Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
21
“මම ඉන්නකම්, එකම කණ්ඩායමක් දිගටම දකින්න ලැබෙන්නේ නැහැ” යලි වසන්තය ගෙනා හතුරු කල වෙනස්කම් හෙළි කරයි

- “මම ඉන්නකම්, එකම කණ්ඩායමක් දිගටම දකින්න ලැබෙන්නේ නැහැ” යලි වසන්තය ගෙනා හතුරු කල වෙනස්කම් හෙළි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31 Views
තිසරගේ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජන අරන් නෑ

මීළඟ පරීක්‍ෂණය තරමක් අසීරු එකක්

එක සංචාරයකි. තුන් ආකාරයක තරගාවලි තුනක්ම එහි වූයේය. තරගාවලි තුනම ජයග්‍රහණයෙන් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් තමන්ගේ පළමු පැවරුමේදීම එවන් සාර්ථකත්වයක් ගෙන ආ චන්දික හතුරුසිංහ මහතාගෙන් ඊටත් වඩා දෙයක් ඉල්ලා සිටීමට නුපුළුවන. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් එය ඔහුගේ ගමනට කදිම ආරම්භයක් වනු ඇත.

බංග්ලාදේශයේදී ලබාගත් ජයග්‍රහණ වලින් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හතුරුසිංහ කියා සිටියේ මනා සන්නිවේදනය, නම්‍යශීලීතාව උපක්‍රමයක් ලෙසින් භාවිතා කිරීම මෙන්ම නිදහස් වාතාවරණය මෙම ජයග්‍රහණ සඳහා පාදක වූ බවයි. 

“සංචාරයේ පළමු තරග දෙක පරාජය වුණත්, අපි දැනගෙන හිටියා අපට නැවතත් දස්කම් අතරට එන්න පුළුවන් කියලා. පළමු තරග දෙකේදී ඒගොල්ලන් හොඳින් ක්‍රීඩා කළා තමයි. ඒ වෙලාවේ අපි ඒක පාවිච්චි කළේ තත්ත්වයට හුරුවෙන්න”

“ඒ එක්කම අපේ උපක්‍රම කිහිපයකුත් වැරදුණා. ඒත් අපි ඊළඟ තරග වලදී ඒවා හදාගත්තා” යයිද හතුරුසිංහ මහතා පැවසීය. 

හතුරුසිංහ මහතා කීවේ ක්‍රීඩකයන්ට ලැබුණු නිදහස් වාතාවරණය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා වැඩියෙන්ම බලපෑ සාධකය බවයි. පුහුණු කාර්ය මණ්ඩලයෙන්ද ඔවුන් ඉතාමත් හොඳ සහයෝගයක් ලැබිණ. 

“ඔවුන්ගේ ප්‍රශ්න ගැන අපි විශේෂ අවධානයක් යොමුකළා. ඒවා ගැන කතා කළා. ඔවුන්ගේ අදහස් ගත්තා. අපේ අරමුණ වුණේ ප්‍රතිඵලය ගැන හිත කරදර කරගන්නේ නැතිව, නිදහසේ ක්‍රීඩා කරන්න ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන එකයි” 

හතුරුසිංහ මහතාගේ මෙම තර්ක සාධාරණ බව ලබාගත් ප්‍රතිපල වලින් පෙනෙන්නට තිබේ. තරගාවලියේ අවසන් කොටසේදී බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් පෙන්වන ලද ආත්ම විශ්වාසය කෙතරම්ද යන්න කාලයක් යනතුරු ආපසු හැරී බැලීමට තරම් වටී. හතුරුසිංහගේ අදහස් ක්‍රීඩකයන් විසින් කොයිතරම් දුරට ඉදිරියට ගෙනැවිත් ඇතිද යන්නටත් එය කදිම සාක්ෂියකි. 

තුවාල ලැබීම නිසා තරගාවලිය අතර මැදදී ශ්‍රී ලංකාවට පැමිණි නායක ඇන්ජලෝ මැතිව්ස් සිනාසෙමින් කීවේ හතුරුසිංහගේ ආගමනය “ගෝල පිරිසත් සමග ගැලවුම්කාරයාණන් නැවත පැමිණීමක්” බවයි. කලකට ඉහතදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වූ චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායම හැරදා ගියේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිටින නිලධාරීන් ඔහුට හතුරුකම් කළ බැවිනි. 

