"එයා සුවිසල් මන්දිරයක ජිවත් වෙද්දී මම මහපාරේ.."
"මට ගෙදර මග හැරුණු එක ගැන දුකයි.."
එංගලන්තයේ Arsenal පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වන Ainsley Maitland-Nilesගේ මව ප්‍රසිද්ධ ස්ථානයක කුඩා පෙට්ටි කාමරයක ජීවත් වන පුවතක් එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා. 38 හැවිරිදි Jule Niles නම් Ainsley Maitland-Nilesගේ මව මාධ්‍ය වෙත ප්‍රකශ කර සිටියේ සතියකට මිලියන 5කට අධික අදායමක් ලැබුවත් සිය පුතු තමන්ට සැලකීම ප්‍රතික්ෂේප කරන බවයි.
මව පවසන්නේ සුපිරි මන්දිරයක ජීවත්වන සිය පුතුට දැන් ඇති තරම් මුදල් තිබෙන බවයි.
" මගේ පුතාට හොදට සල්ලි තියෙනවා.. එයා සුවිසල් මන්දිරයක ජිවත් වෙද්දී මම මහපාරේ කුඩා තැනක ජිවත් වෙනවා. මට මේ පෙට්ටියේ ජිවත් වෙද්දී ගෙදර ජිවත් වෙන හැගීම දන්නේ නැහැ. උදේට නැගිටලා මුහුණකට සෝදලා දත් මදින විදිහ මට මතක් වෙනවා.. නාන කාමරයට යන්න.. කාමරේක නිදා ගන්න මට අවශ්‍යයි..ඒ දේවල් මට දැන් කරන්න වෙන්නේ නැහැ..මම මේ පෙට්ටියට කොටු වුනු නිසා..මට හැමදේම මග හැරිලා.. මට මගේ පවුල මග හැරිලා..මම දන්නවා මගේ පුතා මට කරන්නේ වරදක් කියලා.. මම එයාට ඒ බව කිව්වා.. නමුත් ඔහු මට ඇහුම්කන් දෙන්නේ නැහැ.. ඔහුට මතක නැතුව ඇති ඔහු කුඩා කාලයේ එයත් එයාගේ සහෝදරයාවත් තුරුළු කරගෙන අපි දුප්පත්කමින් ජිවත් වුනු විදිහ.. බඩගින්නේ ඉද්දි මම දෙන්නට කන්න දුන්නු විදිහ එයාට මතක නැතුව ඇති.. දැන් එයා මිලියන ගණනින් උපයනවා එයාගේ අම්මා මහපාරේ.. එයාට ඒ ගැන දුකක් නැතුව ඇති.."