ඇමරිකාවේ උටා ප්‍රාන්තයේ පාසැලක 35 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරියක් මෙලෙස චෝදනාවට ලක්ව ඇත්තේ ඇය යටතේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සහ 17 හැවිරිදි සිසුන් දෙදෙනෙකු අපයෝජනයට ලක්කිරීම සම්බන්ධවයි.
ඇයගේ නිවසේදී මෙන්ම පාසැලේ දී මෙම සිසුන් වරින් වර ගුරුවරිය විසින් අපයෝජනයට ලක් කර ඇති අතර අධිකරණයේදී සාක්ෂි ලබාදුන් සිසුන් ඇයගේ සිරුරේ පච්ච කොටා ඇති ස්ථාන පිළිබඳව නිවැරදි ලෙස සාක්ෂි පවා ලබා දී ඇත.
මුලින්ම 16 හැවිරිදි සිසුවාගේ පැමිණිල්ල විභාග වී ඇති අතර ඒ අතර තුර 17 හැවිරිදි සිසුවාගේ මිත්තණියද අදලා ගුරුවරියට විරුද්ධව පැමිණිල්ලක් කර ඇත්තේ තවත් සිසුවෙක් ඇය අතින් අපයෝජනය වී ඇති බවට සැක පලකරමින්ය.
17 හැවිරිදි සිසුවා තමන් විසින් ගුරුවරිය සමඟ ලිංගික ඇසුරක් පවත්වන බවට ඔහුගේ මිතුරියක්ට ප්‍රකාශ කොට ඇති ඇය එම තොරතුර පිළිබඳ ඔහුගේ මිත්තණිට ප්‍රකාශ කිරීම නිසා ඇයද පැමිණිල්ලක් කොට ඇත.