කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී දෙදරු මවක් තියුණු ආයුධයකින් පහර දී ඝතනය කොට තිබියදී ඊයේ(14) සවස සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය පවසනවා.
මිය ගිය දෙදරු මව වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි බාස්කරන් නිරේෂා වන අතර ඇය මිය ගොස් සිටියේ ඇයගේම නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේදීයි.
මිය ගිය කාන්තාවගේ සැමියා සමග පසුගිය කාලයේ නිතර ආරවුල් සිදුව ඇති බවටත් එම ආරවුල් සැමියාගේ අනියම් පෙමක් නිසා සිදු වූ හෙයින් සැමියා විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා තිබෙනවා.