Florida ප්‍රාන්තයේ Tampa කියන නගරයේ ප්‍රසිද්ධ බස් රථ නැවතුම්පොළක කාඩ්බෝඩ් පෙට්ටියක් නවාතැන් කරගත් මිනිසෙක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු නමින් John Helinski. වයස අවුරුදු 62 යි. මොහු වර්ෂ තුනක් තිස්සේ ජිවත් වෙලා තිබෙන්නේ මේ කියන කාඩ් බෝඩ් පෙට්ටියේ. ඔහුගේ මතක තිබිලා තියෙන්නේ ඔහුගේ නමත් වයසත් පමණයි.
කොහේ ඉදලද ආවේ, දරුවෝ කවුද බිරිද ඉන්නවද මේ සියල්ලම ඔහුට අමතකයි. ඒ විතරක් නෙමෙයි වසර තුනම ජිවත් වෙලා තියෙන්නේ අනුන් දෙන කෑම බිම වලින්. රෑට කන්නේ මොනවාද කියලාවත් ඔහු දන්නේ නැහැ. ඔය විදිහට ජිවත් වෙන මේ පුද්ගලයාට එරට පොලිසිය උදව් කර තිබෙනවා. පොලිසිය මගින් හොයලා බලද්දී ඔහු පෝලන්ත ජාතිකයෙක් බව තහවුරු කරගෙන තිබෙනවා.
කෙටි කලකට ෆ්ලොරිඩා ප්‍රාන්තයට පැමිණ තිබෙන බවත් සදහන් වෙනවා. පොලිසියේ සහයෝගයෙන් ඔහුව ටික දිනකට නවාතැන්පලකට යොමු කර තිබෙනවා. පසුව ඔහුට තාවකාලික හැදුනුම්පතක් සකසා දී තිබෙන අතර ඔහුගේ ගිණුම් පරික්ෂාවට ලක් කරලා. එහිදී ඔහු සතුව විශාල මුදලක් ඇති බව තහවුරු කරගෙන. එම මුදලින් ඔහුටම කියා වාහනයක් හා නිවසක් මිලදී ගැනීමට පොලිසිය උදව් කර තිබෙනවා. සියලු දේ අමතකව ගිය ජෝන්ට අවසානයේ සතුට හා නිදහසේ ජිවත් වීමට පරිසරය සැකසී තිබෙනවා. මොහුට උදව් කළ පොලිස් නිලධාරියා මෙහෙම කතාවක් කියනවා
" පොලිසිය ඉන්නේ හැම මනුස්සයාවම අත්අඩංගුවට ගන්න නෙමෙයි උදව් කරන්න.. ඔහුට කිසිම මතකයක් තිබුනේ නැහැ.. ඔහු වෙනත් ජාතිකයෙක්.. නමුත් ඔහුව අත්අඩංගුවට නොගෙන ඔහුට උදව් කළා.."