Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
"මගේ තාත්තා සුදු ජාතිකයෙක්,අම්මා කළු කෙල්ලෙක්. මං දෙකටම නැති එකෙක්.." - මිය නොයන ගී හඩ බොබ් මාලේ කියයි

- "මගේ තාත්තා සුදු ජාතිකයෙක්,අම්මා කළු කෙල්ලෙක්. මං දෙකටම නැති එකෙක්.." - මිය නොයන ගී හඩ බොබ් මාලේ කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,124 Views
"බිරිද ඉද්දි වෙනත් ගැහැණු ආශ්‍රය කළා.."

"ඔහු නිසා ගැබ් ගත් ඇතැම් තරුණියන්ගේ දරුවන් හදාගත්තේ බිරිද.."

ජැමෙයිකානු ජනප්‍රිය සංගීතය වූ 'රැගේ 'සංගීතය ලොව පුරා ප්‍රසිද්ධ වුයේ "බොබි මාලේ" නිසාය. ඔහුගේ මෙම ගීත ශෛලිය නිසා ලොව පුරා කෝටි ප්‍රකෝටි තරුණ පිරිසක් ඔහු අනුගමනය කළහ. අමුතුම ආකාරයේ දිවි පෙවෙතක් ගත කළ බොබ් මාලේගේ අකල් මරණය වාවාගත නොහැකි ඇතැම් සංගීත ලෝලීන් සිරුරට ගිනි තබා ගත්හ.

ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හේතුව බොහෝ දෙනා නොදනිති. වැඩිදෙනෙක් සිතුවේ බටහිර ඇතැම් නායකයන් මෙන් ඔහු ද මතට ඇබ්බැහි වූ බවකි. එහෙත් ඒ ඇබ්බැහිකම ආගමික විශ්වාසය නිසා ඇතිවූවක් බව දන්නේ ඔහු ළඟින් ම ආශ්‍රය කළ කීපදෙනකු පමණි. මේ සියල්ල හෙළි වුයේ ඔහුගේ අකල් මරණයත් සමඟය.

අවුරුද 36 ක් තරම් අඩු වයසකදී සංගීත ලෝකයෙන් සමුගන්නට ඔහුට සිදුවුයේ ද ඒ ආගමික විශ්වාසය නිසා යැයි කීවොත් එය නිවැරදිය.

ජැමෙයිකාවේ උපත ලද නෙස්ටා රොබට් මාලේ පසු කලෙක ලොව පුරා ප්‍රසිද්ධ වුයේ බොබ් මාලේ ලෙස ය. ඔහුගේ පියා එංගලන්තයෙන් ජැමෙයිකාවට පැමිණි සුදු ජාතිකයන්ගෙන් පැවැත එන්නෙකි. මව අප්‍රිකාවේ - ජැමෙයිකාවේ කාන්තාවකි.

තමා අයිති කුමන වර්ගයකට ද යන්න බොබ් මාලේ ට කුඩා කල සිටම පැවති ප්‍රශ්නයකි.

“මගේ තාත්තා සුදු ජාතිකයෙක්. අම්මා කළු කෙල්ලෙක්. මං දෙකටම නැති එකෙක් විදිහටයි වැඩි දෙනෙක් කතා කළේ. මං කාගේවත් පැත්තකට නැහැ. මං ඉන්නේ දෙවියන් වහන්සේ ගේ පැත්තේ.” බොබ් මාලේ වරක් පවසා තිබිණි.

තම මිශ්‍ර සම්භවය හඳුනාගෙන තිබුණ ද මුළු ජිවිතය පුරාම සිය විශ්වාසයන් අනුව ඔහු තමා හැඳින්වූයේ කළු අප්‍රිකානුවකු ලෙසිනි.

වයස අවුරුදු 14 දී පාසලෙන් සමුගත් බොබ් මාලේ සංගීත දිවිය ආරම්භ කළේ නෙවිල් ලිව්ංස්ටන් නමැති මිතුරා හමුවීමත් සමඟය. ඉන් පසු වයස අවුරුදු 14 දී එවකට ජැමෙයිකාවේ ප්‍රසිද්ධ ගායකයකු වූ ජෝ හිග්ස් ගේ ඇසුරට වැටුණු බොබ් මාලේ සිය සංගීත දිවියේ මුල් අඩිතාලම දැම්මේය. ඔහු සිය ප්‍රථම ගීත දෙක පටිගත කළේ වයස අවුරුදු 17 දීය. 1963 දී ඔහු තවත් මිතුරන් පිරිසක් සමඟ සිය ප්‍රථම සංගීත කණ්ඩායම බිහි කළේය. වරින් වර නම් වෙනස් කරමින් ඉදිරියට ගෙන ආ ඒ සංගීත කණ්ඩායම අවසානයෙ  “ද වෙයිලර්ස්” නමින් ලොව පුරා සුපතළ විය. ඒ වන විට එහි ඉතිරිව සිටියේ බොබ් මාලේ සමඟ තවත් ගායකයන් දෙදෙනකු පමණි.

