Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
"එයා මැරිලා අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි දන්නේ මටත් ඒඩ්ස් කියලා.." - ජීවිතය යදින යුවතියකගේ දුක්බර කතාව

- "එයා මැරිලා අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි දන්නේ මටත් ඒඩ්ස් කියලා.." - ජීවිතය යදින යුවතියකගේ දුක්බර කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,208 Views
"එහෙම කිව්වම මම හිතුවේ මමත්  ඉක්මණට මැරෙයි කියලා.."

"එයාට ඒඩ්ස් කියලා දැන දැන මාව ආශ්‍රය කරලා තිබුණේ.."

"එයා මට ලොකු වංචාවක් කරලා අහිංසක මාව රැවට්ටුවා.."

ජීවිතය, වියා හමාර කළ නොහැකිව එතැනින් මෙතැනින් පත් ඉරු එල්ලෙන පැදුරකැ’යි කියැවූයේ මළගිය ඇත්තෝ පොතේ බව මතකය. ඒත් ඒ උපමාව හරියටම ගැළපෙන්නේ මා ඉදිරිපිට හිනැහෙන ගතින් කුඩා ගැහැනියටය. අඬන්නට කාරණා දහසක්ම ජීවිතේ තිබුණත් ඒ ඇස් හිනැහෙන විට තවමත් ඉරි දෙකක් සේ කුඩා වෙයි.. ජීවිතය අතහැර පලා නොයනුව ඈ, අනික් අපටද බලාපොරොත්තු ගෙන එයි.

”මට ඒඞ්ස් කිව්වම හිතාගෙන ආවෙ කෙට්ටු පණනැති ලෙඩෙක්ව දකින්න නේද? ඒත් එහෙමම නෑ. මං මේ හැඩට ඉන්නෙ. එන්න මෙතැනින් වාඩිවෙන්න” ඈ මගේ හිත අකුරින් අකුර කියවූ ගාණය. ඉතින් ඈ ළග වාඩිවී දැන් ඒ කතාව අසා සිටිය යුතුවෙයි.

”මගේ නම ඞී.අයි. ප්‍රභාෂිණි. උපන්ගම බළන්ගොඩ.  ඕලෙවල් විභාගෙ ලිව්වට පස්සේ රස්සාවකට ගමෙන් ආවා. මට රස්සාව ලැබුණේ වත්තල ප්‍රසිද්ධ පොලිතින් ෆැක්ටරියක. වැඩකරපු ගෑනු ළමයින්ට එතැන නවතින්න හොස්ටල් එකක් තිබුණු නිසා මටත් නවාතැන් ලැබුණා.

ලොකු පඩියක් නොලැබෙන නිසා දුක් වින්දා තමයි. ඒත් බොහොම හොඳට වැඩ ටික කරගෙන යාළුවෝ එක්ක විනෝදෙන් හිටිය. ඒ කාලේ තමයි ප්‍රසාද් මට බැල්ම හෙළුවෙ. ප්‍රසාදුත් අපේ ෆැක්ටරියෙම කොල්ලෙක්. හැබැයි එයාගේ ගෙදරත් වත්තල නිසා එයා ගෙදර ඉඳන් හැමදාම වැඩට ආවෙ. අවුරුද්දක් විතර එයා මගෙ පස්සෙන් ඇවිත් ආදරේ ඉල්ලූවත් මම හැමදාම උත්තරේ කල්දාමින් හිටියා. මොකද කොල්ලෙකුගෙ ජීවිතේ සෙල්ලමට ගන්න ගමෙන් ආපු අහිංසක මං කැමැති වුණේ නෑ. හැබැයි එයා යාළුවො අතරෙ හුඟක් ප්‍රසිද්ධ හරි ආකර්ෂණීය චරිතයක් නිසා හොඳට හිතලා බලලා මම එයා එක්ක යාළු වුණා.