පාදයේ ආබාධයකට ලක්වීම නිසා ඇන්ජලෝ මැතිව්ස් නැවතත් සියරා ආ අවස්ථාවේදී කණ්ඩායමට නායකත්වය දුන් දිනේෂ් චන්දිමාල් කීවේ ක්‍රීඩකයන් පිරිස හුදෙක් කණ්ඩායමක් ලෙසින් නොව එක පවුලක් ලෙසින් ක්‍රීඩා කළ බවයි. හතුරුසිංහගේ නියෝග සහ නියමයන් හොඳින් ක්‍රියාත්මක වන බව චන්දිමාල්ගේ ප්‍රකාශයෙන් තවත් පැහැදිළි වෙයි. 

“මම මෙතැන ඉන්නකම්, මා හිතන්නේ නෑ ඔබ එකම කණ්ඩායමක් දිගින් දිගටම දකීවි කියලා”

“දස්කම් පෙන්වන ක්‍රීඩකයන් නිරන්තරයෙන් කණ්ඩායමේ රැඳී සිටීවි. ඒත් අපි හැම වෙලාවෙම බලන්නේ තරගයක් ජයග්‍රහණය කරා ගෙනගිය හැකි ක්‍රීඩක මිශ්‍රණය මොකක්ද කියන එක ගැනයි. ඒ කියන්නේ ඊළඟ අවුරුදු දෙකේදී අපි ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන් 11 දෙනකුගෙන් විතරක් නෙමේ කියන එකයි” යයිද හතුරුසිංහ මහතා පැවසීය. 

“එකිනෙකට වෙනස් රටවල් එක්ක තරග කිරීමේදී වෙනස් වෙනස් ස්ථාන සඳහා යොදා ගැනීමට අපට විශාල ක්‍රීඩක සංචිතයක් ඕනා. ඒත් එක රඳා තියෙන්නේ ඒ ඒ ක්‍රීඩකයන්ගේ හැකියාවන් සහ ශක්තිය මතයි.....සෑම ක්‍රීඩකයකුටම සාධාරණ අවස්ථාවක් හිමිවෙනවා විතරක් නෙමේ කණ්ඩායම තේරීමේදී තම තමන්ට හිමිවන තැන කොතැනද කියන එක පිළිබඳවත් සෑම ක්‍රීඩකයකුම වැටහීමක් ලැබෙනවා” යයිද හතුරුසිංහ මහතා තවදුරටත් පැහැදිළි කළේය. 

මෙම නව ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දියහැකි හොඳම නිදර්ශනය නම් ජීවන් මෙන්ඩිස් යොදාගත් ආකාරයයි. වසර හතරකට පසුව නැවතත් ජාතික කණ්ඩායමට කැඳවන ලද ජීවන් මෙන්ඩිස් සිය පළමු වැනි විස්සයි-20 තරග දෙකේදීම කඩුලු 3 ක් දවාගත්තේය. එයින් දෙකක් පළමු තරගයේ පළමු ඕවරයේදීම විය. 

“එයාගේ දස්කම් මොනවාද කියන්න අපි දන්නවා. එයාගේ මෑත කාලීන දේශීය තරගවල දස්කම් එක්ක අපි එයාව කැඳෙව්වා. එයාගේ ජාතියේ ක්‍රීඩකයෙක් අපට ඕනෑ වෙලා තිබුණා” යයි ජීවන් මෙන්ඩිස් සම්බන්ධයෙන් හතුරුසිංහ මහතා පැවසීය. 

“ඒත් ඒක ප්‍රතිවාදියා කවුරුන්ද කියන එක මතත්, තරගය පැවැත්වෙන තත්ත්වය වගේම අපට ඒ වෙලාවේ කරන්න ඕන දේ මොකක්ද කියන එක මතත් රඳාපවතිනවා.....එතැන තියෙන වැදගත්ම දේ තමයි කණ්ඩායමත් එක්ක තියෙන නම්‍යශීලීතාව. අපි ඒ ගැන ක්‍රීඩකයන්ට කියලා දීලා තියෙනවා. ඒ නිසා ඒ හැමෝම දන්නවා තම තමන්ගේ කාර්යය මොකක්ද කියන එක. අපි ඉදිරියට යන්න යන්නේ එහෙම තමා” යයිද හතුරුසිංහ මහතා වැඩිදුරටත් පැහැදිළි කළේය. 