බොබ් මාලේ ට රීටා හමුවුයේ ඇය පදිංචි මුඩුක්කු ප්‍රදේශයක දීය. ජැමෙයිකාවේ ම උපන් ඇයත් බොබ් මාලේත් ආදරයෙන් බැඳී විවාහ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 21 කි. ඇයට 19 කි. රීටා ද කුඩා කල සිටම ගායනයට හපන්කම් දැක්වුවාය. පසුව ඇය වෙයිලර්ස් සංගීත කණ්ඩායමේ ගී ගැයීම ආරම්භ කළාය. විවාහයෙන් පසු දෙදෙනා එකල ඇමෙරිකාවේ පදිංචිව සිටි බොබ් මාලේගේ මව හා පදිංචියට ගියහ. ඇමෙරිකාවේ විසූ කෙටි කාලයේදී බොබ් මාලේ වෙනත් නමකින් රසායනාගාරයක ද සේවය කළේය.

යළිත් ජැමෙයිකාවට පැමිණි ඔවුන් දෙදෙනා ඉන්පසු ජීවත් වුයේ මුඩුක්කු ප්‍රදේශයකය. උපතින් ක්‍රිස්තියානියකු වූ බොබ් මාලේ ගේ ආගමික විශ්වාසය පරිවර්තනයකට ලක් වුයේ මේ අවදියේ දී ය.

රස්ටෆාරී යනු 1930 ගණන්වලදී ජැමෙයිකාවේ ක්‍රිස්තියානි සංස්කෘතියේ සම්මිශ්‍රණයක් ලෙස අලුතින් ඉස්මතු වූ ඒක දේවවාදී ආගමික ව්‍යාපාරයකි. බොබ් මාලේ ද වැඩි කලක් යෑමට පෙර රස්ටෆාරී මතධාරියකු බවට පත් විය.

බොබ් මාලේ නිසාම ලොව පුරා මේ විශ්වාසයනට නැඹුරු වූ පිරිස මිලියනයකට අධිකය. රස්ටෆාරී විශ්වාසයක් යනු බොහෝ දුරට එක්තරා පදනමකට අනුව ජීවත්වීමය. ඒ අනුගාමිකයෝ බොහෝ දුරට පරිසරය සමඟ වෙලී ජීවත් වූ අතර කෘත්‍රිම දේ ජීවිතයට වැද්ද නොගත්හ. බොබ් මාලේ ද මස් මාළු ආහාරයට නොගත් අතර තනිකරම එළවළු පමණක් ආහාරයට ගත්තේය.

1970 දශකය වෙද්දී බොබ් මාලේ සහ ඔහු ඇතුළු වෙයිලර්ස් කණ්ඩායම ලොව පුරා ජනප්‍රිය වූ සංගීත කණ්ඩායමක් බවට පත්විය. 1973 දී වෙයිලර්ස් ගේ පළමු ගී තැටි දෙක ජාත්‍යන්තරව ලොව පුරා සංගීත ලෝලීන් අතර උන්මාදයක් බවට පත්වුයේ මේ අවදියේ දීය. ඉතා දිළිඳු ජනයා ඇසුරු කරමින් ඉතා කුඩා නිවාසවල කල් ගත කරමින් සිටි බොබ් මාලේ අත යහමින් මුදල් ගැවසෙන්නට පටන් ගත්තේ ද මේ කාලයේ දීය.

ලොව පුරා ප්‍රසිද්ධ වූ වෙයිලර්ස් කණ්ඩායමට ලෝකයේ නන් දෙසින් සංගීත සංදර්ශන සඳහා ආරාධනා ලැබෙන්නට විය. වෙයිලර්ස් සංගීත කණ්ඩායම ලොව වටා යද්දී රීටා මාලේ ගෙදරට වී දයාබර මවක මෙන් බොබ් මාලේ ගේ දරුවන් බලා කියා ගත්තාය. ඇය සැබැවින්ම ආදරබර බිරියක් වුවාය. බොබ් මාලේ ගේ ජනප්‍රියත්වය උදෙසා ඔහුගේ කළමනාකරු නිතරම බොබ් මාලේ හැඳින්වුයේ තනිකඩයකු ලෙසිනි. මේ නිසාත් ඔහුගේ ජනප්‍රියත්වය නිසාත් ඔහු වටා තරුණියෝ ගැවසුණහ. බොබ් මාලේද ප්‍රසිද්ධියේ ම වෙනත් කාන්තාවන් ඇසුරු කළේය. ඔහු නිසා ගැබ් ගත් ඇතැම් තරුණියන්ගේ දරුවන් ද ඊටා මාලේ තම දරුවන් ලෙස සලකා හදා වඩා ගත්තාය.