ඊළගට අපේ ගෙවල් දෙකට අපි මේ ආරංචිය දැනුම් දුන්නා. දෙපැත්තෙම නෑදෑයො අපට කැමැත්ත දුන්නා. ඉතිං තව මොනවද හංගන්නෙ? අපි ගෙවල් දෙකේ ආවා ගියා. වැඩ ඇරිලා හැමදාම එයා මාව හොස්ටල් එකට ගෙනැත් ඇරලූවා. හැම ජෝඩුවක්ම වගේ අපිත් පොඩි පොඩි විනෝද ගමන් ගියා. ජීවිතේ හැමදාටම වඩා හරි ලස්සනයි කියලා ඒ කාලෙ හිතුණා.”
අතීතය ඈ මගේ ඉදිරිපිට පෙළගැස්වූවේ එහෙමය. ඒත් එතැනින් පසුව ඇය, ලස්සන නැති පරිච්ෙඡ්දයක් පටන් ගන්නට වූවාය.

”මෙහෙම ඉන්නකොට 2003 අවුරුද්දෙදි වගේ ප්‍රසාද් ටික ටික ලෙඩ වෙන්න පටන් ගත්තා. එයාගෙ පෙනුම හුගක්ම වෙනස් වුණා. කෙට්ටු වෙලා, දුර්වල වෙලා, නිතර නිතර නිවාඩු දාලා වැඩට නෑවිත් හිටියා. කොළඹ ජාතික රෝහලෙන් බෙහෙත් ගත්තා. මාසයක් විතර ඉස්පිරිතාලෙ ඉඳල ඇවිත් මාසයක් විතර වැඩ කරල, ආපහු තව මාසයක් ඉස්පිරිතාලේ ඉන්නවා. එහෙම නිතර නිතර වුණා.

මේ කාලේ මට තේරුමක් තිබුණෙ නෑ එයාගේ ලෙඬේ මොකක්ද කියලා. එයා දුර්වලයි, අසනීපයි නිසා එයාගෙ අම්මලා එක්ක මම වත්තල ඉඳන් ඉස්පිරිතාලෙ ඇවිල්ලා නිතර ලෙඩා බලලා ගියා. එයා ගෙදර ආව කාලෙට මාත් එක්ක බොහොම කිට්ටු සම්බන්ධයක් තිබුණා.

දවසක් මම යාළුවෙක් එක්ක ප්‍රසාද්ව බලන්න ඉස්පිරිතාලෙ ගියාම එයා ඇඳේ හිටියෙ නෑ. ලෙඩා කෝ කියලා ඇහුවම නර්ස් කෙනෙක් කිව්වා එයාව IDH යැව්වා කියලා. මම හිතුවේ ඒක ජාතික රෝහලේ වාට්ටුවක් කියලයි. මම ඇහුවා ඒ වාට්ටුව කොහෙද තියෙන්නෙ කියලා. ඒ නර්ස් හිනාවෙලා යන්න ගියා.

ඊළග දවසේ මම ප්‍රසාද්ගෙ අම්මල එක්ක IDH ඉස්පිරිතාලෙට ගිහිල්ල එයාව බැලූවා. එයා නැවතිලා ඉන්න කාලෙ අපිට කතාබහ කරන්නවත් විදියක් තිබුණෙ නෑ. අපි දෙන්නම ළග ඒ කාලෙ මොබයිල් ෆෝන් තිබුණෙත් නෑ. අපි ටිකෙන් ටික දුරස් වුණා. දෙන්නටම දෙන්නව ටිකෙන් ටික අමතක වෙලා ගියා.