හතුරුසිංහගේ ගුරුහරුකම් වලින් වඩාත්ම ප්‍රයෝජන ලබාගත් ක්‍රීඩකයකු ඇත්නම් ඒ තිසර පෙරේරාය. තවමත් 28 හැවිරිදි වියේ සිටින තිසර පෙරේරා බොහෝ විට හඳුන්වන ලද්සේ හැකියාවන් රැසක් පොදිබැඳගත් නමුත් ඒ කිසිවකින් නිසි ප්‍රයෝජනයක් නොගන්නා අයකු ලෙසිනි. එහෙත් බංග්ලාදේශයේදී ඔහු තමන්ගේ නියම හැකියාවෙන් බිඳක් ගෙනහැර දැක්වීය. 

බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරග පහේදී පිතිකරුවකු වශයෙන් ලකුණු 44.66 ක සාමාන්‍යයක් රඳවාගත් මේ ජවය පිරි වමත්කාරයා ලකුණු 134 ක් ලබාගත්තේ 154 ක ප්‍රවේගයක් (ප්‍රහාරාත්මක වේගයක් හෙවත් පන්දු 100 කදී ලබාගන්න ලකුණු සංඛ්‍යාව) රඳවාගනිමිනි. ඒ අතරවාරයේදී කඩුලු 5 කුත් දවාගත් තිසර පෙරේරා තමන්ගේ හොඳම කොටස විස්සයි-20 තරගාවලියට ඉතිරිකර ගත්තේය.

විස්සයි-20 තරග දෙකේදී නොදැවී 39 ක් සහ ලකුණු 31 ක් ලබාගත් තිසර බංග්ලාදේශ පන්දු යවන්නන්ට සටනක් දීමට තිබූ අන්තිම සැලැස්මත් කීතු කීතු කර ඉරා දැමීය. 

“තිසර නැවතත් ජාතික කණ්ඩායමට එක්වෙලා ඉන්නේ තරමක කාලයකට පස්සේ. ඒ නිසා එයාගේ කාර්යභාරය කුමක් විය යුතුද කියලා අපි එයාට කතා කළා. එයාගේ පුහුණු සැලසුම් පවා අපි වෙනස් කළා”

“අපි හැමෝම දන්නවා එයා කොයිතරම් දක්‍ෂයෙක්ද කියලා. ඒත් ඒකෙන් උපරිම ප්‍රයෝජන අරන් නෑ. ඒත් එයා කොයිතරම් දක්‍ෂයෙක්ද කියලා අපිට දැන් පේනවා. මා හිතන්නේ එයාට තවත් දියුණුවෙන්න පුළුවන් විතරක් නෙමේ, තවදුරටත් විශාල දෙයක් දෙන්න පුළුවන්. ඒත් ඒ හැම දෙයක්ම රඳාපවතින්නේ එයාට ලැබෙන අවස්ථාව අනුවයි” යයිද හතුරුසිංහ මහතා පැවසීය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ පරීක්‍ෂණය තරමක් අසීරු එකකි. ඒ නිදහස් කුසලාන තරගාවලියයි. එහිදී ශ්‍රී ලංකා පිලට මුණගැසෙන්නේ පහර කෑ බංග්ලාදේශ පිලත් මේ වන විට ඉතා ඉහළින් පියාසර කරමින් සිටින ඉන්දියානු කණ්ඩායමත්ය. 

මේ වන විට විස්සයි-20 ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 3 හිමි ඉන්දීය කණ්ඩායම ජොහැන්නස්බර්ග් නුවරදීම දකුණු අප්‍රිකානුවන් ලකුණු 28 කින් පරාජය කරමින් විස්සයි-20 තරගාවලියේ පෙරමුණ ගෙන සිටී. කණ්ඩායමේ හැකියාවන් සම්බන්ධයෙන් අදහස් දක්වන නමුත් හතුරුසිංහ මහතා තරග ප්‍රතිඵල පිළිබඳ වැඩිදුර අදහස් දැක්වීමට පැකිළෙයි. 

“නිසැක වශයෙන්ම අපට වඩාත් හොඳ කණ්ඩායම් එක්ක කරට කර තරග කරන්න පුළුවන්. ඒත් ප්‍රතිඵල ගැන සහතිකයක් දෙන්න බෑ. ඒ ගැන අපට කියන්න පුළුවන් එක දෙයයි...පුහුණුවෙන හැම වෙලාවකම වඩාත් හොඳ තත්ත්වයකට එන්න අපි උත්සාහ කරනවා කියන එකයි”

“අපට අපේ හැකියාවල තරමට ක්‍රීඩා කරන්න පුළුවන් නම් මට ඒ ඇති. මොකද අපි අපේ හැකියාවලට අනුව ක්‍රීඩා කරන තරමට අපට දිනන්න අවස්ථාව වැඩියි” යයිද හතුරුසිංහ මහතා කීවේය. 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top