Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
"මට ගොඩක් ආදරේ ලැබෙනවා.." කාවින්ද්‍යා මේ පාර වැලන්ටයින් සමරන හැටි කියයි - Exclusive - Photos

- "මට ගොඩක් ආදරේ ලැබෙනවා.." කාවින්ද්‍යා මේ පාර වැලන්ටයින් සමරන හැටි කියයි - Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,128 Views
"ඒ තෑගි මට විශේෂයි. මොකද මට ආදරේ නිසානේ එවන්නේ.."

"මම ගැන හොඳටම දන්නේ එයා..කිසිම දෙයක් එයාට හංන්නේ නැහැ.."

"දෙපාරක් හිතන්නේ නැහැ අයින් වෙනවා.."

රංගනයට ගායනයට වගේම නිවේදනයට දක්ෂ ඇයට කලාව කියන්නේ ඕපපාතිකයක් නෙමෙයි. විවිධ දේ එක්ක නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙන ඇය කාවින්ද්‍යා අධිකාරි. හැමදාම ආදරේ ගැන අඩුවෙන් කතා කරලා නිර්මාණ ගැන වැඩියෙන් කතා කරන කාවින්ද්‍යාගෙන් ආදරේ ගැන අහන්න හිතුණේ අද (14)පෙම්වතුන්ගේ දිනය නිසයි. ඇයට විතරක් නෙමෙයි හැම යුවතියක්ම වගේම තරුණයෙක් අද දවස ගැන වැඩිපුර හිතනවා. ඒ පෙම්වතුන්ගේ දිනයට ආදරණීයයන්ගෙන් ලැබෙන විශේෂත්වය නිසා. කාවින්ද්‍යාත් ආදරේ ගැන වගේම පෙම්වතුන්ගේ දිනය ගැන කතා කළේ මේ විදිහටයි.

කාවින්ද්‍යාට මෙවර වැලන්ටයින් දිනය විශේෂයි කියලා ආරංචියි..අද දවසත් විශේෂ වෙයි නේද..?
ඇත්තටම කිව්වොත් මට අද දවස එහෙම විශේෂ දවසක් නෙමෙයි. වැලන්ටයින් සමරන්න කියලා තවම විශේෂ කෙනෙක් හම්බෙලත් නැහැ. ඒ නිසා හැමදාම මේ දවස මම සමරුවේ මට ගොඩක් ආදරේ කරන අම්මයි මල්ලියි එක්ක තමයි. අදත් එහෙමයි. ඒ දෙන්නා තමයි මට විශේෂ.

මිට කලින් විශේෂ කෙනෙක් එක්ක කාවින්ද්‍යා වැලන්ටයින් සමරලා නැහැ කිව්වොත් බොරුවක් නේද..?
මම නම් වැලන්ටයින් සමරලා නැහැ විශේෂ කෙනෙක් එක්ක.

එතකොට ඒ දවසට තෑගි ලැබිලත් නැද්ද.. ඔබ තෑගී හුවමාරු කරගෙනත් නැද්ද..?
මම තෑගි දීලා නැහැ. නමුත් මට නම් ඕන තරම් තෑගි ලැබිලා තියෙනවා. ඒ තෑගී අතරේ වැඩිපුරම තිබුණේ රෝස මල්. ඒ හැම තෑග්ගක්ම මට ලැබුණේ මට ආදරේ කරන රසිකයින්ගෙන්. ඒ තෑගි මට විශේෂයි. මොකද මට ආදරේ නිසානේ එවන්නේ.

විශේෂ කෙනෙක් එක්ක ආදරේ බෙදා ගන්න හිත ලෑස්ති නැහැ කිව්වාට මේ දවස්වල අලුත් ආදරයක පැටලිලා කියනවා.."
එහෙම නැහැ. මම හිතනවා විශේෂ කෙනෙක් එක්ක ආදරේ බෙදා ගන්න තව කාලය තියෙනවා කියලා. මට තවම වයස අවුරුදු 22යි.

