Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
14
වෛද්‍යවරයා තම පෙම්වතියට මත්පැන් පොවා යහළුවන් සමග පෙම්වතියව සමුහ දුෂණය කරලා

- වෛද්‍යවරයා තම පෙම්වතියට මත්පැන් පොවා යහළුවන් සමග පෙම්වතියව සමුහ දුෂණය කරලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
"පෙම්වතියට බලහත්කාරයෙන් ගංජා හා අරක්කු පොවලා.."

"අනිත් සැකකරු ප්‍රමුඛ පෙළේ ඉංජිනේරුවෙක්.."

කොළඹ නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක සහ කොළඹ හමුදා රෝහලේ වෛද්‍යවරයෙකු අතර පැවති පෙම් සබඳතාවයක් බිඳීමෙන් පසු ඇයගෙන් පලිගැනීමේ අටියෙන් හයදෙනෙකුගේ පිරිස් යොදවා තැන් හතරකදී ඇයට සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් නිසා මේ වනවිට සැකකාර වෛද්‍ය කපිතාන් මුතුවාඩින්ගේ දිනේෂ් පෙරේරා (37)ත් යුදහමුදා රෝහලේ අධ්‍යක්ෂවරයාගේ රියදුරු කෝප්‍රල් ශාන්ත ගාමිණි (32) යන අයත් වෛද්‍යවරයාගේ මිතුරෙකු බව කියන ප්‍රමුඛ පෙළේ ඉංජිනේරුවෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෛද්‍යවරයා යුද හමුදා රෝහලේ සේවය කරන අතර නාරාහේන්පිට පුද්ගලික රෝහලක චැනලින් සේවාව සඳහා සම්බන්ධවෙමින් සිටි අයෙකි. ඔහු එම රෝහලට යන එන අතර තමන් අවිවාහකයකු බව අඟවමින් මෙම රූමත් හෙදිය සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව ඇයට ඔහු විවාහකයෙකු බව හෙළිවීමෙන් පසුව මෙම සම්බන්ධය නතර කර තිබේ.

සැකකාර වෛද්‍යවරයා විවාහක දෙදරු පියෙකු වූ අතර සිය වැඩිදුර අධ්‍යාපනය සඳහා වසර දෙකකට විදෙස් ගතව ඇත්තේ පවුලේ අය සමගයි. මෙම කාලයේ හෙදියට ඔහු විවාහක බව නිශ්චිතවම හඳුනාගන්නට ලැබී ඇති අතර නැවත ඔහු ලංකාවට පැමිණ හෙදියට චාටු බස් පවසද්දී සත්‍යය හෙළීවූ බව දන්වා ඇය ඔහුව ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ ගැන උරණවූ වෛද්‍යවරයා ‘මං උඹට කට්ටිය දම්මලා කරවන්නම්‘ යනුවෙන් ඇයට තර්ජනය කර තිබෙන අතර පළිගැනීමේ චේතනාවෙන් ඇයට නිට්ටඹුව ප්‍රදේශයේ නිවසකදීත්,

නුගේගොඩ යුද හමුදා නිලධාරීන්ගේ නිවස්නයේදීත්, මොරටුවේදීත් ,මීගමුවේදීත් විවිධ පිරිස් ගෙන්වා  සමූහ දූෂණයකට ලක්කර ඇතැයි වාර්තාවේ.

ඇයගේ පවුලේ අය මරණ බවට තර්ජනය කරමින් සැකකාර වෛද්‍යවරයා විසින් පැමිණිලිකාරිය මෙලෙස වරින්වර රැගෙන ගොස් ඇයට මත්පැන් ගංජා ආදිය ලබාදී මත් කර පිරිස් යොදවා දූෂණයට ලක් කර තිබෙන අතරම එම අවස්ථා සිය ජංගම දුරකතනය මගින් විඩියෝ සහ ඡායාරූප ගත කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

පසුව එම ඡායාරූප පැමිණිලිකාරිය සේවය කරන පෞද්ගලික රෝහලේ පොදු ඊමේල් ලිපිනය වෙත යවා ඇත්තේ ‘මෙන්න බලාගන්න ඔයාලගෙ නර්ස්ගෙ වැඩ‘ යනුවෙන් ශීර්ෂයක්ද යොදමිනි.

මේ හේතුවෙන් පැමිණිලිකාරිය මහත් අපකීර්තියට හා අපහසුතාවයට ලක්ව තිබෙන අතර සිද්ධිය නාරාහේන්පිට පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර තිබේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා හා එයට සම්බන්ධ හමුදා රොහලේ අධ්‍යක්ෂකගේ රියදුරු  හමුදා රෝහලේදී අත්අඩංගුවට පත්වූ අතර සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයාගේ මිතුරු ඉංජිනේරුවා  මොරටුව කුලී නිවසකදීත් අත්අඩංගුවට පත්ව ඇත.

 අධිකරණ නියෝග මත කළ සෝදිසි මෙහෙයුමේදී පළමුවැනි සැකකරු සන්තකයේ තිබූ අදාළ විඩියෝ දර්ශන සහ ඡායාරූප ඇතුළත් ජංගම දුරකතනය අත්අඩංගුවට ගත් බවත් එය නඩු භාණ්ඩ වශයෙන් නම් කරන බවත් පොලිසිය සඳහන් කර තිබේ. පැමිණිලිකාරිය ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.

 මෙම සැකකරුවන්  ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවත් බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය (ගංජා සහ අරක්කු) පොවා සිහි විකල් කොට මරණ බවට තර්ජනය කර මෙම ලිංගික අතවරය කර ඇති බවත්, පසුව සැකකරු සමග පැමිණි තවත් පුද්ගලයකුට මෙන්ම තවත් අවස්ථා කිහිපයකදී තවත් පුද්ගලයන් තිදෙනකු ද ඇතුළු රංචු ගැසී බරපතළ ස්ත්‍රී දූෂණයක් සිදුකර ඇති බවටත් කරුණු අනාවරණය වන බව පොලිසිය අධිකරණයේදී කරුණු වාර්තා කරන ලදි.

පොලිසියෙන් අත්අඩංගුව වෛද්‍යවරයා, ඉංජිනේරුවා හා රියැදුරු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top