ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
අද(18) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය මෙය වන අතර දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.
අද තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු කණ්ඩායමට කැඳවා තිබෙනවා.
අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම.
දිනේෂ් චන්දිමාල් (නායක), අමිල අපොන්සු , උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, අකිල ධනංජය, ෂෙහාන් මධුසංක, ඉසුරු උදාන.