නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසකට අද මදුරන්කුලිය ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත වන ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට එහි සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු විසිනුයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.
පොලිසියට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පොහොය දිනයේ මත්පැන් අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වැටලීමට ගිය නිලධාරීන් පිරිසකටයි මෙසේ පහරදීම සිදුකර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් එම මත්පැන් අලෙවි කරන ස්ථානයේ හිමිකාරිය සහ ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.