Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
ලසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ් - Video (Update)

- ලසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ් - Video (Update)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,749 Views
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ප්‍රසන්න නානායක්කාර ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

මෙම ඝාතන සිද්ධියට අදාළ කරුණු වසන් කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනුනා.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවූ කාලයේ ගල්කිස්ස ප්‍රදේශය භාරව, බස්නාහිර දකුණ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මොහු කටයුතු කර  තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ඇතුළු හිටපු උසස් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවේ පසුගිය 03 වනදායි.

ඊයේ (13) අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ද මෙලෙස විදෙස් ගමන් තහනම පැනවූ තුන්දෙනා අතරට ඇතුලත්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නගෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කර තිබුණා.

එමෙන්ම මෙම ඝාතනයට අදාලව සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල පසුගිය 01 වනදා අත්අඩංගුවට ගැණුනු අතර ඔහු අනිද්දා(16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8 වන දින ගල්කිස්ස - අත්තිඩිය ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ මෝටර් රථයකින් සිය කාර්යාලයට යමින් සිටයිදීයි.



--------------------------
ලසන්ත ඝාතන සිද්ධියට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගනී

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඊයේ (13) රාත්‍රි කාලයේයි

මෙම සිද්ධියට අදාළව කරුණු වසන් කිරීම මොහුට විරුද්ධව ඇති චෝදනාවයි.

ඔහු අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 08 වන දින ගල්කිස්ස - අත්තිඩිය ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ මෝටර් රථයකින් සිය කාර්යාලයට යමින් සිටයිදීයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  29,757 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  67,895 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,872 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,262 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,564 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,550 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,675 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,918 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,424 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,612 Downloads



Top 10 Commenters

Latest Comments

Top