Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
'මුලින්ම ඉත්තෝ 10 ම එකපාර දානවා දැක්‌කම පුදුම හිතුණා' කැරම් ක්‍රීඩාවෙන් නමක් හදාගත් සුරූපී තරුණිය 'රොශීටා' ඒ ගැන කියන කතාව - Photos

- 'මුලින්ම ඉත්තෝ 10 ම එකපාර දානවා දැක්‌කම පුදුම හිතුණා' කැරම් ක්‍රීඩාවෙන් නමක් හදාගත් සුරූපී තරුණිය 'රොශීටා' ඒ ගැන කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,768 Views
ලංකාවේ 6 වතාවක්‌ ජාතික කැරම් ශූරිය..

"පොඩිකාලේ ආසාවක්‌ තිබුණා ගුවන් සේවිකාවක්‌ වෙන්න"

"මගේ ක්‍රීඩාව තේරුම් ගත්ත කෙනෙක්‌ සමග මම විවාහ වෙයි"

50 වැනි වරටත් පැවැති ස්‌වර්ණ ජයන්ති ජාතික කැරම් ශූරතාවේ මෙවර ශූරිය වුණේ නාවික හමුදාවේ ජෝසප් රොශීටායි.

මේ වන විට 26 හැවිරිදි ඇය මෙම හපන්කම කළේ 6 වැනි වරට වී තිබීම විශේෂත්වයක්‌.

කොළඹ ඉපිද සියළු සාන්තුවරුන්ගෙ කන්‍යාරාමයෙන් අද්‍යාපනය හැදෑරූ ඇය අම්මා අක්කා සමග දිවි ගෙවන්නේය.


ජෝසප් රොශීටා පිළිබඳව සති අන්ත පුවත්පතක මෙලෙස විස්තර කර තිබුණා.

කොහොමද මේ කැරම් වලට යොමු වුණේ?
පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී තමයි මුලින්ම කැරම් ක්‍රීඩා කළේ.

එතකොට වයස?
14 යි.

කවුද යොමු කළේ?
කවුරුත් කිව්වේ නෑ. මට ආස හිතිලා ගියා. ඊට පස්‌සේ ලසන්ත රණතුංග සර් යටතේ තමයි මුලින්ම කැරම් හැදෑරුවේ.

ඒ කාලේ හිතුවද මේ තත්ත්වෙට එන්න ලැබෙයි කියලා?
අපෝ නෑ. කවදාවත් හිතුවේ නෑ.

ගෙදරින් එපා කිව්වේ නැද්ද?
අම්මා නම් මුලින් එපා කිව්වා විභාග නිසා. ඒත් පස්‌සේ ප්‍රශ්නයක්‌ වුණේ නෑ.

කැරම්වලට ක්‍රීඩිකාවන්ගේ යොමුවීම දැන් කොහොමද?
ඉස්‌සරට වඩා ගොඩක්‌ ක්‍රීඩාවන්වල කාන්තා සහභාගීත්වය අඩුවෙලා තියෙන්නේ. කැරම්වලත් ඒ තත්ත්වේ තියෙනවා.

ජෝසප් රොශීටා කැරම් ක්‍රීඩිකාවක්‌ නොවුණා නම්?
පොඩිකාලේ ආසාවක්‌ තිබුණා ගුවන් සේවිකාවක්‌ වෙන්න.

ලංකාවේ 6 වතාවක්‌ ජාතික කැරම් ශූරිය ඔබ?
ඒ ගැන ගොඩක්‌ සතුටුයි. උත්සාහයයි කැපවීමයි නිසා තමයි ඒ තත්ත්වෙට එන්න පුළුවන් වුණේ.

එකපාර රෙඩ් එක්‌ක ඉත්තෝ 10 ම දාන්න කොයිවගේ හැකියාවක්‌ද තියෙන්නේ?
මුලින්ම ඉත්තෝ 10 ම එකපාර දානවා දැක්‌කම පුදුම හිතුණා. ඒත් දැන් දවසට එකපාරක්‌ වගේ එහෙම ස්‌ලෑම් අවස්‌ථාවකට යන්න පුළුවන්.

මේ වෙනකොට ලොකුම අභියෝගයක්‌ දෙන ක්‍රීඩිකාව?
දැන් ගොඩක්‌ දක්‌ෂ අය ඉන්නවා. හැම කෙනෙක්‌ම ලොකු අභියෝගයක්‌.

විදෙස්‌ සංචාර කීයක්‌ විතර ගිහින් තියෙනවද?
දෙකක්‌

කැරම් නිසා ජීවිතයට ලැබුණු හොඳම තෑග්ග?
මට කැරම් නිසා ලැබුණු හොඳම තෑග්ග තමයි සතුට

විවේකයක්‌ ලැබුණාම මොකද කරන්නේ?
විවේකයක්‌ ලැබුණත් කැරම් ගහන එක කරන්නේ.

ලංකාවේ කැරම් ක්‍රීඩිකාවන්ට ලෝකයේ තියෙන්නේ කොයිවගේ පිළිගැනීමක්‌ද?
සමස්‌ත ශ්‍රී ලංකාවේ කැරම්වලට ලෝකයේ හොඳ පිළිගැනීමක්‌ තියෙනවා.

දවසකට පැය කීයක්‌ විතර ප්‍රැක්‌ටිස්‌ කරනවාද?
දවසකට පැය 4 ක්‌ 5 ක්‌ විතර

කැරම් ක්‍රීඩා කරද්දී ඉවසීම කොයිතරම් දුරට තියෙන්න ඕනෙද?
ඉවසීම සියයට සියයක්‌ තියෙන්න ඕනේ. ඒ වගේම නිවැරදි ක්‌ෂණික තීරණ ගැනීමත් ගොඩක්‌ වැදගත් වෙනවා.

යුගල ක්‍රීඩා කරද්දි කවුද සහයකයා?
කාලෙන් කාලෙට වෙනස්‌වෙනවා.

අක්‌කත් එක්‌කත් යුගල ක්‍රීඩා කළා නේද?
අක්‌කා ජෝසප් දිල්කා. මුලින් එයත් එකක්‌ තමයි යුගල ක්‍රීඩා කළේ.

අක්‌කාගෙ සහය දැන් ලැබෙන්නේ නැද්ද?
නෑ. එයා දැන් විදෙස්‌ගතවෙලා ඉන්නේ.

කැරම් හැර කැමැති වෙනත් ක්‍රීඩා?
ක්‍රිකට්‌

කවදාහරි විවාහ වෙන කෙනා කැරම් නවත්වන්න කිව්වොත්?
මං ගොඩක්‌ මූලිකත්වය දුන්නේ කැරම්වලට. මගේ ක්‍රීඩාව තේරුම් ගත්ත කෙනෙක්‌ සමග මම විවාහ වෙයි.

ගයාශාන් විතානආරච්චි

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,223 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,608 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,087 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,062 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  25,985 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  207,952 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  2,989 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,307 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,128 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top