කෙතරම් ප්‍රශ්න ආවත් ඊටා කිසි දිනෙක බොබ් මාලේ අතැර නොගියාය. ඔවුන්ට මුදල් නොතිබු යුගයේ විදුලි බලය හා ජල පහසුකම් නොතිබු නිවෙසේ සිටිමින් ඇය ඔහුගේ එකම ඇඳුම දිනපතා සෝදා පිරිසිදු කළාය. ඔහුගේ ගී තැටි පාපැදියේ පිටුපස තබා බැඳගෙන විකිණීමට ගෙන ගියාය. වෙන මොනවා නැති වුණත් ඇය සංගීතයෙන් සතුටු වුවාය. බොබ් ගේ ගායනය, වාදනය හා සංගීත නිර්මාණ හඳුනාගෙන ඔහුගේ දියුණුව ට අත දුන්නාය.

බොබ් මාලේ ට සිය දරුවන් ලෙස පිළිගත් දරුවෝ දොළොස් දෙනෙක් වුහ. ඉන් සිවු දෙනෙක් රීටාගේ ය. අනෙක් දරුවෝ ඔහු ඇසුරු කළ වෙනත් කාන්තාවන් ගේය. රීටා ඒ සෑම දරුවකුම ආදරයෙන් හදා වඩා ගත්තාය.

සංගීත කණ්ඩායමෙන් වෙන් වූ බොබ් 1975 දී ගායනා කළ “නෝ වුමන් නෝ ක්‍රයි” ගීතය සති හතරෙන් ලෝක ප්‍රසිද්ධියට පත්විය. මේ අතරේදී 1976 දී ජැමෙයිකාවේ පැවැත් වූ මහා සංගීත සංදර්ශනයකට සැරසෙමින් සිටියදී බොබ් මාලේ, බිරිය රීටා සහ කළමනාකරු නිවෙස තුළදීම වෙඩි ප්‍රහාරයකට ලක් වූහ. ඉන් ඔවුහු තුවාල ලැබුව ද දිවි ගලවා ගැනීමට සමත් වුහ. බොබ් ඉන් දෙදිනකට පසු සංගීත සංදර්ශනයක් පැවැත්විය.

ඉන්පසු රටින් පිට වූ බොබ් මාලේ තවත් රටවල් කීපයක සංචාරය කර වසර දෙකක් පමණ තමාම රටින් පිටුවහල්ව එංගලන්තයේ වාසය කළේය. මේ අවදියේ දී ඔහු තව තවත් ගී ඇල්බම් නිකුත් කිරීමට සමත් විය.

1977 වසර බොබ්ට එතරම් සුබදායක වසරක් නොවීය. ඔහු එවක සිටියේ යුරෝපා සංචාරයකට සුදානම් වෙමිනි. සංගීතඥායකු මෙන්ම පාපන්දු ක්‍රීඩාවට ද ආශාවක් දැක්වු බොබ් මිතුරන් සමඟ පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටියදී ඔහුගේ මාපටැඟිල්ල තුවාල විය. මේ තුවාලය එතරම් ගණන් නොගැනීම නිසා ඔඩුදිවීමට වැඩි කාලයක් ගත නොවීය. ප්‍රතිකාර ලෙස ශල්‍ය කර්මයක් කළ යුතු වුවත් ආගමික ඇදහිලි නිසා බොබ් ඊට අකමැති වූයේ ය. එහෙත් පසුව කළ ශල්‍ය කර්මයෙන් තුවාලය තරමක් ගුණදායක විය.

මේ අවදිය වෙද්දී ඔහු තදින් මරිජුවානා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටියේය. එයට හේතුව වුයේ ද ඔහුගේ ආගමික ඇදහීම් ය. ඔවුන් ඇදහුයේ මරිජුවානා ඉරීම ශුද්ධ වූ ආගමික චාරිත්‍රයක් ලෙස ය. බොබ් මාලේ නිසා එකල මරිජුවානා ඉරීමට ඇබ්බැහි වූ පිරිස ද අති මහත් ය.

මාපටඟිල්ලේ තුවාලයෙන් ඇති වූ සෞඛ්‍ය පිරිහීම නිසා බොබ් මාලේ ඉන්පසු නිතරම සිටියේ අසනීප ගතියෙනි.