ඊළගට 2004 අවුරුද්දෙ දවසක ප්‍රසාද්ගෙ අයියා මාව හොයාගෙන අපේ නවාතැනට ආවා. ප්‍රසාද් මැරුණු ආරංචිය අරගෙනයි අයියා ආවෙ. මගේ ළඟ ප්‍රසාද්ගෙ පින්තූර වගයක් තිබුණා. අයියා ඇවිත් තිබුණෙ ඒ ටික මගෙන් ඉල්ලගෙන යන්න. ප්‍රසාද්ගෙ මරණයේ එක දවසින් අවසාන කටයුතු කළා. මම යාළුවො එක්ක මළගෙදර ගිහින් ආවා.”
ප්‍රභාෂිණිගේ නොදැනුවත් හිත මේ වනතුරුත් දැන සිටින්නේ ප්‍රසාද් ලෙඩවී දුර්වලව මියගිය බව විතරය. ජීවිතය එතැන් සිට රසකුත් නීරසකුත් නැති උදාසීන විලාසයකින් ඉදිරියට ගලා ගිය බව ඇය කියන්නීය.

”ප්‍රසාද් මැරිලා අවුරුද්දක් විතර ගියාට පස්සේ මට තද උණක් හැදුනා. වත්තල හොස්ටල් එකෙන් මාව බෙහෙත් ගන්න එක්කන් ගියා. මගේ ලේ පරීක්ෂණ පහක් කරන්න  ඕන කියලා ඒ දොස්තර මහත්තයා ලියලා දුන්නා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵල අරගෙන මාව කොළඹ ජාතික රෝහලේ STD ක්ලිනික් එකට යොමු කළා. ජීවිතේ හැමදේම කණපිට පෙරළෙන බව මම දැනගත්තේ ඒ ක්ලිනික් එකෙන්.. ඒ ක්ලිනික් එකේ දොස්තර මහත්තුරු තමයි මට කිව්වෙ ”ඔයාට ඒඞ්ස්” කියලා.”

ඒ කතාව අසාගෙන සිටිනා මටත් දැනෙන්නේ තිගැස්මකි. ඒ වැකිය අසන්නට ලැබෙන ජීවිතයක ඊළග මිනිත්තුවේ සිතුවිලි කෙබඳුදැයි කියවාගන්නට වුවමනාවෙන් මම ඇගේ දෑසට එබෙමි. අප අතර දිගු නිහැඬියාවකි.

”ඒඞ්ස් කියන්නෙ මොකක්ද කියලා මම දැනගෙන හිටියෙ නෑ. මම අහලා  තිබුණේ ඒඞ්ස් හැදුනම මැරෙනවා කියලා විතරයි. මම හිතුවා තව පැයකින් දෙකකින් මම මැරේවි කියලා. එතැන දොස්තර මහත්තුරු මගේ හිත තේරුම් අරගෙන හුගක් උපදෙස් දීලා මගේ හිත හදලා ආපහු මාව මේට්‍රන් එක්ක හොස්ටල් එකට පිටත් කරලා යැව්වා.

හොස්ටල් එකේ හැමදේම එතැන් පටන් සිද්ද වුණේ නපුරටමයි. මාව බලෙන් තල්ලූ කරලා තනි කාමරේකට ඇදලා දැම්මා. රස්සාවෙන් ඉල්ලා අස්වීමේ ලියුමක් දීලා මට ගෙදර යන්න බල කළා. මට කිව්වා ඒඞ්ස් හැදිච්ච බව ගෙදර ගිහින් කියන්න කියලා. ”

”මම ලියුම දීලා ගෙදර ගියා. කන්නෙ බොන්නෙ නැතුව අඬ අඬා ඉන්නකොට මගෙ අයියා මගෙන් ඇහුවා ඇයි ඔහොම ඉන්නෙ, මට කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. මට ඒඞ්ස් බව අයියට කටක් ඇරලා කියන්න සිද්ධවෙච්ච වෙලාවෙ මට මැරෙන්න හිතුණා. අයියා මාව දෙවිකෙනෙක් වගේ බලාගත්තා.”

