Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
15
"මම ආදරේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තේ ඒ ආදරෙන්.." - පැතුම් රුක්ෂාන්

- "මම ආදරේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තේ ඒ ආදරෙන්.." - පැතුම් රුක්ෂාන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,020 Views
"ටික දවසකින් ආයෙත් තව ගෑනු ළමයෙක්ට අර වගේම ලියුමක් ලිව්වා..."

"මට වඩා බාල වයසේ පොඩි කෙල්ලෙක්ට මම මුලින්ම ආදරේ කළා..."

පැතුම් රුක්ෂාන් කියන්නේ මේ යුගයේ ඉන්න අහිංසකම පෙම්වතා. නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙන ඔහුට වැඩිපුරම ආදරේ කරන්නේ තරුණියන්. නිරුපන ශිල්පියෙක් විදිහට කලාවට අවතීර්ණ වූ ඔහු ගැන තොරතුරු පුවත්පතක සදහන් වූ අයුරුයි මේ.

පුංචි කාලේ තිබුණු හීනය මොකක්ද...?
පුංචි කාලේ මගේ ලොකු හීනයක් තිබුණා. ඒ තමයි නළුවෙක් වෙන්න. මම පුංචි කාලේ ඉඳන් හරියට හින්දි ෆිල්ම්ස් බලනවා. ඉස්සර මට මතකයි මම සුනිල් ෂෙට්ටි වගේ ඇවිදිනවලු. ඉතින් ගෙදර කට්ටිය මට “ෂෙට්ටි කියද්දීත් පුංචි කාලේ මම හරි ආසයි. ඉතින් එහෙම තිබුණු උණත් එක්ක මම O/Lවලට A/Lවලට නාට්‍යකරණය එහෙමත් ඉගෙන ගත්තා. කොහොම හරි අන්තිමට මගේ ඒ හීනය හැබෑ කරගන්නත් මට පුළුවන් වුණා.

මුල්ම පෙම්වතා වුණේ පාසැල් යන කාලේදීම ද...?
ඔව්... මට හරියටම පන්තියනම් මතක නෑ. හැබැයි මට මතක හැටියට එතකොට මම හිටියේ අට වසර - නවය වසර පන්තිවලයි. ඉතින් මට වඩා බාල වයසේ පොඩි කෙල්ලෙක්ට මම මුලින්ම ආදරේ කළා.

කොහොමද ඒ ප්‍රේමය...?
ඒ කාලේ ඒක එච්චර ගාණක් නැහැ. ආදරේ කියන්නේ හරියටම තේරෙන වයසකුත් නෙමෙයිනේ. ඉතින් මට මතකයි මම ඒ ගෑනු ළමයා දිහා බලනවා. එයා මම දිහා බලනවා. ඉතින්... මම මගේ යාළුවන්ටත් කියනවා ඒ තමයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. හැබැයි ඉතින් ඒ කාලේ නොතේරෙන වයසට ජොලියට කරපු දේවල් තමයි ඒ.

මතකද ඒ ගෑනු ළමයට මුලින් දීපු දේ...?
මට මතක හැටියට මම ඒ ගෑනු ළමයට මුලින්ම ලේන්සුවක් දුන්නා. මගේ සමහර යාළුවෝ කිව්වා “ලේන්සු දෙන්න එපා. තරහා වෙයි කියලා. හැබැයි මට ඒක ගාණක් වුණේ නෑ. මම එයාට ඒ ලේන්සුව දුන්නා. තව මම ඒ ලේන්සුවත් එක්ක චොක්ලට් එකකුත් දුන්නා. ගෑනු ළමයි හරි ආසයිනේ චොකලට් කන්නත්.

ලියුම් එහෙම ලිව්වේ නැද්ද...?
මොකද නැත්තේ... අද වගේ ඒ කාලේ ෆෝන් නැහැනේ. අද හැම දෙයක්ම කතා කරන්නේ එස්.එම්.එස්. වලින්නේ. හැබැයි ඒ කාලේ එහෙම නැහැ. ඒ කාලේ ලියුවෙම ලියුම්. ඒකත් කොළය පිරෙන්න ලියන්නෙත් සින්දු කෑලියි. ඉස්කෝලේ පොත්වල හරි කැතට අකුරු ලිව්වට කෙල්ලන්ට ලියන අකුරු හරි ලස්සනට බෝල වගේ ලියලා දෙනවා. සමහරදාට ලියුම් ලියලා ලියුමට සෙන්ට් ටිකක් ගහලා සුවඳ කරලත් දෙනවා. ඉතින් ඉස්සර ආදර ලියුම් ගොඩාක් ලියලා තියෙනවා.

ඒ ආදරේට මොකද වුණේ...?
මම මුලදීත් කිව්වනේ... ඒක මේ නොතේරෙන වයසේ ඇති වුණු ආදරයක් කියලා. ඉතින්... ටික දවසකින් ඒ ආදරේ නැතිවුණා. හැබැයි ආදරේ නැති වුණා කියලා ලොකු දුකක් ඇති වුණේ නෑ. ගාණක් තිබුණෙත් නෑ. ටික දවසකින් ආයෙත් තව ගෑනු ළමයෙක්ට අර වගේම ලියුමක් ලිව්වා.

හිතට දැනුණු ආදරය මතක් කළොත්...?
A/L කරන ගමන් මම සැලෝන් කළා. ඔය කාලේදී තමයි මට ඇය හමුවුණේ. ඒ ආදරේ නම් ඇත්තටම මගේ හිතට තදින්ම දැණුනා. මම එයාට අවංකවම ආදරය කළා. එයත් මට අවංකවම ආදරේ කරන්නත් ඇති. අපි අවුරුදු තුනක් ආදරේ කළා. අන්තිමට ඒ ආදරයටත් නැවතීමේ තිත තියන්න සිද්ධ වුණා. අද එයා විවාහ වෙලා ඉන්නේ. මම ආදරේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තේ ඒ ආදරෙන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  26,803 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  67,837 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,858 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,222 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,556 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,541 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,671 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,908 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,420 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,605 Downloads



Top 10 Commenters

Latest Comments

Top