ඔහුගේ වෛද්‍ය වාර්තා කවදාවත් ප්‍රසිද්ධ නොවූ අතර වරක් ඔහු නිව්යෝර්ක් හිදී සංදර්ශන වේදිකාව මතදීම ඇදගෙන වැටිණි. තවත් දිනෙක උදෑසන ව්‍යායාම් කරද්දී ඇද වැටිණි. මේ සියලු අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් මධ්‍යයේ ඔහු 1980 දී සිය ලෝක සංචාරය ආරම්භ කළේය.

ඇමෙරිකාවේි දී ඉතා සාර්ථක සංගීත සංදර්ශනයක් නිමාකර ජර්මනිය කරා පැමිණි විට බොබ් මාලේ ට සිය සෞඛ්‍ය තත්ත්වය ඉතා දැඩි ලෙස පිරිහී ඇති බවක් වැටහිණි. ඒ අනුව හමු වූ වෛද්‍යවරයා පැවසුවේ බොබ් මාලේ ගේ ආයු කාලය තව සති 3 ක් පමණ වන බවයි. මාපැටඟිල්ලෙන් හටගත් තුවාලය මේ වන විට පිළිකාවක් බවට පත් වී ශරීරය පුරාම ඔඩුදුවා තිබිණ. ඒ සමඟම සිය සංචාරය අතරමඟ නවතා දැමු බොබ් පිළිකාව සඳහා ප්‍රතිකාර පටන් ගත්තේ ද සිය ආගමික ඇඳහිලිවලට අනුගත වෙමිනි. එහෙත් ඒ වන විටත් ඔහු පමා වුවා වැඩිය. මේ නිසා ඔහු කළේ වහාම සිය මවුරට බලා පිටත් වීමය.

ඒ 1981 මැයි මස 11 වැනිදාය. ජර්මනියේ සිට ජැමෙයිකාව බලා යන අතරමඟදී මියාමි හීදි ඔහු බරපතල ලෙස අසනීප විය. මියාමිහි දී රෝහල් ගත කළ බොබ් ජීවිතයෙන් සමුගත්තේ සිය මව, බිරිය සහ වැඩිමල් පුත් සිගී ද ළඟ සිටියදීය.

ඔහු අවසන් වරට කතා කළේ පුතුට ය. “ජීවිතය සල්ලිවලට ගන්න බෑ.” ඒ ඔහුගේ අවසන් වචන විය. බොබ් මාලේ ගේ අවසන් කටයුතු ජැමෙයිකාවේදී පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරුණු අතර එයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වුහ.

තෙවැනි ලෝකයේ රටවල පළමු පොප් ගායකයා වූ බොබ් මාලේ ජැමෙයිකානු 'රැගේ' සංගීතය ලෝකයට ගෙන ගියේය. ඔහුගේ හඬින් මෙන් ම පද රචනා ද ලොව පුරා සංගීත ලෝලීන් මුසපත් කළ අතර බොහෝ දෙනා ඔහු සම කළේ බීට්ල්ස් ගායක ජෝන් ලෙනන් ට පමණි. 2001 දී ග්‍රෑමි සම්මාන උලෙළේ දී බොබ් මාලේ ජීවිත කාලය පුරාම එක්වරක් පිදෙන සම්මානයෙන් උපහාර ලැබීය. මොහු මියගොස් වසර තුනකට පසු නිකුත් වු ඔහුගේ “ලෙජන්ඩ්” නම් වූ ගී තැටිය ලොවු පුරා පිටපත් මිලයන 20කට වැඩියෙන් අලෙවි විය.
ලොව පුරා ස්වදේශී ගෝත්‍රික ජනතාව අතර බොබ් මාලේ ගේ ගී සහ ඔහු ගෙන ගිය පණිවුඩය තවමත් රැව්පිළිරැව් දෙයි.

“බොබ් මාලේ කියන්නේ විශේෂ පුද්ගලයෙක්. ඔහු සිය ජීවිත කාලයේදී කළ දේ කවදාවත් මැකී යන්නේ නෑ. ඔහුට මුළු ලෝකයක් සසල කිරීමේ හැකියාවක් තිබුණා.” බොබ් ගේ බිරිය රීටා ඔහු ගැන පවසන්නේ එලෙසිනි.
 
සේමාලි කැල්ලපත


Make a Comment
Make a Comment






Recent Gossip Post




Dan Wenas Wela - Seejith Akurassage
Dan Wenas Wela
Seejith Akurassage
⤵  5,904 Downloads

Plastic Malak - Prazanna Karunajeewa (Sachin)
Plastic Malak
Prazanna Karunajeewa (Sachin)
⤵  302 Downloads

Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  3,821 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  1,243 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  1,679 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  791 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  3,608 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  3,193 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,944 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,897 Downloads



Top 10 Commenters

Latest Comments

Top