අපිට අපේ ජීවිතයට ආදරය ලැබෙන විදි ගොඩක් තියනවා, අපි මේ ලෝකෙට අපු මොහාතේ ඉදන් හැමදාම අම්මගේ ආදරේ ලැබෙනවා.
ඒ වගේමයි තාත්තගේ රැකවරණය තමයි අපේ ජීවිතේ හරි මගට යොමු කරවූ ආදරය. ගෙදරින් එලියට ආපු අපි තනියෙන් වැඩ කරද්දී යාලුවන්ගේ ආදරේ පුදුම හයියක් වුනා.
පාසලෙන් අපිට ලෝකේ දිනන්න මග පෙන්නපු ගුරුවරුන්ගේ ආදරේ තමයි අපිට වාසනාව ගෙන්න ඉවහල් වුනේ.
එහෙම ගෙවුණු අපේ ජීවිතේ දෙවැනි ඉනිම සාර්ථක කරගන්න ලැබුණු සදාකාලික ආදරේ තමයි මගේ අනාගතය.
ඒ සියලු ආදරයන් තවත් ලංවන දිනය අදයි. ඒ හැම ආදරයක්ම සැබෑ ආදරයන් සමරන විදිහයි මේ.