ඔහුව වර්ෂ 76ක් ජිවත් කරවන්නට සමත් වුණා. ඔහුගේ රෝගී තත්ත්වය නිසා රෝද පුටුවට ජීවිතය සිමා කළා. දරුණු ස්නායු ආබාධය නිසා කතා කිරීමටවත් ඔහුට පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් කතා කිරීමේ අපහසුතා මගහරවා ගැනීම සදහා තාක්ෂණික මෙවලමක් ඔහු භාවිතා කළා. ඒ හඬ සංශ්ලේෂණ උපකරණයක්.

ඒ කොහොම නමුත් තමන් ආබාධිතයෙක් යන වග ඔහු සිතට ගත්තේ නැහැ. ඔහු විවාහ දිවියටද ඇතුලත් වුණා. ඔහු මුලින්ම විවාහ වුණේ Jane සමග.ඔහුගෙන් ඇය වර්ෂ 1991 දී දික්කසාද වෙනවා. පසුව ඔහුට වෙදකම් කළ හෙදිය Elaine Mason සමග විවාහ වෙනවා වර්ෂ 1995 දී. ඇයත් ඔහුගෙන් දික්කසාද වෙනවා. ඒ වර්ෂ 2006දී. ඒ විවාහ දෙකෙන්ම ඔහුට දරුවන් තිදෙනෙක් ඉන්නවා. මේ දරුවෝ තුන්දෙනා නම් කියන්නේ තමන්ගේ පියා මුළු ලොවටම විශ්ව කෝෂයක් කියලයි. ඔහු ලෝකයටම ආදර්ශමත් මනුස්සයෙක් වගේම දරුවන්ට ආදරණිය පියෙක් වූ බවත් ඔවුන් මේ මොහොතේ සිහිපත් කරනවා. ඔහු මිය ගියත් පියාගේ මතකය සදා අමරණිය බව ඔවුන් කියනවා. ඔහුගේ ආදරණිය දියණිය මෙහෙම කියනවා.

" අපි දන්නා දවසේ ඉදලා තාත්තා ඉන්නේ රෝද පුටුවේ.. නමුත් ඔහුගේ බුද්ධිය අසම සමයි. තාත්තාගේ ආදරෙත් අසමසමයි. ඔහු තරම් කාගෙන්වත් අපිට ආදරේ නොලැබෙන්න පුළුවන්.. මම හිතනවා අපිට වගේම ඔහු මේ මුළු ලෝකයටම ආදරේ කළා කියලා.. ඒ නිසයි දරුණු ස්නායු ආබාධයකින් ඉන්නකොටත් ලෝකයට බුද්ධිය දෙන්න වෙහෙස වුණේ.. අපි ඔහුට හැමදාමත් ආදරේයි.. ඔහු නැති අඩුව අපිට හැමදාම දැනේවි.. කොහොම නමුත් සුව නින්දකට අපි සුබ පතනවා.."

ලෝක නායකයින් බොහෝ දෙනෙකුගේ අවධානය ගත් ඒ බුද්ධිමත් ඥානවන්තයා ලෝකයට බොහෝ පාඩම් කියා දී නික්ම ගියා. ඔහුට නිවන් සුව ලැබේවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  284 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  871 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,275 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,174 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,321 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,561 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,189 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,818 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,066 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,066 Downloads



Top 10 Commenters

Latest Comments

Top