Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
තනිකම පාළුව මකාගන්න සැමියාගේ මිතුරෙකු සමග අනියම් පෙමක පැටළුනු වාසනාට අත්වූ අවාසනාවන්ත ඉරණම - Video

- තනිකම පාළුව මකාගන්න සැමියාගේ මිතුරෙකු සමග අනියම් පෙමක පැටළුනු වාසනාට අත්වූ අවාසනාවන්ත ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,658 Views
"රස දේවල්වල රස බලන්න ඕනේ කවුරුත් නැති වෙලාවක ඇවිල්ලා"
"අපි මේ උපුල් අයියට කරන්නේ ලොකු වැරැද්දක් අයියේ"
"එතනදි තමයි මගේ ජීවිතයේ වැරදුනු තැන"

ජීවිතය කියන්නේ හරිම අපූරු නවාතැන්පොළක්. මේ තාවකාලික නවාතැන්පොළේදි හැඟුම් ගණුදෙනු වගේම මුදල් ගණුදෙනුත් සිදුවෙනවා.

අපි යමක් ගත්තොත් ඒක ආපහු දිය යුතුමයි. ඒක සොබාදහමේ වගේම සංස්කෘතියෙත් නීතියක්.

මේ ගණුදෙනු ඇතුළේ විශ්වාසය තියෙනවා , ආදරය තියෙනවා , බෑඳීම් තියෙනවා. හැබැයි මුදල් ගණුදෙනු අතරේ වටිනාකම් , ආදරය , විශ්වාසය වෙනුවට තියෙන්නේ මිලදී ගැනීමේ වටිනාකමක් විතරයි.

මේ සියළු ගණුදෙනු මිනිසුන් පාවිච්චි කරනවා. මුදල් ගණුදෙනු වෙනුවට හැඟුම් ගණුදෙනු කළ තවත් පුපුරුගහන නපුරු මතකයක් ඉතිරිවුණු කතාවක් තමයි මේ.

ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 17 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

මේ කතාවත් එහෙම අවාසනාවන්ත වූ වාසනා කෙනෙක් ගැනයි.

වාසනාගේ වාසනාවන්ත කාලේ ගෙවුනේ ගමේදියි. ගමේදී ඇයට හුඟක් සුන්දර මතක තිබුණා. ජීවිතේ ඉරිතැලෙන්න පටන්ගත්තට පසුව සුන්දරයි කියලා ඉතිරිවුණේ අන්න ඒ මතක විතරයි.

කොළඹින් ඈත ප්‍රදේශයක ජීවත්වුණු වාසනාට හිටියේ අම්මයි තාත්තයි අක්කයි විතරයි. අක්කා විවාහ වෙලා වෙනම පදිංචිව සිටියා. ඊට පසුව ගෙදර ඉතිරිවුණේ වාසනා විතරයි.

ඇය උසස් අධ්‍යාපනය කරන්න කියලා හිතාගෙන පාසල් ජීවිතය නතරකරලා පංතියන්න පටන්ගත්තා.

ඔය අතරතුරදි ගමේ හිටිය උපුල් කියලා අයියා කෙනෙක් එක්ක ආදර සබඳතාවයකුත් ඇය පටන්ගන්නවා.

ඒ ආදර කතාවට දෙමව්පියන් විරුද්ධ වෙනවා. ඒ උපුල්ගේ පියා වාසනාගේ පියාගේ හතුරෙකු වූ නිසයි.

නමුත් කොච්චර බාධක තිබුණත් මේ සම්බන්ධය නවත්වන්න දෙන්නට කැමතිවුණේ නැහැ. හොරෙන් හොරෙන් හමුවුණු මේ දෙන්නා පාළු රබර් වත්තකත් හමුවෙන්න පටන්ගන්නවා.

ඔය අතර තුර කවුරුත් නැති පාළු නිවසක ලිංගිකවත් එකතුවෙන්න දෙදෙනාම පෙළඹෙනවා. පසුව පවුල්වල ප්‍රශ්ණ නිසාම මේ දෙන්නා හොරෙන්ම විවාහ වෙන්න තීරණය කරනවා.

විවාහ වෙලා පදිංචි වෙන්නෙත් උපුල්ගේ ගෙදරමයි. ඒ වෙනකොටත් උපුල්ට රැකියාවක් තිබුනේ නැහැ. පසුව සුගත් කියලා මිතුරෙක් උපුල්ට රස්සාවක් හොයලා දෙනවා. ඒ මොණරාගල පැත්තේ.

රස්සාව නිසා උපුල්ට ගෙදර එන්න වුණේ සති අන්තයේ විතරයි. ඔය අතරතුර සුගතුත් මේ වාසනා හිටපු නිවසට ආවා ගියා.

සුගත් වාසනාට විශේෂත්වයක් දැක්වුවා. පසුව ඒ විශේෂත්වය ආදරයක් බවට පත්වුණා.

ඊටත් පස්සේ වාසනායි සුගතුයි දෙන්නට දෙන්නා අනියම් ආදරයක පැටලෙන්න ගන්නවා.

ඔහොම කාලයක් යනකොට උපුල්ට රස්සාව නැතිවෙලා ගෙදර නවතිනවා.

පසුව සුගත් වාසනාව රස්සාවකට යවන්න කියලා උපුල්ට යෝජනා කරනවා. එහෙම කියලා සුගත් වාසනාව එක්කන් යන්නේ හෝටලයකටයි.

එතනදි වාසනාව තවත් මනුස්යෙකු අතින් දූෂණය වෙනවා. පසුව සුගත් වාසනාව ඒ මනුස්සයාව මුදලට විකුණලා කියලා වාසනා දැනගන්නවා.

පසුව සුගත් දිගට දිගට වාසනාව නොයෙක් පුද්ගලයන්ට විකුණන්න ගන්නවා.

අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

වාසනාගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  991 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,830 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  994 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  402 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,207 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,648 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,921 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,341,363 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,556,103 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,446 Downloads



Top 10 Commenters

Latest Comments

Top