වතුරට වඩා ලේ ගණකම් බව ප්‍රභාෂිණිට ඇගේ එක්කුස උපන් අයියා සපථ කර පෙන්වා තිබූ බවකි මට දැනුණේ. ලෙඩකුට වටිනාම දේ කරුණාවය.

”මෙහෙම ඉන්නකොට ආපහු අසනීප වැඩි වෙලා මාව හදිසියේ බලංගොඩ ඉස්පිරිතාලෙට ඇඞ්මිට් කළා. මම ඒඞ්ස් රෝගියෙක් බව වාර්තාවලින් දැනගෙන බලංගොඩ ඉස්පිරිතාලෙ නර්ස් නෝනලා ඒ ආරංචිය ගම පුරා ප්‍රචාරය කරලා යවලා තිබුණා. මාව කබලෙන් ළිපට වැටුණා වගේ. එදා ඉඳන් ගෙදරට නිර්නාමිකව ලියුම් ආවා. ගමේ කිසිකෙනෙක් අපේ ගේ ඉස්සරහින් ගමනක් යන්නවත් ආවෙනෑ. මුළු ගමම අපි එක්ක අමනාප වුණා. පවුලෙ කීපදෙනෙක් ඇරෙන්න අපට ගමේ කිසිකෙනෙක් හිටියේ නෑ.”

” ගමේ ඉන්න බැරි තැන මම අයිඞීඑච් ඉස්පිරිතාලෙට ආවා. එතැන දෙවියෙක් වගේ ඉන්න විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්තයා මට ආරක්ෂා වෙන්න එතැන දිගුකාලීනව ඉන්න හදලා දුන්නා. මම අයිඞීඑච් ඉස්පිරිතාලෙ අවුරුදු එකහමාරක් හිටියා. ඒකාලේ තමයි මට ප්‍රින්සි මිස් මුණගැහුණෙ. ප්‍රින්සි මංගලිකා කියන්නෙත් මහත්තයා නිසා ඒඞ්ස් බෝවුණු කෙනෙක්. එයා ඒඞ්ස් රෝගීන්ගේ ජීවිත යහපත් අතට ගේන්න ”පොසිටිව් වීමෙන්” නමින් සංවිධානයක් පිහිටුවලා තිබුණා. මම වගේ තවත් අය ඉන්නවා, ඒගොල්ලො උනන්දුවෙන් ලෝකෙට වැඩක් කරනවා කියලා මට තේරුණේ ප්‍රින්සි මිස් හම්බුණාට පස්සෙයි. මගෙ හිතේ තනිය, මගෙ හිතේ දුක මම ප්‍රින්සි මිස්ට කියලා හිත හදා ගත්තා.

”ජීවිතේ මම නොදැන හිටි ලොකුම රහසක් මට ප්‍රින්සි මිස් ළගදි හෙළිදරවු කරගන්න ලැබුණා. ප්‍රසාද් හොඳටම දැනගෙන ඉඳලා තියෙනවා එයා ඒඞ්ස් රෝගියෙක් බව. එහෙම දැන දැනයි එයා මාත් එක්ක සම්බන්ධකම් පවත්වලා තිබුණෙ. මැරෙන්න හුගක් කාලෙකට කලින් ඉඳලාම ප්‍රසාද්, ප්‍රින්සි මිස්ගේ ඒඞ්ස් රෝගීන්ට උපකාර කරන සංගමයේ සාමාජිකත්වය ලබාගෙන පිහිට ලබා තිබුණා. සංගමේ ලිපි ලේඛනවල ප්‍රසාද්ගේ නමත් ලිපිනයත් ලියලා තිබුණු හැටි මම දැක්කා”

