පසුගිය සතියේ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ Florida ප්‍රාන්තයේ Parkland පාසලක සිදු වූ වෙඩි තැබීම ගැනයි. සිසුන් 17ට මරු කැදවූ එම සිද්ධියේදී බරපතල ලෙස සිසුන් 14ක් හා ගුරුවරුන් තුවාල ලැබුවා. මේ සිදුවීම හේතුවෙන් ලෝක බලවතා වූ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ අවධානයත් යොමු වුණා.
ඔහු ධවල මන්දිරයට එම පාසලේ සිසුන් හා ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද කැදවා ඔවුන් සමග ඊයේ දුක බෙදා ගත්තා. මෙම අවස්ථාවට ට්‍රම්ප් සම්බන්ධ වුණේ ධවල මන්දිරය ( White House ) ලෙස සදහන් වූ කොළයක ඔහුට කතා කිරීමට අවශ්‍ය කරුණු කෙටියෙන් සටහන් කරගනිමිනුයි.
සගවාගෙන සිටි එම සටහන් සහිත කොළය පැපරාසි කැමරා කාචවල සටහන් වූ නිසා මෙම සිදුවීම හා එම සටහනේ අවසානයෙන් සටහන් වී තිබුණු "I HEAR YOU" යන වාක්‍ය පිළිබදව මේ වන විට කතාබහට ලක් වෙලා. ජනාධිපතිවරයෙක් සාමාන්‍ය ළමුන් සමග කතා කිරීමටත් සටහන් කර ගැනීම සිනහවට කරුණක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ.