කුසල් මෙන්ඩිස් බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලියේදී සහ විස්සයි විස්ස තරගාවලියේදී සුපිරි දක්ෂතා ප්‍රකට කරන්නට සමත්වුනා.
විස්සයි විස්ස තරගාවලියේ වීරයා බවට පත්වුනේද කුසල් මෙන්ඩිස්. කුසල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගත බලාපොරාත්තුව ලෙසයි සැලකෙන්නේ.
මේ කුසල් මෙන්ඩිස් සමග කල සාකච්චාවක්,
ඔබ විස්සයි විස්ස තරගාවලියේදී ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කලා,ඒක මොන වගේ අභියෝගයක්ද?
එක මට ලොකු ප්‍රශ්නයක් වුනේ නැහැ, අංක 3 පිතිකරුවා ලෙස ඉඳලා ආරම්භක පිතිකරුවා වුණ එක ලොකු වෙනසක් නෙමෙයි.මම සිම්බාබ්වේ සමග තරගයේදී ඉනිම ආරම්භ කළා. ඒ වගේමයි මම මගේ ක්‍රීඩා සමාජයටත් ආරම්භක පිතිකරුවා ලෙස සේවය කළා.
ඔබ නැවතත් සුපුරුදු රිද්මයට ආවේ කොහමද?
කණ්ඩායමේ මගේ තැන නැති වුනාට පස්සේ, පහුගිය මාසයේදී මම ගොඩක් මහන්සි වුනා, නැවතත් සුපුරුදු රිද්මයට එන්න. ක්‍රීඩා සමාජයේ පුහුණුකරුවෝ මට ගොඩක් උදව් කළා.
චන්දික හතුරුසිංහ පුහුණුකරුධුරය භාරගත්තට පස්සේ ඔබව යලි ශ්‍රී ලංකා සංචිතයට නම් කළා, ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මම ගොඩක් පුහුණුවීම් කළා, මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා පුහුණුකරු චන්දික හතුරුසිංහට ඔහු මගේ දුර්වලතා හදුනාගත්තා වගේම මානසිකව මට ලොකු ශක්තියක් ලබාදුන්නා. පිතිකරණයේදී තිලාන් සමරවීර පිතිකරණ පුහුණුකරුවා ලෙස මට ගොඩක් උදව් කලා.
ඒ පිලිබදව තවදුරටත් පැහැදිලි කලොත්?
හතුරුසිංහ සහ සමරවීර යන පුහුණුකරුවන් මම ගැන විශේෂයෙන් අවධානය යොමු කළා, මට පෞද්ගලිකව කතා කළා, පිටිය මැද්දේ කොහොමද මානසික තත්වය හදාගන්නේ කියන දේ පැහැදිලි කරලා දුන්නා.
ලෝක ප්‍රකට විස්තර විචාරකයෝ ඔබගේ පන්දුවට පහරදීමේ විලාශය ගැන ඉහලින් කථා කළා, ඔබගේ විශිෂ්ට පහරවල් ගැන ඔවුන් වර්ණනා කළා, ඔවුන් ඔබව විරාත් කෝලි වැනි විශිෂ්ටයින් සමග සමතැන් තියලා කතා කළා. ඒ ගැන මොකද හිතෙන්නේ?