විශේෂ කෙනෙක්ට කැමති වෙලා ඒ ආදරේ අම්මට නොකියා ඉදලා තියෙනවද..? එහෙම නැති නම් අම්මා අකමැති නිසා ආදරේට තිත තියලා තියෙනවද..?
මම හැමදෙයක්ම අම්මට කියනවා. නොකියන දෙයක් ඇත්තටම නැහැ. මගෙන් ආදරේ ඉල්ලලා මමත් ආදරේ කළොත් ඊට කලින් මම අම්මට කියනවා. මම හිතනවා මට ඒ ආදරේ ගලපුනොත් අම්මා අකමැති වෙන එකක් නැහැ කියලා. හැමෝටම වඩා දරුවන් ගැන හිතන්නේ අම්මලා. හැමෝටම වඩා දරුවන් ගැන දන්නෙත් අම්මලා. මම ගැන හොදටම දන්න කෙනා තමයි මගේ අම්මි. ඉතින් මම කිසිම දෙයක් එයාට හංගන්නේ නැහැ.

කාවින්ද්‍යා ආදරේ කරන පෙම්වතාට අම්මා විරුද්ධ වුණොත් ඔබ මොකද කරන්නේ. පෙම්වතාවද තෝරා ගන්නේ අම්මාවද..?
මම තෝරා ගන්නේ අම්මාව. මම ආදරේ කරන කෙනෙකුට අම්මා අකමැති වුණොත් දෙපාරක් හිතන්නේ නැහැ මම ඒ සම්බන්ධයට අකමැති වෙනවා. හෝ ඒ සම්බන්ධය අතහරිනවා.

කාවින්ද්‍යා පෙම්වතා හෝ සහකරු කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කෙනෙක්වද..?
මට ගොඩක් ආදරේ කරන කෙනෙක්ව තමයි මට වැදගත් වෙන්නේ. ඒ වගේම මගේ කලාකටයුතුවලට නිදහස දෙන කෙනෙක් වෙන්නත් ඕන. ඒ හැමදේකටම මට උදව් කරන කෙනෙක් හිටියොත් මට නිදහසේ කලාකටයුතු කරගන්න පුළුවන්. ඒ නිසා ඒ සුදුසුකම් තියෙන්න ඕන.

මුලින්ම ඔබට තරුණයෙක් ආදරෙයි කිව්වේ..?
මට අවුරුදු 17ක් විතර තියෙද්දී. මම හරිම ලැජ්ජාශීලි කෙනෙක්. ඒ නිසා ඒ වචන ඇහෙනවත් එක්කම ලැජ්ජාවෙන් ඇඹරිලා එතනින් දුවලා ගිහින් හැංගුනා.

ඔබ පෙම්වතියක් වෙද්දී මල්ලිගේ ප්‍රතිචාර කොහොමද..?
එයා තවම පුංචියිනේ. ඒ නිසා එයා බලන්නේ එයත් එක්කත් විනෝද වෙලා ඉන්න කෙනෙක් මට ආදරේ කරනවට. මම ආදරේ කරන කෙනෙක් මාව රිදෙව්වොත් නම් මල්ලි එයාව මරන්න වුණත් බැරිකමක් නැහැ. මොකද එයා ඒ තරමටම මට ආදරෙයි.

කලවයස හරි විවාහ වෙන්න කියලා අම්මා ඔබට මනමාලයෙක් හොයලා දුන්නොත්..?
අම්මා හොයලා දුන්නොත් කෙනෙක්ව එයා හොදද කියලා බලනවා. මම අකමැති කෙනෙක්ට අම්මා විවාහ වෙන්න කියලා බලකරන්නෙත් නැති වෙයි.

හර්ෂණී වීරරත්න


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  991 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,832 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  994 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  402 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,207 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,648 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,921 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,341,366 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,556,109 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,446 Downloads



Top 10 Commenters

Latest Comments

Top