එයා වගේම එයාගෙ දෙමාපියනුත් ඒ බව දැන දැනයි ඒක මගෙන් වසං කරලා තිබුණේ. හරිම වංචනික විදියට ඒගොල්ලෝ අහිංසක මාව රවට්ටලා. මට ජීවිතේ වැරදුනා. ඒකට හේතුව ගමෙන් ආපු මගේ තිබිච්ච නොදැනුවත්කම. ඉස්කෝලවල අපට ප්‍රජනන සෞඛ්‍ය පාඩම් උගන්නන්න ගුරුවරු ලැජ්ජා වුණා. උපත් පාලන කොපු කියන ජාතිය මම ජීවිතේට දැක්කේ මට ඒඞ්ස් හැදිලා ප්‍රින්සි මිස් ගාවට ආවට පස්සෙයි. මං වගේම ඒඞ්ස් වැළඳෙන මිනිස්සු වෙනුවෙන් මගේ උපරිම ශක්තියෙන් වැඩ කරන්න මම හිත හයිය කරගත්තා..” ප්‍රභාෂිණිගේ මුහුණට අර කතාව මුලදීම තිබුණු විදියේ එළියක් යළි වැටෙයි.

මා ඉදිරිපිට වාඩිවී ඈ හිනාවෙන්නේ – උණ හෙම්බිරිස්සාවටත් ජීවිතය කලකිරෙන මේ මට සරදමට දැයි සිතුවිල්ලක් මගේ හිතේ උපදී. ගතින් කුඩා වුණත් ඈ සිතෙන් යෝධ ගැහැනියකි. දැන් අහන්නට ඉතිරිව ඇත්තේ අහන්නට අමාරුම ප්‍රශ්නයයි. ”අනාගතේ ගැන මොනවද හිතෙන්න?” අසීරුවෙන් මම ඒ ප්‍රශ්නය නගමි.

”මට තාම අවුරුදු 37යි. ඒඞ්ස් හැදිලා අවුරුදු 13ක් වෙනවා. මැරෙන දවස ගැන මේ ලෝකෙ කවුරුවත් දන්නෙ නෑ. මාත් දන්නෙ නෑ. හැබැයි මම මැරෙනකල් ලස්සනට ඉන්නවා. මේ ලෙඬේ මගෙන් තව කෙනෙකුට බෝ නොවෙන්න පුළුවන් උපරිමයෙන් මහන්සි වෙනවා. මම වගේම මේකට ගොදුරු වෙච්ච තව 4100 ක් මිනිස්සු මේ රටේ ඉන්නවා. ඒ අයගේ හැගීම් දැනීම් ගැන මම දන්නවා. ඒ නිසාම ඒ අයටත් ජීවත්වෙන්න මම බලාපොරොත්තු ඇතිකරවනවා. මගේ කතාව මම ලෝකෙට කෑගහලා කියන්නෙ හැමෝටම පරිස්සම් වෙන්නයි.”

”ආණ්ඩුවෙන් නොමිලේ දෙන බෙහෙත් ටික බීලා පරිස්සම් වෙලා ඉන්න කෙනෙකුට ගොඩක් කල් හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඒඞ්ස් ගැන සැකයක් තියෙන  ඕනෑම කෙනකුට අපේ සංවිධානය නොමිලේ උදව්කරනවා. 0719184196 අංකයෙන් පොසිටිව් විමෙන් නෙට්වර්ක් අමතන්න කියලා ලියන්න..” ඇගෙන් ඉල්ලීමකි. ඇගේ ඉල්ලීම අහක දාන්නට සවියක් අපට නැත. ඒ, ලෝකයෙන් බැට කෑ නමුත් තවමත් ලෝකයට ආදරය කරන්නට තරම් ඈ ලොකු හදවතක හිමිකාරියක වන නිසාය.

සාවිත්‍රි විතානගේ
Make a Comment
Make a Comment






Recent Gossip Post




Poson Sandai - Chandrasena Hettiarachchi
Poson Sandai
Chandrasena Hettiarachchi
⤵  487 Downloads

Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  2,908 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  418 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  4,821 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  2,003 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  3,453 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,230 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  3,179 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  584 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  7,847 Downloads



Top 10 Commenters

Latest Comments

Top